සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය තරගය තමන් දෙසට නමා ගනී…. දෙවැනි ඉනිමේ ලකුණු 199ට කඩුළු 01 යි… ඊබ්‍රහීම් සද්‍රාන්ගෙන් ශතකයක්!

by editor
පෙබරවාරි 4, 2024
in ක්‍රීඩා
ඊබ්‍රහිම් සද්‍රාන් මංගල ශතකය ලබමින්...

ඊබ්‍රහිම් සද්‍රාන් මංගල ශතකය ලබමින්...

Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථාන ශ්‍රි ලංකා ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වන්නේ විශිෂ්ඨ ටෙස්ට් ක්‍රිඩාවක් ප්‍රකටවුන දිනයක් ලෙසය.  මුල් ඉනිමේ ලකුණු 199කට දැවී ගිය ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට පිළිතුරක් ලබා දී ඇත. ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක්  සහිතවය.

ආරම්භක පිතිකරු ඊබ්‍රහීම සද්‍රාන් නොදැවී ලකුණු 101කි. එය ඔහුගේ මංගල ශතකය ය. එක් දින විස්සයි 20 තරගවලදී කුසලතාවය නිර්ණය වන්නේ අඩු පන්දු ගණනකින් වැඩි ලකුණු ප්‍රමාණයක් අත් කරගැනීමේ දී ය. ටෙස්ට් තරගවල අනන්‍ය මහිමය කඩුල්ලේ රැඳී සිට වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දෙමින් ලකුණු ලබා ගැනීමය.  ඒ විශිෂ්ට ටෙස්ට් පරිචය  ඊබ්‍රහීම් සද්‍රාන් ප්‍රකට කළේය.  ව ලකුණු 101 ලබා ගනීමට ඔහු පන්දු 217කට මුහුණ දෙමින් නොදැවී පිටියේ රැඳී සිටිමින් ඇත.

ඊබ්‍රහීම් සද්‍රාන් මංගල ශතකය සමග…

මුල් පිතිකරුවන් තිදෙනාම මේ වනවිට ඔවුන් සතු ටෙස්ට් කුසලතාවය සහතික කර තිබේ. ඊබ්‍රහීම්   සද්‍රාන් සමග ඉනිම  ආරම්භ කළ නූර් අලි සද්‍රාන්  ලකුණු 47කට දැවී යන්නේ පන්දු 136ක් ක්‍රීඩා කරමිනි. ඉනිමේ පළමු කඩුල්ල දැවී යන්නේ ලකුණු 100ක සබඳතාවය ඉක්මවා ගිය පසුය. ඒ ලකුණු 196 දි ය. මේ වනවිට දෙවැනි කඩුල්ල වෙනුවෙනුත් නොබිඳුණු ලකුණු 93ක සම්බන්ධතාවයක් මේ ක්‍රීඩකයින් දෙපළ පවත්වමිනි.

අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම ලකුණු 439කට නිමා කළේය. වේගපන්දු යවන චාමික ගුණසේකර පිතිකරණයේ දී ආබාධයකට ලක්ව ඉවත් වූයේය.

චාමික ගුණසේකරගේ හිසේ පන්දුව වදින ආකාරය…

ලකුණු 198කට ඇෆ්ගනිස්ථාන මුල් ඉනිම අවසන් වූ පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 439ට ශතක දෙකක් ඇතුළත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ලැබුවේය.  ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 147ක් ලැබුවේය. දිමුත් කරුණාරත්න ලකුණු 77කි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තමන් මංගල ටෙස්ට් තරගයේ නායකත්වය දරන ධනංජය ද සිල්වා අමතක නොවන බරපතල වැරැද්දක් කළේය. ඒ තමන් මුහණ දුන් පළමු පන්දුවේ දීම අනවශ්‍ය ලකුණක් ලබා ගැනීමට ගොස් දැවී ලකුණු නොලබා දැවී යෑමෙනි. එය ටෙස්ට් තරගයක කිසිම අවස්ථාවක බලාපොරොත්තු විය නොහැකි දැවී යෑමක් වන්නේ ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායමට පීඩනයක නාමයක් ඇති වී නොතිබුණු බැවිනි.

කෙසේ වෙතත් කණ්ඩායමේ අග පෙළ කණගාටු දායක ලෙස බිඳ වැටෙන්නේය.

කණ්ඩායමේ මහා බලාපොරොත්තු ලෙස නම් කර සිටි කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ඇතුළුව ක්‍රීඩකයින් 05ක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත. ක්‍රීඩකයින් 03ක් ලකුණු ලබා ගත්තේ නැත.

. ඊබ්‍රහීම්   සද්‍රාන් සමග ඉනිම  ආරම්භ කළ නූර් අලි සද්‍රාන් පලමු කඩුල්ලට ලකුණු 106ක සබඳතාවයක්…

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා කරන්නේ ඇෆ්ගනිස්ථාන මුල් ඉනිමට වඩා ලකුණු  240ක් ඉදිරියෙන් ඉඳිමිනි.

එහෙත් තරගයේ තුන්වන දිනය නිමා වනවිට එම අන්තරය ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවුන සේ  අඩුවෙමින් ඔවුන් වෙත බරපතල පීඩනයක් එල්ල කර තිබේ.

මේ වනවිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 199කි.  මුල් ඉනිමේ අන්තරය පියවා ගැනීමට තව ඇත්තේ ලකුණු 41 කි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් බරපතල ලෙස වෙහෙසට පත් වී තිබේ. ශ්‍රි ලංකා කණ්ඩායමේ  බලාපොරොත්තු සහගත දඟ පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය පන්දු ඕවර 32ක් යවා ඇත. ලකුණු 66ක් ලබා දී තිබේ. කඩුළු දවාගෙන නැත. විශ්ව ප්‍රනාන්දු පන්දු ඕවර 11කි. ලකුණු 30කි. කඩුළු නැත.  ධනංජය ද සිල්වා පන්දු ඕවර 09කි.  ලකුණු 22කි. කඩුළු නැත. අසිත ප්‍රනාන්දු පමණක් පන්දු ඕවර 13ක් යවා ලකුණු 35ට කඩුල්ලක් ලබාගෙන තිබේ.

තණ තීරුව මළ තණතීරුවකි. කිසිම උපකාරයක් පන්දු යවන්නන්ට නැත. නමුත් දිනයේ අවසානයේ දී ප්‍රභාත් ජයසූරිය යැවූ පන්දු ඕවර කීපය තුළ පන්දුවේ ඉපිලීම හා දඟකැවීම පෙනුණි.  තරගයේ අවසන් දිනය තණතීරුවේ හැසිරීම යම් ආකාරයක පරිවර්තනයක් සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල විය හැකි අභියෝගය බරපතල විය හැකිය.

තරගයේ තුන්වන දිනයේ දී නම් පූර්ණ ගෞරවය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සතුවය.  සිව්වන දිනයේ මුල් භාගය තරගයේ ඉරණම තීරණය කරන කාලය වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට… පනත් කෙටුම්පතක් මේ වසරේ පාර්ලිමේන්තුවට…

Next Post

මොන නිදහසක්ද අසමින් කළු නිදහස් දිනයකට එක්වී සිටි සරසවි සිසුන් 04ක් යාපනයේ දී අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.