සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හොඳටම පරාදයි…

by editor
ජනවාරි 7, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එක අතකට අපේ කණ්ඩායම හරිම අපූරුය.  ජයග්‍රහණය කරනවිට එම ජයග්‍රහණය ලබා ගන්නේ බලා ඉන්නා අප අන්ද – මන්ද කරමිනි. එසේම පරාදවන විට පරාද වෙන්නේ කුජීත  අපට ක්‍රිකට් එපා කරවන තරමට කුජීත වෙමිනි. අද තරගයත් එසේය. ලකුණු 91කින් පරාදය.

විස්සයි 20 තරගයක් ලකුණු 91කින් පාරාද වීම හිත හදාගන්නටම බැරි කාරණාවකි. මේ පෙරේදා තරගය දිනූ කණ්ඩායමය. මේ ඔවුන්ම ද එසේත් නැතිනම් වෙනත් කණ්ඩාමක් දැයි සිතෙන තරමට ඒ ක්‍රීඩා විලාශය කුජීතය.

සූර්ය කුමාර් යාදේව් අපේ පන්දු යවන්නන් පාසල් ක්‍රීඩාවක නොදරුවන් බවට පත් කළේය. 228ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කණ්ඩායම ලකුණු 137කට සීමා විය. අඩුම තරමින් ඕවර 20වත් ක්‍රීඩා කළානම් හිත හදා ගත හැකිය. පන්දු ඕවර 16.4 ක දී සියල්ලෝ දැවී ගියහ.

ෆේල් වුන භානුක බංකුවේ තබා කැන්දාගෙන පැමිණි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 01කට දැවී ගියේය. තමන්ගේ වගකීම කුමක් දැයි ඔහු දැනගෙන නොසිටියා සේය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලකුණු 23ක් ලබා ගත් නායක දසුන් ශානක ය. තනිකරම ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් ළදරුවන් කළහ.

රාජ්කොට් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය. එය ජයග්‍රහණය කිරීමට අසීරු ඉලක්කයක් බව ක්‍රිකට් ගැන යන්තමින් දන්නා හැමෝම දන්නේය. එහෙත් තරගය බැලුවේ තරගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි. ඒ තරගය දීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන්  ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඉෂාන් ක්‍රිෂාන් ව එක් ලකුණකට දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත්විය.

නමුත් අනතුරුව පිටියට පිවිසි රාහුල් ත්‍රිපාති පන්දු 16කදී ලකුණු 35 ක් ලබාගැනීමට සමත් වුණි.

ඔහු දැවී යාමෙන් පසුව පිටියට ආ සූර්යකුමාර් යාදව් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ක්‍රිකට් එපා කළේය. ඔහු පන්දු 51 තුළ නොදැවී ලකුණු 112ක් රැස් කළේය.

යාදේව්…

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 229 රැස් කළ යුතු විය.
ඒ ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 16.4 කදී සියලු දෙනා ලකුනු 137ක් පමණක් ලබා ගත්තේය.
තරගාවලිය 2-1 ලෙස ඉන්දියා දිනුම්ය.

අද පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ පන්දු යවන්නා අර්ෂ්දීප් සිං ය. ඔහු යැව්වේ පන්දු ඕවර 2.4කි. කඩුලු 03ක් ලබා ගත්තේය. ලබා දුන්නේ ලකුණු 20කි.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 30කට කඩුලු 02ක්, අක්සාර් පටෙල් පන්දු ඕවර 03ක දී ලකුණු 19ට කඩුල්ලක්, උම්රාන් මලික් පන්දු ඕවර 03ක දී ලකුණු 31ට කඩුලු 02ක්, යුෂ්වේන්ද්‍ර චහාල් ලකුණු 30ට කඩුළු 02ක්, ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභිරහස් ෂාෆ්ටර් මරණය යම් පිරිසක් විසින් සිය දිවි නසා ගැනීමක් කිරීමේ උත්සාහයක !

Next Post

ගෝඨාට අගමැතිකම කරන්න… රටේ ප්‍රශ්න විසඳන්නම්… විදේශ තානාපතියෙකුගෙන්  යෝජනාවක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.