යළිත් මහ වැසි ඇදහැලෙමින් ඇත. චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර අහමදාබාද් හිදී දැන් පැවැත්වෙන IPL අවසන් මහා තරගයට මේ වනවිට අත්හිටුවා තිබේ.
ලකුණු 215ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම ක්රීඩා කළේ පන්දු 03ක් පමණි. ඍතුරාජ් ගයික්වාඩ් සහ ඩෙවොන් කොන්වේ ආරම්භ කළ ඉනිම දී ඍතුරාජ් එක් හතරේ පහරක් සමග ලකුණු 04ක් රැස් කරගෙන සිටිය දී මහ වැසි ඇද හැලෙන්නට විය.
ක්රීඩාංගනය මේ වනවිට ආවරණය කර තිබෙ.්
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී දැවැන්ත ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය.