අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට මිනී මරන්න නිවාඩු ගෙන පැමිණි හමුදා සෙබලා…

ඔහු හමුදාවෙන් පළවා හළ පුද්ගලයෙක් සමග කොස්ගොඩ සුජීගේ ඥාති ව්‍යාපාරිකයෙක් මරන්න ඇවිත්... බඩුත් එක්කම පොලිසියට කොටු!

by editor
ඔක්තෝබර් 8, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර අතර පවතින විරසකයේ ප්‍රතිඵලයක් ලෙස රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට අනුව කොස්ගොඩ සුජීගේ ඥාති සම්බන්ධයක් සහිත ව්‍යාපාරිකයෙක්  ඝාතනය කිරීමට පැමිණි කුලී ඝාතකයන් දෙදෙනෙක්  ඊයේ (08) ඇල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඝාතන ඉලක්කය වී සිටි මෙම ව්‍යාපාරිකයා  ඇල්පිටිය නගරාසන්නයේ  පිටුවල පාරේ පදිංචි පුද්ගලයෙකි. ව්‍යාපාරිකයා ඝාතනය කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ දැනට සක්‍රීය හමුදා සේවයේ සිටිනා හමුදා  පුද්ගලයෙක් සහ යුද හමුදා සේවයෙන් විනය හේතු මත ඉවත් කළ පුද්ගලයෙක්   බව පොලිසිය පවසයි.

මෙම හමුදා පුද්ගලයින් මීටියාගොඩ නවගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 හා 31 වයස්වල පසුවන්නන්ය. සේවයේ නියුතු යුද හමුදා පුද්ගලයා මෙම අපරාධය සඳහා පැමිණ ඇත්තේ නිවාඩු ලබාගෙනය.

කොස්ගොඩ සුජීගේ දුර ඥාතිකමක් සහිතවීම නිසා විදුරට ඉලක්ක වී ඇතැයි   කියන මෙම  ව්‍යාපාරිකයා  ඝාතනය සඳහා ඔහුගේ නිවස අසලට  කුලී ඝාතකයින් දෙදෙනෙක් පැමිණ සිටින  බවට ලද තොරතුරක් මත   ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇත.

වහාම  එම ස්ථානයේ වැටලීමක් කළ  පොලිස් කණ්ඩායමක් ඝාතනය සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයින් දෙදෙනා පිස්තෝලයක්,  ජීව පතොරොම් 10ක්, දුරකථන 03ක්,   ව්‍යාජ අංක තහඩු දෙකක්   සහ ඔවුන් පැමිණි යතුරුපැදිය ද සමග  අත් අඩංගුවට ගෙන  තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් මින් පෙර අවස්ථාවක ද ඝාතනයක් කිරීම සඳහා සැලසුම් කර යම් පළාතකට ගොස් එය අසාර්ථක වීමෙන් පසු නැවත පැමිණ ඇති බව විමර්ශන කටයුතුවල දී හෙළි වී තිබේ.

මේ වනවිට කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර අතර ඇති වී තිබෙන මිනී මරා ගැනීම් ඉතාම තුච්ඡ පහත් අඩියකට වැටී තිබේ. මත්ද්‍රව්‍ය සහ පාතාලයේ බලය වෙනුවෙන් ඔවුන් අතර ඇති වී තිබෙන ගැටුම නිසා මේ වනවිට පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති දෙපාර්ශවයේ ඥාතීන් ඝාතනය කරගැනීම ආරම්භ වී තිබේ.

මින් පෙර සුජී ගේ ඥාතියෙක් වූ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඝාතනය කිරීමට දැරූ උත්සාහය යන්තම් බේරුණේය. ඉන් පසු සුජී විදුරගේ මස්සිනා කෙනෙක් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මරන්න හැදුවේය. එයත් යන්තම් බේරුණේය. ඉන් අනතුරුව එකිනෙකාගේ ඥාතීහු දෙපාර්ශවයෙන්ම මරා දැමූහ.  පසුගිය සතියේ මාතර දී ඝාතනය වුන ඩී.වී.චානක රාජ්‍ය ඇමතිවරයාගේ මාමණ්ඩියගේ ඝාතනය ද ඒ ඝාතන ගොන්න අතරට එක් වී ඇති තවත් එක් ඝාතනයක් බව විමර්ශන අංශ විසින් හෙළි කරන් ඇත.

මේ පාතාලයන් දෙදෙනාම ඩුබායි තැන් දෙකක සිට ලංකාවේ තමන්ගේ සහරචරයන් මෙහෙයවමින් දෙපාර්ශවයේ ඥාතීන් මරා දමමින් සිටිති. මේ මොන ආකාරයේ පිස්සුවක් දැයි තේරුම් ගන්නට සාමාන්‍ය මිනිස්සුන්ට  විෂය නොවන මානසික තත්ත්වයන් පිළිබඳ දැනුමක් අවශ්‍යය.

මේ කුපාඩි මිනී මැරුම්වල කෙළවරක්  තිබිය යුතුය. එය කෙළවර කරන ආකාරය සම්බන්ධව තවමත් නිශ්ඡිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ මේ පාතාලයන් දෙදෙනා පසුපසම විශාල දේශපාලන හෙවනැලි වැටී ඇති නිසා දැයි අපට වැටහෙන්නේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී අබිරහස් ලෙස මිය ගිය සැරයන්වරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණයක්!

Next Post

ඉන්දියාව කඩුළු 06කින් දිනුම්… කෝලි සහ රාහුල්  ශ්‍රී ලංකා පිතිකරුවන්ට අධ්‍යයනය කළ හැකි පාඩමක් කියා දුන්නා ද?…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.