බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපි දිනුම්… සෑම ජයග්‍රහණයකම පසුපස ඇත්තේ විනය සහ සාමුකත්වය බව ඔවුහු අපට කියා දුන්හ…

by editor
නොවැම්බර් 10, 2024
in ක්‍රීඩා
හොඳම පන්දු යැවීම දුනිත් වෛල්ලාලගේ ගෙනි....

හොඳම පන්දු යැවීම දුනිත් වෛල්ලාලගේ ගෙනි....

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයකය. ඊයේ (09) දඹුල්ල ක්‍රීඩාංගනය සතුටින් සහ ආඩම්බරයෙන් පිරි ගිය තැනක් වූයේය. පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුළු හයකින් නවසීලන්ත කණ්ඩායම පරාජය කර තරගාවලියේ පළමු විස්සයි 20 තරගයේ දී ජයග්‍රහණය වාර්තා කිරීමට අපට හැකි වී ඇත.

පරාජයේ දරාගත නොහැකි වේදනාව, අසාර්ථකත්වය සහ බිඳවැටීම හරහා ඇතිවුන බලාපොරොත්තු රහිත කම්පනය, කුලප්පු වූ කුළු හරකුන් සේ හැසිරෙමින් දකින්නන් කෙරෙහි අප්‍රසාදය ඇති කළ මුග්ධ හැසිරීම පිරි ක්‍රීඩක චර්යා සහිත වකවානුව අවසන් වී තිබේ. ටීම් එක වෙනස් වූයේ නැත. කොණ්ඩ කපා කරාබු ගලවා,  අයි.ආර්.සී කාරයින් ලෙස හැසිරුණ කණ්ඩායම පොලිම් කර විනය හැදුවා පමණි. යළිත් පෙර පුරුදු ජයග්‍රහණ සහිත රිද්මයට කණ්ඩායම පැමිණ තිබේ.    ක්‍රීඩා ලෝලීන් ගේ  ආදරය කණ්ඩායම වෙත ලැබෙමින් තිබේ. ආපහු ක්‍රිකට් ලැබීම ගැන ඇතිවන බලාපොරොත්තුව සියල්ලන්ගේම හිත් පුරවා ඇත.

නවසීලන්තය ලංකාවට පැමිණෙන්නේ ටෙස්ට් තරගාවලියකින් අනතුරුව ඉන්දියානු කණ්ඩායමේ අභිමානය වළදමා ඒ මත මල්වඩම් තැන්පත් කිරීමෙන් පසුය. ඒ ජයග්‍රහණයේ ප්‍රහර්ෂය ක්‍රිකට් ඉසව් පිළිබඳ භේදයකින් තොරව  නවසීලන්ත ක්‍රිකට් ආත්මයම පුබුදු කර තිබුණේය. ඔවුන් දඹුල්ලට එන්නේ ඒ ජයග්‍රාහී මානසිකත්වය සහිතවය. තරගයේ කාසියේ වාසියත් ඔවුන්ගේය. එය තවත් උත්තේජනයකි. එවැනි තත්ත්වයක් තුළ නවසීලන්ත කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගනයේ දී මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. එය බිහිසුණු තීන්දුවක් බව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත පිතිකරුවන්ට පෙන්වා දුන්හ. පිටියේ පන්දු රැකීම විශිෂ්ට විය. පන්දු යැවීම බලාපොරොත්තු සහගත විය. නවසීලන්ත මුල් පෙළ කුඩු කර දැමීමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

නොදැවි ලකුනු 27ක් ලබා ගත් සකාරි ෆොල්කස් ලකුණු 20කට කඩුළු 03ක් සහිතව නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීමත් වාර්තා කළේය….

ආරම්භක පිතිකරු ටිම් රොබින්සන් දැවී යන්නේ ලකුණු 03කට ය. දුනිත් වෙල්ලාලගේ ගේ පන්දුවකට ඔහු පා ඉන්න කුඩු කරගන්නේ සිදුවන්නේ කුමක් දැයි කිසිම අවබෝධයක් රහිතවය. මාර්ක් චැම්ප්මන් ලකුණු 1කි. ග්ලෙන් පිලිප් ලකුණු 13කි. මිචෙල් හායි ලකුණු නැත. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා  මිෂෙල් බ්‍රැක්වෙල් ලකුණු 27කි. සකාරි ෆොල්කස් ලකුණු 27කි. පන්දු ඕවර 14.4 වෙද්දි නවසීලන්ත කන්ඩායම ලකුණු 86ට කඩුළු 07කි. 08වන කඩුල්ලත් ලකුණු 96ක් වනවිට දැවී ගොස්ය. ඉන් අනතුරුව නවසීලන්ත කණඩායමේ වැදගත්ම කඩුළු සම්බන්ධතාවය ගොඩ නැගිනි. ඒ ඉෂ් සෝධි සහ  සකාරි ෆොල්කස්  අතරය. ලකුණු 39ක මෙම සම්බන්ධතාවය නවසීලන්තයේ වාර්තා පොත් අතරට එක්වන්නේ ඉතිහාසයේ විස්සයි 20 තරගයකදී 09 වැනි කඩුලුල වෙනුවෙන්  වාර්තාකා කළ වැඩිම සම්බන්ධතාවය ලෙසය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මතීෂ පතිරණගේ “කොහෙදො යන්නේ – කවුදෝ දන්නේ” පන්නයේ පන්දු කීපයක් හැරෙන්නට සෑම පන්දු යවන්නෙක්ම මනරම් පන්දු යැවීමක නිරත වූහ.  පන්දු යැවීමේ දී විශිෂ්ට සලකුණ තබන්නේ දුනිත් වෙල්ලාලගේය. ඔහු පන්දු ඕවර 3.3 ක දී ලකුණු 20කට කඩුළු 03කි. නුවන් තුෂාර පන්දු ඕවර 3ක දී ලකුණු 14ට කඩුල්ලක්, වනිඳු හසරංග පන්දු ඕවර 4 තුළ ලකුණු 20ට කඩුළු 2ක්, මතීෂ පතිරණ පන්දු ඕවර 3ක දී ලකුණු 25කට කඩුළු 2ක් සහ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 4 තුළ ලකුණු 21ට කඩුල්ලක් දවා ගත්තේය. නවසීලන්ත කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා කළේ නැත. ඕවර 19.3 ක දි සියල්ලන් දැවී ඔවුන් ලබා ගන්නේ ලකුණු 135ක් පමණි. එහෙත් තරගයේ අමතර ලකුණු 16කි. ඉන් වැඩිම ප්‍රමාණය මතීෂ පතිරණගෙනි. මතීෂගේ හතරේ සීමාව ඉක්මවා ගිය වයිඩ් පන්දුවක් නිපන්දුවක් ලෙස ද සලකුණු වූ අවස්ථාවක් තිබිණි. එවැනි පන්දුවකට තවත් වෙන්න දෙයක් නැත. කෙසේ වෙතත් ඔහු කඩුළු 02ක් ලබා ගත්තේය.

චරිත් අසලංක නැවත වගකීම් සහිත පිතිකරණයක… තරගයේ වීරයා ඔහුය…

ජයග්‍රහණය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ද පිතිකරණය පහසු එකක් වුයේ නැත. දඹුල්ල තණ තීරුවේ හැසිරීම පිළිබඳ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර සිදුවන විවේචනාත්මක වෙනස ඒ අයුරින්ම පැවතෙමින් තිබිණි. එය පිතිකරණයට අභියෝග කරමින් සැලකිය යුතු ලෙස වෙනස් හැසිරීමක් පෙන්වමින් තිබුණේය. අංක 2 පිතිකරු කුසල් මෙණ්ඩිස් දැවී යන්නේ ලකුණු ලබා නොගෙනය. මිචෙල් සැන්ට්නර් ගේ පන්දුවකට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන්නේය. සකාරි ෆොල්කස්ගේ පන්දුවකට පැතුම් නිශ්ශංකගේ කඩුල්ල කුඩු වී යන විට ඔහු ලකුණු 19කි. භානුක රාජපක්ෂ ලකුණු 04ක් ලබා සිටිය දී ෆොල්කස්ට ගොදුරු වන්නේය. කුසල් පෙරේරා ලකුණු 23කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 23කි. වනිඳු හසරංග ලකුණු 22 කි. තරගයේ වගකීම් සහිත පිතිකරණය නායක චරිත් අසලංකගෙනි. ඔහු ලකුණු 35කි. ඒ පන්දු 28ක දීය. හයේ පහර 2ක් සහ හතරේ පහරක් ඒ ලකුණු 35ට ඇතුළත්ය. වැදගත්ම කාරණාව වන්නේ ජයග්‍රහණයෙන් තරගය නිමා කරන තුරු ඔහු එක් අන්තයක් රැකගෙන නොදැවී ක්‍රීඩා කිරීමය. අංක 08 ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණි දුනිත් වෙල්ලාලගේ ලකුණු 06කින් ජයග්‍රාහී ලකුණ සලකුණු කළේය. පන්දු ඕවර 19ක් තුළ අප ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මේ තරගයේ දී ශ්‍රී ලංකා වාර්තා අලුතු වුනේය.  එක්දින ජාත්‍යාන්තර තරගවලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ශ්‍රී ලංකා  ක්‍රීඩකයා බවට කුසල් පෙරේරා වාර්තා අතරට එක් විය. ඔහු ලකුණු 1904ක් වාර්තා කරමින් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 1889ක් ලබාගෙන තබා තිබූ වාර්තාව බිඳ හෙලුවේය. ඩිල්ෂාන් මෙම   ලකුණු 1889 ලබාගෙන තිබුණේ තරග 80කට ක්‍රීඩා කරමිනි. කුසල් ජනිත් පෙරේරා එම වාර්තාව බිඳ දමන්නේ තරග 73කට පමණක් ක්‍රීඩා කරය.

නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සකාරි ෆොල්කස් සලකුණු කළේය. ඔහු පන්දු ඕවර 3ක් තුළ ලකුණු 20කට කඩුලු 03කි. මිචෙල් සැන්ට්නර් ලකුණු 30කට කඩුල්ලක්, මිචෙල් බ්‍රෙක්වෙල් ලකුණු 31කට කඩුල්ලක්, ග්ලෙන් පිලිප්ස් ලකුණු 12කට කඩුල්ලක් ලැබුවේය. විශේෂත්වය වන්නේ නවසීලන්ත කණ්ඩායම මේ පන්දු ඕවර 19 තුළ ලබා දී තිබුණේ අතිරේක ලකුණු 3ක් පමණක් වීමය. අපට ඉදිරි තරගවලදී යම් තීරණාත්මක අභියෝගයක් වනු ඇත්තේ නවසීලන්ත කණ්ඩායමේ මේ පන්දු යැවීමේ විනය විය හැකිය.  දැන් අප තරගාවලිය 1-0 ලෙස අප ඉදිරියෙනි. තරගයේ වීරයා ශ්‍රී ලංකා නායක චරිත් අසලංකය.  මේ ජයග්‍රහණය තරගාවලි ජයග්‍රහණයක් බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවය. ජයග්‍රහණයෙන් කෙලවර වුවද මේ තරගයේ දී අත්හැරුණු තැන් සමාලෝචනය කරගනිමින් ඒ අවසන් ප්‍රාර්ථනා පිරි ඉලක්කය වෙත ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරන තුරු අපේක්ෂා සහිතව බලාගෙන හිඳිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි!

Next Post

සුජීව සේනසිංහ නඩු යන්න සූදානම්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.