අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අවසානයේ දී ජයග්‍රහණයේ බලාපොරොත්තුව සඵල වේ… ලංකාවට කඩුළු 03ක ජයක්…

ප්‍රවීන් ජයවික්‍රම මංගල එක්දින තරගයේ දී අමතක නොවන මතක සටහනක් තබයි...

by editor
ජූලි 24, 2021
in ක්‍රීඩා
Praveen-Jayawicrama
Share on FacebookShare on Twitter

අවසානයේ දී බලාපොරොත්තුවූ ජයග්‍රහණය ලබා ගත්තේය. එක දිගට මුහුණ දුන් බරපතල පරාජයන් ගණනාවක කටුක අත්දැකීම් අතරින් ජයග්‍රහණයක් සොයා ගැනීම ලෙහෙසි පහසු වී තිබුණේ නැත. මේ ලඟාවූයේ ඒ ජයග්‍රහණය කරාය.

අයහපත් කාලගුණ තත්වය නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය පන්දු ඕවර 47කට සීමා විය. කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිඛර් දවාන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

ප්‍රීත්වී ෂා සහ ශිඛර් දවාන් ආරම්භක පිතිකරුවන් සේ පන්දුවට පහරදීමට පැමිණියේය. මෙවර ශිඛර් දවාන් සාර්ථක වූයේ නැත. පළමු කඩුල්ල ලෙස ලකුණු 13කට ඔහු දුෂ්මන්ත චමීරට ගොදුරු විය. ඒ දෙවනව ඕවරයේ තුන්වන පනදුවේදීය.

දෙවන කඩුල්ල සඳහා ප්‍රීත්වී ෂා සහ සන්ජු සැම්සන් අතර ලකුණු 74ක සම්බන්ධයක් ගොඩනැගී තිබිය දී ප්‍රීත්වී ෂා ලකුණු 49කට දැවී ගියේය. ඔහු ලකුණු 49 රැස්කළේ පන්දු 49කදී ය. ඒ ලකුණු 49 හතරේ පහර 8ක් එල්ල වී තිබිණි. ප්‍රීත්වී ෂා කඩුල්ල මුවාකිරීමේ වරදට දවාගන්නේ නායක දසුන් ශානක විසිනි.

සිය මුල්ම එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන ප්‍රවින් ජයවික්‍රම සිය මංගල කඩුල්ල ලෙස සන්ජු සැම්සන් ලකුණු 46කට දවා ගත්තේය. සංජු සැම්සන් පන්දු 46ක දී ලබාගත් ලකුණු 46ට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. සංජු සැම්සන් ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරුවන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 118කි. ඉන්දීය කණ්ඩායමේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අනෙක් ක්‍රීඩකයා වූයේ සූර්යකුමාර් යාදේව්ය. ඔහු පන්දු 37කදී ලකුණු 40ක් රැස් කළේය. ඒ හතරේ පහර 7ක් සමගිනි. ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනා පන්දු ඕවර 43 පන්දුවක දී ලකුණු 225කට දැවී ගියේය.

සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය ඉන්දීය ඉනිම සුනු විසුණු කළහ. අකිල ධනංජය පන්දු ඕවර 10 තුළ ලකුණු 44 දී කඩුළු 03ක් දවා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රම පන්දු ඕවර 10 තුළ ලකුණු 59කට කඩුලු 03ක් බිඳහෙළුවේය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 8 පන්දු 1 දී ලකුණු 55කට කඩුළු 02ක්, චාමික කරුණාරත්න පන්දු ඕවර 6ක් යවා ලකුණු 25කට කඩුළු 1ක්, දසුන් ශානක පන්දු ඕවර 8ක් යවා ලකුණු 33කට කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක සාර්ථක වූයේ නැත. ලකුණු 35කට මුල්ම කඩුල්ල ලෙස මිනෝද් භානුක දැවී ගියේය. අනතුරුව දෙවන කඩුල්ල ලෙස පිටියට පැමිණි භානුක රාජපක්ෂ හා අවිශ්ක ප්‍රනාන්දු ඉන්දීය පන්දු යවන්නෝ අසරණ කරමින් මනරම් පිතිහරඹයක නිරත වූහ. ජයග්‍රහණය පිළිබඳ විශ්වාසනීය අඩිතාලම වැටුනේ මේ සම්බන්ධතාවයෙනි. භානුක රාජපක්ෂ පන්දු 56ක් තුළ එකතු කළ ලකුණු 65ට හතරේ පහර 12ක් ඇතුළත් වූයේය. භානුක දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ මුලු ලකුණු ප්‍රමාණය 144ක්ව තිබිය දීය.

අනතුරුව තුන්වන කඩුල්ල ලෙස පිටියට පැමිණි උපනායක ධනංජය ද සිල්වා ලකුණු දෙකකට දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 153කි.

අනතුරුව සිව්වන කඩුල්ල ලෙස එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙමින් සිටි අවිශ්ක ප්‍රනාන්දුට එක් වුණු චරිත් අසලංක අවිශ්ක හා එක්වී ලකුණු 41ක සබඳතාවයක් ගොඩැනගුවේය. අසලංක දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 194කි.

අවසන් මොහොත වනතුරු ජයග්‍රහණයේ බලාපොරොත්තුව සහිත තියුණු මානසිකත්වයකින් තරග කරන කණ්ඩායමක් සමග කරන තරගයක දී ජයග්‍රහණය බොහෝ දුරය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වන කඩුල්ල දැවී යනවිට ජයග්‍රහණය සඳහා පන්දු ඕවර 17ක දී ලබා ගතයුතුව තිබුණේ ලකුණු 32කි. ඒ සඳහා කඩුලු 06ක් ඉතිරිව තිබිණි.

එහෙත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය ලේසියෙන් පූජා කළේ නැත. ඔවුහු ආක්‍රමණශීලී පිටියක් සකසා තියුණු පන්දු යැවීමක නිරත වූහ. චරිත් අසලංකගෙන් පසු පිටියට පැමිණි නායක දසුන් ශානක මුහුණ දුන් පළමු පන්දුවේ දීම දැවී ගියේය. ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 195කි. මේ වනවිටත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්නදු සිය අන්තය ආරක්ෂා කරගෙන සිටියේය. එහෙත් ඔහුට තරගය නිමා කිරීමට වාසනාවක් ලැබුණේ නැත. ඔහු ලකුණු 76ක් ලබා සිටිය දී දැවී ගියේය. අවිෂ්ක වගකීම් සහිත පිතිකරණයක නිරතවෙමින් පන්දු 98ක දී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමග මේ ලකුණු 76 ලබා ගත්තේය.

ඉන් අනතුරුව බලාපොරොත්තු රහිත ලෙස ලකුණු 03කට චාමික කරුණාරත්න දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි. ජයග්‍රහණයට ලකුණු 05ක් අවශ්‍යය. ලකුණු 26ක් තුළ එකපිට එක වැටුණු කඩුළු ගණන හතරකි. පන්දුවට පහර දෙන්නේ කණ්ඩායමේ අග පෙළය. රමේෂ් මෙන්ඩිස් නොදැවී සිටියේය. ඔහුට අකිල ධනංජය එක් විය. ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු ලකුණු 06ත් අභියෝගයක්ව තිබිණි. පිටිය දැඩි ආක්‍රමණකාරී ලෙස සකස් කර තිබිණි.

එහෙත් අකිල තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම 4 පහරක් එල්ල කරමින් පීඩනයෙන් මිදී කණ්ඩායම ජයග්‍රහණය අසලට ගෙනාවේය. පන්දුඕවර 39ක් අවසානයේ දී කඩුළු 03ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 225ක ජයග්‍රහණයේ ඉලක්කය පසුකර ගියේය.

රාහුල් ශහාර් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරතවෙමින් සිය පන්දු ඕවර 50 අවසානයේ දී ලකුණු 57කට කඩුළු 03ක් බිඳහෙළීය.

චේතන් සකාරියා පන්දු ඕවර 08ක දී ලකුණු 34කට කඩුළු 02ක් ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 4000 ඉක්මවයි.

Next Post

විභාගයට සූදානම්වන දූ පුතුන්ට වැදගත් කරුණු 14ක් …

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.