සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයෙන් විතරක්  මදි… නෙදර්ලන්තයෙනුත් ඉගෙන ගන්න වෙන සීන් එකක්….

by editor
ඔක්තෝබර් 18, 2023
in ක්‍රීඩා
kusal
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම  උතුර දකුණ මාරු වී අන්දොස් භාවයට පත් වී සිටිය දී ලෝක කුසලාන තරගාවලිය තුළ විචිත්‍ර පෙරළි සිදුවෙමින් තිබේ. ඊයේ නෙදර්ලන්ත – දකුණු අප්‍රිකානු තරගය තරගාවලියේ දෙවැනි පෙරළිය කළේය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එළොව පොල් පේන්නට ගැසූ දකුණු අප්‍රිකානු කණ්ඩායම  ලකුණු 28කින් පරාජය කරමිනි.

තරගය පැවැත්වූයේ ධර්මසාලා හි HPCA ක්‍රීඩාංගනයේ  දී ය.  ලෝක කුසලානය දිනා ගනු ඇතැයි තරම් විශ්වාසයක් සහිත දකුණු අප්‍රිකානු කණ්ඩායම නෙදර්ලන්තයට හමුවේ මේ අයුරුන් පරාජය වනු ඇැතැයි කිසිවෙක් විශ්වාස කළේ නැත. පුරෝකථනයන් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ගැනයය.

මේ දකුණු අප්‍රිකාවට මාස 11 ඇතුළත එල්ලවුන දෙවැනි ලන්දේසි ප්‍රහාරය විය.   පසුගිය වසරේ නොවැම්බරයේදී නෙදර්ලන්තය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී  දකුණු අප්‍රිකාව පරාජය කළේය.  වසරක් යන්නට මත්තෙන් යළිත් ලෝක කුසලාන තරගාවලියක දී  පරාජයකි. මේ රිදුම දකුණු අප්‍රිකාවට සෑහෙන කලක් තිබෙන බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා කීවේය. ලෝක කුසලාන තරගාවලි දෙකක දී නෙදරලන්තය හමුවේ පරාජය වූ එකම දකුණු අප්‍රිකානු නායකයා බවුමාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප ලෝක කුසලාන තරගාවලියට යැව්වේ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය නොවේ. මේ රටේ ජාතික කණ්ඩායමය. මිලියන 20ක ජනගහණයේ නියෝජනය. වරක් ලෝක කුසලානයක් දිනා ගත් ශ්‍රී ලංකාව   දැන් ඉන්නේ  ඇෆ්ගනිස්ථානයෙන් පමණක් නොව නෙදර්ලන්තයෙන් ද පාඩම් ඉගෙන ගන්නට යොමු කළ යුතු තැනකය.

නෙදර්ලන්තය යනු මෙයට පෙර එක්දින ලෝක කුසලානයේ  තරග දෙකක් පමණක්  ජයග්‍රහණය කළ රටකි. ඒ  ස්කොට්ලන්තයට (2007 දී) සහ නැමීබියාවට (2003 දී) එරෙහිවය.    දකුණු අප්‍රිකාව මෙම තරගයට පැමිණෙමින් සිටියේ මෙම ලෝක කුසලානයේ ලෝක වාර්තා තබමිනි.  ඔස්ට්‍රේලියාව ලකුණු 177කට දවාගෙන     විශිෂ්ට ජයග්‍රහණයක් සහිතව,   ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 448ක් වාර්තා කර ලකුණු 121ක ජයග්‍රහණයක් සහිත දැවැන්තයෙක් ලෙසය.

නමුත් ඊයේ   වර්ෂාවෙන් සීමා වූ පන්දුවාර 43ක තරගයකදී ලකුණු 246ක් හඹා යාමට ඔවුන්ට නොහැකි විය. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් රාත්‍රී කිහිපයකට පෙර ලකුණු 177කට සීමා කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට  නෙදර්ලන්තය පාලනය කරගත නොහැකි විය. ඔවුන් නෙදර්ලන්තයට  ලකුණු 245ක් ලබා ගැනීමට ඉඩ  දුන්නේය.

නෙදර්ලන්ත පිතිකරණය.

කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය.   නෙදර්ලන්තය ඉනිම අරඹා මුල් පෙළ ක්‍රීඩා කළ විලාසය අනුව හිතුවේ ඔවුන් ලකුණු 150ක් ලබා නොගෙන පහසු ජයග්‍රහණයක්  දකුණු අප්‍රිකාවට ලබා දෙනු ඇති බවය.  මුල් කඩුළු 06 ලකුණු 112කට දැවී ගියේය.

ස්කොට් එඩ්වඩ්ස් නොදැවී ලකුණු 78ක්…

නමුත් හත්වැන්නා ලෙස පිටියට පැමිණි කඩුළු රකින ක්‍රීඩක ස්කොට් එඩ්වඩ්ස් තරගයේ ඉරණම වෙනස් කරන පළමු පියවර තැබුවේය. නොදැවී මිනිත්තු 102ක් කඩුල්ලේ රැඳෙමින් ඔහු පන්දු 69ක දී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 78ක් ලැබුවේය.

පසු පෙළ ඔහු සමග උන්නේය. රොඑලොෆ් වෑන් ඩර් මේව්, පන්දු 19ක දී ලකුණු 23ක් ලැබුවේය. ආර්යන් දත් නොදැවී ලකුණු 23ක් ලැබුවේ හයේ පහර 03ක් සමගිනි.

ඇත්ත වශයෙන්ම දකුණු අප්‍රිකානු පිලේ පන්දු යැවිම තරගය අවසන් වනවිට ඛේදවාචකයක් වී තිබිණි. ඔවුන් ලබා දුන්  අතිරේක ලකුණු 32කි.  වයිඩ් පන්දු පමණක් 21කි. ඒ අනුව පන්දු යවන්නන් ඕවර 3යි පන්දු 3ක් වයිඩ් වෙනුවෙන් අමතරව යවා තිබිණි. එක් නිපන්දුවකි. ලෙග් බයිස් 10කි. මේ අතිරේක ලකුණු සංඛ්‍යාව නෙදර්ලන්ත ඉනිමට එක් වූ  දෙවැනියට   වැඩිම ලකුණු ගණනය. ඒ ලකුණු සංඛ්‍යාව රැක ගත්තානම් දකුණු අප්‍රිකාව දිනුම්ය. බවුමා බෙහෙවින්ම කම්පා වුනේ ඒ ගැනය.

කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පන්දු ඕවර 43කට සීමා විනි. කඩුළු 08ක් දැවී නෙදර්ලන්තය ලකුණු 246ක් රැස් කළේය. ලුන්ගි න්ගිඩි, මාර්කෝ ජෙන්සන්, කාලෝස් රබාඩා කඩුළු 02ක බැගින් ලැබූහ. ජෙරල් කොඑට්සි, කේෂේව් මහරාජ් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 247ක් හඹා යෑමට පැමිණි ප්‍රබල දකුණු අප්‍රිකානුවන් ලකුණු 207ක් තුළ දැවී ගියහ. ඩේවිඩ් මිලර් ලකුණු 43ක්  සහ කේෂේව් මහරාජ් ලකුණු 40ක් ලැබුවේය.

නෙදර්ලන්ත පන්දු යැවීමේ බලඇණිය එල්ල කළ පීඩනය සිතාගත නොහැකි තරම් ප්‍රබල එකක් විය. ලෝගන් වෑන් බීක් පන්දු ඕවර  8.5ක දී  කඩුළු 03ක්, පවුල් වැන් මීකෙරෙන් ලකුණු 40ට කඩුළු 02ක්, රොලොෆ් වෑන් ඩර් මේව ලකුණු 34ට කඩුළු 02ක්, බස් ඩී ලීඩ් ලකුණ 36කට කඩුළු 2ක් ලැබුවේය. කොලින් ඇකෙමන් කඩුල්ලක් දවා ගත්තේය.

ඒ ජයග්‍රාහී මොහොත…

නෙදර්ලන්තය දකුණු අප්‍රිකානු කණ්ඩායම සුන් කළේ දඟපන්දු යවන්නන් යොදවමිනි.  පවර්ප්ලේ තුළ දඟපන්දු යවන්නන් යොදා ගැනීමේ නෙදර්ලන්තයේ උපක්‍රම හමුවේ තමන්  මවිතයට පත් වූ බව දකුණු අප්‍රිකානු නායක  නා  බවුමා කීවේය.

“ඔවුන්ගේ පවර්ප්ලේ තුළ ඔවුන් කළ දේ අපූරුයි. ඔවුන් කැඳවූ දඟ පන්දු යවන්නන්ට අප අනුගත වී සිටියෙ නෑ. අපේ ක්‍රීඩාවේ යම් යම් දුර්වලතා ඔවුන් ප්‍රයෝජනයට ගත්තා. “ බවුමා කීවේය.

නෙදර්ලන්ත ජයග්‍රහණය සහ ඇෆ්ගනිස්ථාන ජයග්‍රහණයත් සමග දැන් අප ඉන්නා තැන  ගැන තක්සේරුවක් අපේ ක්‍රිකට් ඔස්තාද්ලාට ඇති දැයි අපි විමසා සිටිමු. පරදින විට ක්‍රීඩකයන්ට පලු යන්නට බැන්නත් මේ ක්‍රීඩකයින් 11 දෙනා මේ නව නිග්‍රහයට පත් වෙමින් ලෝකය ඉදිරිපිට නිරුවත් වන්නේ ඔවුන් පසුප සිටින ගොබ්බයින රැසකගේ ක්‍රියාකලාපය නිසා බව දැන්වත් රට තේරුම් ගත යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනිද්දා උතුරු නැගෙනහිර හර්තාලයට සහාය දීමට ගත් තීරණය නිසා ප්ලොට් සංවිධානය බෙදේ…

Next Post

ඩයනාගේ ඉරණම තීන්දුවන දිනය  ලබන 31…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.