සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපි ගහන්නේ විස්සයි 21….

අතිරේක ලකුණු 23 යි... වයිඩ් පන්දු 7යි ... වයිඩ් ලකුණු 13යි. වැඩිපුර පන්දු ඕවරයයි පන්දුවක් යවලා...

by editor
මාර්තු 6, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සියලුම ගෞරව බංගලාදේශ කණ්ඩායමටය.  මනරම් කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා පසුගිය පරාජයේ වේදනාව මුලුමනින්ම සමහන් කරගෙන තිබේ. ඔවුන් ඒ ජයග්‍රහණය ලබන්නේ පන්දු 11ක් ඉතිරිව තිබිය දීය.

සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ දී කාසියේ වාසිය දිනාගෙන පන්දු රැකීම තේරූ බංගලා දේශ කණ්ඩායම  ශ්‍රි ලංකා පිතිකරුවන්ට නොහැකි වූ දේ කදිමට   කළහ.

19 වැනි ඕවරයේ මුල්ම පන්දුවෙන් දසුන ශානකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් නායක සැන්ටෝ තරගය නිමා කරන්නේ    සිය අර්ධ ශතකයත්  වාර්තා කරමිනි. ලකුණු 165ක් හඹා ගිය බංගලාදේශය පන්දු ඕවර 18.1ක් අවසානයේ දී ලකුණු 170ක් ලබාගෙන  තිබිණි.

ආරම්භක පිතිකරුවන් ලින්ටන් දාස් සහ සෞම්‍යා සකාර්ය. ආරම්භයේ සිට ඔවුන් නිබය ප්‍රහාරයක් දියත් කරමින් සිටියහ. මැතිව්ස් ආරම්භ කළ මුල් ඕවරයේ ලකුණු 10කි.  ඩිල්ෂාන් මධුසංඛ ගේ දෙවැනි ඕවරයේ ලකුණු 08කි. මැතිව්ස් නැවතත් තුන්වන ඕව්රයේ දි ප්‍රහාරයකය. ලකුණු 10 කි. ලකුණු 165ක් ආරක්ෂා කරගැනීමට මේ පන්දු යැවීම බොහොම පොඩි බව වැටහුනේය.

  • කුණුහරපයක් වූ තාක්ෂණය

තාක්ෂණික කුණුහරපය…

තාක්ෂණයත් කුණුහරපයක් බව ලෝකයට පෙන්වනු ලැබුවේත් මේ තරගයේ දී ය. සිව්වන පන්දු ඕවරය යවන්නට එන බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දුවෙන්ම සෞම්‍යා සකාර් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස පිටියේ විනිසුරුවරයා විසින් නම් කරන්නේය. සිරුර දෙසට එන බවුන්සර් පන්දුවට පහරක් එල්ල කිරිමට යෑමේ දී ශබ්දයක් නිකුත් වෙන්නේය. පන්දුවේ මග තරමක් වෙනස් වන්නේය. කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් සේ රැකගත් පන්දුවට කළ ඉල්ලීම පිටියේ විනිසුරු පිළි ගන්නේය. ඔහු සෞම්‍ය සාකර් දැවී ගිය ක්‍රීඩකයෙක් බවට නම් කරනු ලැබුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් සකාර් මේ තීරණය අභියෝගයට ලක් කළ විට තුන්වන විනිසුරුවරයා ලබා දුන් තීරණය විහිලුවක ස්වරූපයක් ගත්තේය. විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ සකාර් පහර එල්ල කරන විට අල්ට්‍රා එජ් තාක්ෂණයෙන් තරංගයක් මතුවනු පෙනෙන්නේය. ශබ්දයක් නිකුත් වනුත් ඇසෙන්නේය. එහෙත් යම් කිසි හේතුවක් නිසා එම තරගංය නිකුත්වීම සහ පන්දුව පිත්ත පරයා යෑම අතර ඇති දශම ගණනක වෙනස මත පිහිටා තුන්වන විනිසුරු සෞම්‍යා සකාර් නොදැවුණු ක්‍රීඩකයෙක් බව කියා පිටියේ විනිසුරුගේ තීරණය වෙනස් කරන්නේය.

ඒ වනවිට විශාල රූපවාහිනී තිරයේ  පිත්තේ පන්දුව වැදෙන අවස්ථාවේ මතුවන තරංගය දකින සෞම්‍යා සකාර් පිටියෙන් ඉවත් වී යමින් සිටියේය. යළි ඔහු ගෙන්වා පන්දුවට පහර දීමට සැලැස්සීම ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගේ බලාපොරොත්තු බිඳ දැමූ ආකාරයත් ඔවුන්ගේ දැඩි අප්‍රසාදයත් පෙනුණි.  ඒ වනවිට සෞම්‍යා සකාර් හතරේ පහර 3ක් සමගින් පන්දු 09 ක දී ලකුණු 14කි.

ඔහු දැවී යන්නේ හත් වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ය. ඒ වනවිට ඔහුපන්දු 22ක දී ලකුණු 26ක් ලබගෙන තිබිණි. ඊට හතරේ පහර 5ක් ඇතුළත් විය. පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 68 දී ය. මුල් කඩුල්ලට සම්බන්ධය ලකුණු 68කි.

අනතුරුව දෙවැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව   ලකුණු 83 දී බිඳ වැටෙන්නේ යළිත් වරක් මතීෂ පතිරණගේ පන්දුවකට ලින්ටන් දාස් ගොදුරු වීමෙනි. ස්ක්වෙයා ලෙග් හි පන්දු රැකි දක්ෂ උඩපන්දු රැකීමක යෙදෙමින් 9 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී ලින්ටන් දාස් ගේ ඉනිම නිමා කරන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ මතීෂ පතිරණ විසින් ලබා ගන්නා එම කඩුළු 02ක පමණි. පන්දු ඕවර හතරක් යවා ගැනීමට නොහැකි වූ මතීෂ සිය සිව්වන පන්දු ඕවරයේ 4වැනි පන්දුව යවා පිටියෙන් ඉවත්ව යන්නේය. ඉතිරි පන්දු දෙක සම්පූර්ණ කරන්නේ මැතිව්ස් ය.

බංගලාදේශ කණ්ඩායම මේ තරගය ක්‍රීඩා කළේ පොඩි උන් ටිකකට තලනවාක් සේ  සැහැල්ලුවෙනි. විශ්වාසයෙනි. තරගය විඳිමිනි. අප මුලින්ම කීවේ මේ තරගය අපේ නොවන බවය.

  • අපේ ඉනිම් කොට

ආරම්භක පිතිකරුවා අවිශ්ක ගැන නම් කියන්නට ඇත්තේ ඔහු බංගලාදේශය ඉදිරියෙත් ප්‍රමාණයෙන් කුඩා බවය. මුල් තරගයේ දී පන්දු දෙකක දී ලකුණු 4කට දැවී යන අවිශ්ක දෙවැනි තරගයේ දී පන්දු 7කට මුහුණ දී ලකුණු නොලබා දැවී යන්නේය.

සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ  ඉනිම කොටය. ලකුණු තිස් ගණන්වල දී කඩුල්ලක් පූජා කිරීම තරම් නොපැසුනු කමක් මෙවැනි පිතකරුවන්ගේ  තණතීරුවක ජාත්‍යාන්තර තරගයක් ක්‍රීඩා කරනවිට නොකළ යුතු බව ඔවුන් නොදන්නේ නැත. පින්නෙන් තෙත්වන ක්‍රීඩාපිටියේ පන්දු යවා බේරා ගැනීමට නම් ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය ගැනත් අදහසක් ඔවුන්ට තියෙන්නේය. මුල් තරගයේ ලකුණු 207ක් ගසාත් බේරා ගත්තේ අන්ත අමාරුවෙනි.

එහෙත් පන්දු 27ක් තුළ මනරම් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 37ක් ලබා සිටිය දී   දුවද්දී දැවී ගිය කමිඳුට,  පන්දු 22ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 36ක් ලබා සිටිය දි  “පැනික්” වූ කුසල්ට මෙන්ම පිට පිට හයේ පහර එල්ලකරමින් පන්දු 14ක දි   ලකුණු 28ක් ලබා කලබලයෙන් ඉනිම නිමා කළ අසලංකට ඒ මොහොත කළමනාකරණය කරගෙන  ලකුණු 50 ඉක්මවා යා හැකිව තිබිණි.

සිය නිශ්චිත වගකීම දරමින් අවසන් පන්දුව තෙක් ක්‍රීඩා කළ මැතිව්ස්  පන්දු 21ක් තුළ ලකුණු 32ක් ලබා ගත්තේය. හතරේ පහර 4ක් සමගිනි. ඔහු ඔහුට හැකි උපරිමය කළ බවනම් ලියා තැබිය යුතුය.

සිය නිශ්චිත වගකීම දරමින් අවසන් පන්දුව තෙක් ක්‍රීඩා කළ මැතිව්ස්

එමෙන්ම දසුන් ශානක මින් වසර දෙකකට පමණ පෙර සිටි අරුම පුදුම පිතිකරුවා නොවන බව ඒ වසර දෙකක කාලය පුරාම ඔහු පෙන්නුවේය. ඔහු පන්දුවට පහර එල්ල කලේ දැවැන්ත ආයාසයකිනි.  මේ තත්ත්වයෙන් මිදීම දැන්නම් කළ යුතු බව ක්‍රීඩාව බලන අපට හිතෙන්නේය.  එක් තරගයකදී දක්වන දස්කමක් නොව, දසුන්ගෙන් රට බලාපොරොත්තු වන්නේ අත්දැකීම් වලින් ලත් පන්නරය සහිත ස්ථාවරයකි.

එහෙත් ඒ අපහසුව බංගලි නායකයාගෙන් දුටුවේ නැත.  නායක නජිමුල් හොසෙන් සැන්ටො ලකුණු 53කි.  ඒ පන්දු 38ක් තුළය. හතරේ පහර  හතරකි. හයේ පහර දෙකකි. තරගය නිමා කර සිය අර්ධ ශතකය වාර්තා කරන්නේත් ලකුණු 06කිනි.

අනෙක් අන්තයෙන් ඔහු සමග අඛණ්ඩ ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනගමින් රැඳී ඉන්නා ටොවිඩ් හ්‍රිඩෝයි පන්දු 25ක දී ලකුණු 32කි. හතරේ පහර 2කි. හයේ පහරකි.

නායක නජිමුල් හොසෙන් සැන්ටො ලකුණු 53කි
  • විලිසංගයක් නැති පන්දු යැවීම

අපේ අවිනීත පන්දු යැවීම තරගයක් ජයග්‍රහණය කිරිමට ඇති නොහැකියාව පෙන්වන බව ලියා තැබිය යුතුය. ලකුණු 207ක් ලබා ගත් මුල් තරගය පරාජයෙන් බේරීමට කළ සටන සිහි කළ යුතුය.  ඒ තරගයේ අපි අමතර ලකුණු 19ක් ලබා දුන්නේය. ලෙග් බයිස් 02ක්, නිපන්දු 3ක් සහ වයිඩ් 14ක් ලෙසිනි.  ලකුණු 207ක් නිසා යන්තම් බේරා ගන්නට හැකි වන්නේ ලකුණු 03කට පහළින් බංගලියන් නවත්වා ගනිමිනි.

මේ තරගයේ අප ලබා ගන්නේ ලකුණු 165කි. එසේ නම් ඒ ලකුණු 165ට සරිලන විනයක් සහිත පන්දු යැවීමක් සහ පන්දු රැකීමක්  පවත්වාගත යුතුය.  එහෙත් අපේ  අවලම් පන්දු යැවිම සහ රැකීම ඔබ විශ්වාස කළ යුතුය.

මේ තරගයේ අප ලබා දුන් අතිරේක ලකුණු ගණන ලකුණු 23කි.  බයිස් 4කි. ලෙග් බයිස් 6කි.   වයිඩ් 07කි. වයිඩ් ලකුණු  13කි.  වැඩිපුර පන්දු ඕවර 1. 1 ක්  අප යවා තිබිණි.  පින්න නිසා ලිස්සනවා වැනි කතා කියන්නට නම් සූදානම් විය යුතු නැත. මේ තරග සංචාරයට අපි කෝටි දෙකක් වෙනුවෙන් හතර දෙනෙක් තෝරා යවා ඇත්තේ එවැනි ගොබ්බ කතා අසන්නට නම් නොවේ.

විශේෂත්වය සලකුණු කර ගන්න.  බංගලාදේශ පන්දු යවන්නන් ලබා දී තිබුණේ අතිරේක ලකුණු 05ක් පමණි.  වයිඩ් පන්දුවක් යවන්නේ නැතිව, නිපන්දුවක් යවන්නේ නැතිව පන්දු ඕවර 04ක් යවා ගන්නට බැරි ජාතික ක්‍රීඩකයන් ගැන කල්පනා කරන්නට තරගයක් පරදින තුරු සිටිය යුතු නැත. යන්තම් ජයගත් පළමු තරගයේ  අතිරේක ලකුණු 19ක් නොවී මේ තරගයේ මෙන් 23ක් උනා නම් ඒ තරගයත් බංගලියන් දිනුම්ය.

තරග දිනිය හැකිය.  පැරදිය හැකිය. එය පිළිගැනීමට අප සූදානම් ය. එහෙත් විස්සයි විස්ස තරගයක දී යවන පන්දු ඕවර විස්ස තුළ වයිඩ් ලකුණු 13ක් සමග අතිරේක ලකුණු 23ක් ලබා දෙන කණ්ඩායමකට තරගයක් ජයගැනීමට ලකුණු 200 ඉක්මවා ඉලක්කයක් දීම අනිවාර්ය බවනම් සරල ගණිතයෙන් පෙන්වා දිය හැකිය.

ජයග්‍රහණ හිඟ අපට ඕනෑම ජයග්‍රහණයක් උත්කර්ෂයකි.  ඇෆ්ගනිස්ථාන තරග සංචාරයේ ජයග්‍රහණය ගැන අප මේ තරම් සතුටු වූයේ ඒ නිසාය. බංගලාදේශ තරග ජයග්‍රහණය දැක අමන්දානන්දයට පත් වූයේ ඒ නිසාය. අප ප්‍රාර්ථනා කරමින් සිටියේ  ස්ථාවර දක්ෂතාවයන් සහිත කණ්ඩායමකි. අර්ජුණලාගේ වකවානුවේ,  සනත්ලාගේ වකවානුවේ සංගලාගේ වකවානුවේ ගැසූ ක්‍රිකට් පිළිබඳ හීනයක් අප හැමෝටම තියෙන්නේය. සෑම ජයග්‍රහණයක්ම අපව කැඳවාගෙන යන්නේ ඒ අතීත චමත්කාරය වෙතය.

ඒත් අප මේ ක්‍රීඩා කරන කණ්ඩායම් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ අපට වඩා පහළින් බව සිහි කරමින් මේ සටහන නිමා කරමු.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 24කින් සම්මතයි!

Next Post

යකෝ… ඇත්තටම තොපි පොලිසියෙ ද?… ජාතික රෝහලේ අම්මලා තාත්තලා සරසවි සිසුන්ට ගැසූ පොලිසියෙන් ඇසූ කතාව….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.