සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.පී.එල්. පිටිය දෙවනත් කරන ශ්‍රී ලංකාවේ රැජණ…

by editor
නොවැම්බර් 9, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

චමරි අතපත්තුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන  කාන්තා විස්සයි20 අභියෝගතා කුසලාන තරගාවලියේ ට්‍රේල්බේලේසර්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා  (07) සාජා නුවරදී පැවැති තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් අත්කර ගත් පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනූ සුපර්නෝවාස් පිල  අද (09) රාත්‍රියේ අවසන් මහා තරගයට පිට පිට තුන්වැනි වරටත් සුදුසුකම් ලැබීමට සමත්විය. 

මූලික වටයේ තරගවලින් පසුව මේ තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටි අතර, සුපර්නෝවාස් (-0.054) සහ ට්‍රේල්බ්ලේසර්ස් (+2.109) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වෙලෝසිටි පිල ( – 1.869) තරගාවලියෙන් ඉවතට තල්ලු කරමිනි.

පළමුව පන්දුවට පහරදීමට පිවිසි සුපර්නෝවාස් පිලේ චමරි අතපත්තු පන්දු 48කින් ලකුණු 67ක් රැස් කරමින් කදිම අඩිතාලමක් දැමුවාය. වෙලෝසිටි පිල සමග පැවැති පළමු තරගයේදිත් ලකුණු 44ක් රැස් කළ මේ විශිෂ්ට පිතිකාරිනියගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. එය මෙවර තරගාවලියේ පිතිකාරිනියක වාර්තා කළ පළමු අර්ධ ශතකය ද විය. 

චමරී අතපත්තු ගේ මනරම් පිති හරඹය

ඉනිමේ 16 වැනි ඕවරයේදී ලකුණු 14ක් උදුරා ගත් මේ වමත් පිතිකාරිනියගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 37කිනි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වර්තමානයේ දී ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 පිලේ නායිකාව ද වන ‘අතා‘ නමින් සෙසු ක්‍රීඩිකාවන් අතර ප්‍රචලිත චමරි අතපත්තු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකාරිනිය වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම අවධානය දිනාගත් පිතිකාරිනියන් අතර මුල් පෙලේ පසුවන්නීය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් වාර්තා කළ පළමු හා එකම පිතිකාරිනිය වන චමරි 2011 වසරේ අප්‍රේල් මාසයේ අයර්ලන්තයට එරෙහිව මංගල එක්දින ශතකය රැස් කළ අතර සිය ක්‍රිකට් ජීවිතයේදී එම දස්කම පස් වතාවක්ම පෙන්නුම් කිරීමට සමත් වූවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක සහ වැඩිම අර්ධ ශතකලාභිනිය ද වන ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ පිතිකාරිනිය ලෙසත් වාර්තා පොතට ඇතුළත් වූවාය.

2017 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේදී නොදැවී ලකුණු 178ක්

ඇගේ එම දස්කම වාර්තා වූයේ 2017 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කිරීමෙනි. කාන්තා එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකාරිනියක රැස් කළ දෙවැනි ඉහළම ඉනිම  ලෙසත් වාර්තාපොතට ඇතුළත් විය. කාන්තා එක්දින ලෝක කුසලාන තරගයක ශතකයක් රැස් කළ පළමු හා එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය ද ඇයයි.

වසර 2016 දී අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ චමරි විස්සයි20 තරග බිමේ ලකුණු දහස සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය වූවාය. මේ වනවිට ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරග බිමේ වැඩිම ලකුණු ලාභිනිය ද වන්නීය. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියා සමග පැවති විස්සයි20 තරගයේදී සිය මංගල විස්සයි20 ශතකය රැස් කිරීමට ඇය සමත්වූයේ එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙසටය.

විස්සයි20 මංගල ශතකය රැස් කරමින්

 අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී නමින් 1990 පෙබරවාරි 9 වැනිදා ගොකරැල්ලේ උපන් ඇය පිතිකාරිනියක මෙන්ම දස්කම් සපිරි දඟපන්දු යවන්නියක ද වන්නීය. මේ වනවිට එක්දින තරග 84කට ක්‍රීඩා කර ඇති ඇය ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් සමග රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 2625කි. ඊට අමතරව පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 23ක් දවාලීමට ද ඇය සමත් වූවාය.  විස්සයි20 තරග 85කට ක්‍රීඩා කළ ඇය එහිදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමග ලකුණු 1646ක් ලබා ගැනීමට සමත්වූවාය. විස්සයි20 තරගබිමේ ඇය බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 26කි. දස්කම් පිට දස්කම් දැක්වූවත් ඇගේ වාර්තා අතර අවාසනාවන්ත වාර්තාවක් ද තිබේ. ඒ එක්දින තරගයක ලකුණු 99කට දැවී ගිය ලොව තුන්වැනි පිතිකාරිනියගේ වාර්තාවය. 

වසර 2009දී ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගයට එක්වෙමින් පළමුවරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඇය ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලි නියෝජනය කරන එකම ක්‍රීඩිකාව ද වන්නීය. මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල සමග ගිවිසුම් ගතවෙමින් ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් කාන්තා තරග බිමට එක්වූ ඇය යෝක්ෂයර් ඩයමන්ඩ්ස් පිල සමග ගිවිසුම් ගතවෙමින් එංගලන්තයේ විස්සයි20 ලීග් තරග බිමට එක්වූවාය. 

ඇය මෙවර අයි.පී.එල්. කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වූයේ දෙවැනි වරටය. හෙට පැවැත්වෙන තරගයේදී ට්‍රේල්බ්ලේසර් කණ්ඩායමේ ප්‍රබලතම අභියෝගය බවට පත්වී සිටින 30 හැවිරිදි ‘අතා‘ මෙවරත් සුපර්නෝවාස් පිලට ශූරතාව දිනාගැනීම ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින්නීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය මුදල් කාරක සභා සභාපති ධුරය අනුර යාපාට

Next Post

විපක්ෂෙන් එළවූ මන්ත්‍රීලාගේ ආසන වෙනස් කරන්න කථානයක බෑ කියයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.