සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අකම්පිත නායකයා අසිරිමත් ක්‍රිකට් සැනකෙළිය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවූ හැටි !

by editor
මැයි 30, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අවසානයේ දෝනි දිනුවේය.

සොබා දහමෙන් එල්ලවූ විරසක  මග හරිමින් 16 වැනි  IPL තරගාවලියේ අවසන් මහා තරගය මහා උණුසුමකින් අද අළුයම අවසන් වන්නේ තරගය මැද ඇද හැලුන වර්ෂාව හේතුවෙන් දෙවනුව පන්දුවට  පහර දුන් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ ඉනිම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව පන්දු ඕවර 15කට සිමා කරමිනි.

ජයග්‍රහණයෙන් තරගය නිමා කළ ජඩේජා…

මුලින්ම පහන්දුවට පහර දුන්  පාණ්ඩ්‍යාගේ  ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අසිරිමත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 214ක  දැවැන්ත ඉලක්කයක් දෝනිගේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමට ලබා දුන්නේය. අහමදාබාද් නරෙන්ද්‍ර මොද් ක්‍රීඩාංගනයේ දී  කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමේ දෝනිගේ තීරණය වැරදුනාදැයි සිතුනේ ගුජරාට් කණ්ඩායමෙන් එල්ල වුන දැඩි ප්‍රහාරය දකින විටය. මුල් ඉනිම අවසානයේ දී ජාත්‍යාන්තර විචාරකයින් කීවේ දෝනිට ජහග්‍රහණය පහසු නොවන බවය.  වැස්සෙන් පසු කොහොමත් අමාරුවන බව ඔවුහු පුරෝකථනය කළහ.

ප්‍රෙක්ෂාගාර අමන්දානන්දයට පත් කරමින් ලාබාල සායි සුදර්ශන් පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය.  ඊට හතරේ පහර 08ක් සහ හයේ  පහර 06ක් ඇතුළත් විය.  අවසාන පන්දු ඕවරයේ දී ඔහු මතීෂ පතිරණට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යන්නට සිදුවන්නේ ශතකය පෙනි පෙනීය. ව්‍රිද්ධිමන් සහා පන්දු 39ක දී ලකුනු 54ක් රැස් කළේය.  ඊට හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක්  ඇතුළත් විය.  සුබ්මන් ගිල් පන්දු 20ක දී  හතරේ පහර 07ක් සමග ලකුණු 39ක්, හර්දික් පාණ්ඩ්‍යා පන්දු 12ක දී හයේ පහර 02ක් සමග ලකුනු 21ක් ලැබීය.

සායි සුදර්ශන්…. ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය

දැවැන්ත ප්‍රහාරයකට තම පන්දු යවන්නන් ලක් වෙද්දී දෝනි දැඩි උපේක්ෂාවකින්  යුතුව කලබල නොවී කණ්ඩායම මෙහෙයවූයේය. රවීන්ද්‍ර ජඩේජාගේ පන්දු යැවීම ඉදිරියේ දෝනි විසින් ස්ටම්ප් කිරීමක් කර ශුබ්මන් ගිල් දවාගත් ආකාරය මුලු ප්‍රේකෂාගාරයේම අවධානයට යොමු වුනේය. අන්තර්ජාතික විස්තර විචාරකයින් දක්වා තිබුනේ 40 හැවිරිදි දෝනිගේ ප්‍රතික්‍රියා වේගය තත්පර .1 බවය.

ශුබ්මන් ගිල් දවා ගැනීමට දෝනි කළ ස්ට්ම් කිරීම….

මතීෂ පතිරණ නිපන්දු දෙක්ක යැවූ ඕවරයේ දි ඔහු මතීෂ දෙස වරදකාරී හැඟීමකින්වත් බැලුවේ නැත. ඔහු ප්‍රහාරයට ලක්වන විට දිරිමත් කළා විනා සංඥාවකින් ඔහුව වැට්ටුවේ නැත. අනෙක් පන්දු යවන්නන් විෂයෙහිත් එසේමය. ඔහු මතීෂ පන්දු යැවීමට ගෙන්වන්නේ පෙර සේම අවසන් පන්දු ඕවරවලය. අවසන් පන්දු ඕවරය යැවීමට තෝරන්නේ මතීෂවය.  අවසන් පන්දු ඕවරයේ කඩුලු 02ක් ලබාගෙන තරගය නිමා කරන චෙන්නායි කණ්ඩායම සමග දෝනි පිටතට එන්නේ  මතීෂගේ කරට අත දමාගෙන සැහැල්ලුවෙනි. ඔහු අභියස ඇති ඉලක්කය සම්බන්ධව ඔහු චකිතයට පත්වී ඇති බවක් නොපෙනුනේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පන්දු යැවීමේ දී වැඩිම කඩුලු ලැබුවේ දෝනිගේ තුරුම්පුව වූ මතීෂ පතිරණය. පැයට කිලෝ මීටර 145ක සාමාන්‍ය වේගයකින් පන්දු යැවූ මතීෂ මුල් පන්දු ඕවර 03 තුළ   ප්‍රහාරයකට ලක් වුවද  අවසන් පන්දු ඕවරයේ කඩුලු 02ක් ලැබුවේය.  ඔහු පන්දු ඕවර 4ට ලකුණු 44ක් ලබා දී තිබිණි.  රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38කට කඩුල්ලක්, දීපාක් චහාර් ලකුණු 38කට කඩුල්ලක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ කඩුලු ලැබුවේ නැත. පන්දු ඕවරයකට අඩුම ලකුණු සාමාන්‍ය වාර්තාව වූයේ මහීෂ් ගේ පන්දු යැවීමේ දීය. ඔහු පන්දු ඕවර 04ට ලකුණු 36ක් ලබා දී තිබිණි. ගුජරාට් ටයිටන්ස් ලකුණු 214ක් ලැබුවේය.

අවසාන ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 20 තුළ  ලකුණු  215ක් විය. පන්දු ඕරයක් තුළ පවත්වාගත යුතු ලකුණු  සාමාන්‍ය දල වශයෙන් 10.8 ක් වූයේය.

පන්දුවට පහර දීමට පැමිණි චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම පළමු පන්දු 03ට මුහුණ දුන්නේය. ඍතුරාජ් ගයික්වාඩ් සහ ඩෙවොන් ක්‍රොන්වේ ඉනිම ආරම්භ කළහ. එක් හතරේ පහරක් සමග පළමු පන්දු 03 තුළ ලකුණු 04ක් රැස්කරගෙන සිටිද්දී ධාරාණිපාත වර්ෂාවක් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයට කඩාගෙන හැලුනේය.  හැත්තෑපන් දහසකට ආසන්න ප්‍රේක්ෂක පිරිසගේ බලාපොරොත්තු සුන් වෙතැයි සිතිනි.

එහෙත් දැඩි පරිශ්‍රමයක් සහිව පිටිය සකසා අලුයම 12.10ට පන්දු ඕවර 15කට චෙන්නායි ඉනිම සීමා කරමින් තරගය ආරම්භ වුනේය. ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 15 තුළ දී ලකුණු 171 කි.

වර්ෂාවේන් පසු පිටිය සකස් කරන කාර්ය මන්ඩලය….

ඍතුරාජ් සහ ක්‍රොන්වේ ආරම්භක පිතිකරුවන් ලෙස කදිම ආරම්භයක් ලබා දුන්නේය. ඍතුරාජ් හතරේ පහර 03ක් සහ හයේ පහරක් සමග පන්දු 16ක දී ලකුණු 26ක් ලැබුවේය.

හොඳම ප්‍රහාරකයා ක්‍රොන්වේය. ඔහු හතරේ පහර  04ක් සහ හයේ පහර 02ක් සමග පන්දු 25ක දී ලකුනු 47ක් ලැබුවේය. අර්ධ ශතකය පෙනෙමින් ඔහු දැවී ගියේ කණ්ඩායමට ජයග්‍රාහී මාවත පෙන්වමිනි.

ශිවම්  ඩුබේ පන්දු 21ක දී හයේ පහර 02ක් සමග ලකුණු 32ක්, අජින්ක්‍ය රහනේ  පන්දු 13ක දී හයේ පහර 02ක් සහ හතරේ පහර 02ක් සමග පන්දු 13ක දී ලකුණු 27ක් ලැබුවේය. අම්බිට් රයිදු පන්දු 08ක දී හතරේ පහර එකක් සහ හයේ පහර 02ක් සමග ලකුණු 19ක් ලැබුවේය.

නායක මහේන්ද්‍ර දෝනි පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා  දැවී යන විට යළිත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තුව දැල්විනි.

නමුත් නොදැවී ක්‍රීඩා කළ ශිවම් ඩුබේ වෙත එක් වූ රවීන්ද්‍ර ජඩේජා අවසන් පන්දුවේ දී තරගයේ ජය චෙන්නායි සුපර්කිංස් වෙත ලබා දුන්නේය.

ජඩේජා පන්දු 06ක් තුල හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 15ක් ලැබුවේය. දෝනිලා දිනුවේය. මතීෂ පතිරණත් ඒ ජයග්‍රහණයේ හවුල් කරුවෙක් විය. මහීෂ් තීක්ෂණත් හවුල් කරුවෙක් විය. ඒ අත්දැකීම අපේ ක්‍රිකට් පෝෂණය කරන තුරු අප බලාගෙන සිටින්නේය.

Share69Tweet43
Previous Post

යළිත් මහ වැසි… IPL අවසන් මහා තගරය යළිත් ඇනහිටී!

Next Post

පන්සල හදන්න එංගලන්තයේ දායකයෙක් දුන්න කෝටි 08කට වෙච්ච දෙයක් නෑ… රාජාංගනේ හාමුදුරුවන්ට එරෙහිව තවත් විමර්ශනයක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.