අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියාව කඩුළු 06කින් දිනුම්… කෝලි සහ රාහුල්  ශ්‍රී ලංකා පිතිකරුවන්ට අධ්‍යයනය කළ හැකි පාඩමක් කියා දුන්නා ද?…

by editor
ඔක්තෝබර් 8, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉන්දියානු කණ්ඩායම මොනතරම් ස්ථාවර කණ්ඩායමක් දැයි යළිත් පෙන්වා දුන්නේය.  ඔස්ට්‍රේලියානුවන් සමග චෙන්නායිවල පැවති තරගය  මෙතෙක් පැවති තරග රිද්මය වෙනස් කළේය. එම තරගය පෙර පැවති තරග මෙන්  පිතිකරුවන්ට පහසු එකක් වූයේ නැත.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියාවය. ඔවුහු මුලින් පන්දුවට පහර දෙන්නට තීන්දු කළහ.

ග්ලෙන් මැක්ස්වෙල් තියුණු ලෙස දඟ කැවුන කුල්දීප් යාදේව් ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අයුරු…

එහෙත් ඒ තීරණය සපුරා වැරදි බව  ඉන්දියානු පන්දු යවන්නෝ පෙන්වා දුන්හ. ඔවුහු ඔස්ට්‍රේලියානු ඉනිම සුන් කළහ. පන්දු ඕවර 49.3 ක දී ඔස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තු නොවූ ලෙස ලකුණු 199කට දැවී ගියහ.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුනු 41කි. ස්ටීවන් ස්මිත් ලකුණු 46කි. මිචෙල් ස්ටාක් කෙළවරින් පැමිණ ලකුණු 28ක් ගැහුවේය. මානස් ලබුස්චග්න් ලකුණු 27කි. අනෙක් සියලු දෙනා ලකුණු 15ට අඩුවෙන් දැවී ගියහ.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28කට කඩුළු 03ක්, කුල්දීප් යාදේව් ලකුණු 42ට කඩුළු 02ක්, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 35ට කඩුළු 02ක් ලැබූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

199 පහසු ඉලක්කයක් සේ සිතුන බව සැබෑය. නමුත් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මුල් ඕවර 02 දීම ඉන්දියාව හොල්ලා දැම්මේය.  රෝහිත් ෂර්මා ලකුණු ලැබුවේ නැත. පන්දු 06ක දි දැවී ගියේය. ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂාන් මුහුණ දුන් මුල් පන්දුවේ දීම දැවි ගියේය. දෙවැනි බින්දුවය. ශ්‍රෙයාස් අය්යර් පන්දු තුනකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු නොලබා දැවී ගියේය. එක දිගට බින්දු තුනකි. ලකුණු දෙකකි. කඩුළු 03කි.  අනතුරුව කේ.එල්. රාහුල් සමග එක් වී ක්‍රීඩා කරමින් සිටි විරාට් කෝලි ලකුණු 12 දි මිෂෙල් මාර්ෂට  උඩපන්දුවක් ලබා දුන්නේය. එය ඔහු අත හැරියේය. ඔස්ට්‍රේලියාවට තරගය අත් හැරුණේ එතැනදීය.

මිෂෙල් මාර්ෂ්ට අතහැරුනේ තරගයයි…  කෝලිගේ උඩ පන්දුව අතහැරිය අයුරු…

එතැන් සිට කෝලි සහ රාහුල් ක්‍රීඩා කරන ආකාරය දුටු  මේ  ලියන මට නම් මතක් වුනේ ඉන්දියාව සමග අපි ආසියානු කුසලාන අවසන් තරගයට මුහුණ දුන් අවස්ථාවය. අපට  කඩුළු තුනක් බිඳී ගිය පසු එම පීඩනය දරාගන්නට සමත් මැදපෙළක් සිටියේ නැත. අප එදා දුටුවේ භීතියෙන් පිටියට එන පිතිකරුවන්ය.   විශ්වාසයක් හා සංයමක් නොමැතිව අයාලේ යන පන්දුවලට හැඳි දමා අපට ක්‍රිකට් එපා කරවන  ආකාරයේ  ක්‍රිකට්ය . එවන් ඉරණමක්    වෘත්තීය ක්‍රීඩා පරිචයක් සහිත කණ්ඩායමකට අත් නොවන බව ඉන්දියාව අද කියා දුන්නේය.

ඉන්දියාව අද ක්‍රීඩා කලේ  ශ්‍රී ලංකා කණ්ඩායමට අධ්‍යයනය කළ හැකි පාඩමක් වැනි ඉනිමක් බව පෙනුණි.    වෘත්තීය ක්‍රිකට්  ක්‍රීඩකයෙක්  පීඩනය දරා ගන්නා ආකාරයත්  විශ්වාසයෙන් ඒ පීඩනයෙන් නිදහස් වී තරගයක් ජයග්‍රහණය කරන  ආකාරයත්    කියා දෙන්නට විරාට් කෝලි සහ කේ.එල් රාහුල් සමත් වූහ.

කෝලි සහ රාහුල්…

ලකුණු 02කට කඩුළු 03ක් බිඳී ගිය අවස්ථාවේ දී සිවුවන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සම්බන්ධතාවය ලකුණ 165කි. ලකුණු 199 ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය පාමුලට ගෙනැවිත් ලකුණු කෝලි ලකුණු 85කට දැවී ගියේය. ඔහු පන්දු 116කට මුහුණ දුන්නේය. මිනිස්තු 171ක් කඩුල්ලේ සිටියේය. එල්ල කළේ හතරේ පහර 06ක් පමණි. එක් හයේ පහරක් නැත. කේ.එල්. රාහුල් පන්දු 115ක දී ලකුණු 97ක් ලැබුවේය. නොදැවී ලබාගත් ලකුණු 87 හතරේ පහර 08ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය. ශතකය ලබා ගන්නට කලින් තරගය දිනුවේය.   තරගයේ වීරයා රාහුල් ය.

ඉන්දියානුවන් ලකුණු 201 ලබාගෙන තරගය ජයග්‍රහණය කරන්නේ පන්දු ඕවර 41.2ක දී ය. ඔවුන් පෙන්නා තිබුණේ මුල් පෙළ කුඩු කර දැමුවත් ඕනෑම විශාල ඉලක්කයක් හඹා ගොස් තමන්ට ජයග්‍රහණය කළ හැකි පෞරුෂයක් සහ විශ්වාසයක් ඇති බවය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඒ විශ්වාසය ය. ශ්‍රී ලංකා කණ්ඩායමට  අද ඉන්දීය ඉනිම පාඩමක් බව ලියා තබන්නේ එබැවිනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට මිනී මරන්න නිවාඩු ගෙන පැමිණි හමුදා සෙබලා…

Next Post

ඊශ්‍රයාලය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක් ද?…..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.