සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හෙට දිනට කල් දමා ගත් බිහිසුණු පරාජය…

by editor
අප්‍රේල් 2, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගය හෙට දිනයටත් ඇදී ඇත. බංගලාදේශ කණ්ඩායම සිව්වන දිනය අවසන් වනවිට ලකුනු 268ක් ලබාගෙනය. කඩුළු 07ක් දැවී ගොස්ය. හෙට දිනයම ඉතිරි වී තිබේ.  අද දිනයේ ඔවුන් සිදුකළේ 2-0 ක තරගාවලි පරාජය හෙට දිනයට තෙක් කල් දමා ගැනීමය. “තරු ශකීබ් කැඳවා  “ අත්පත් කරගත් දෙයක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට බංගලි පිතිකරුවන් තවත් ලකුණු 243ක් ලබා ගත යුතුය.  ඉතිරිව ඇත්තේ කඩුළු 03කි. 

පිළිගත් පිතිකරුවෙකුට ඇත්තේ මෙහිදි හසන් මිරාස් පමණි. ඔහු හතරේ පහර 07ක් සමග ලකුණු 44ක් ලබාගෙන නොදැවී සිටි. මෙම තරගාවලියේ මුල් ටෙස්ට් තරගයේ දී නයිට් වොච්මන් ලෙස පැමිණ ලකුණු 47ක් ලබා ගැනීම ඔහු රැස්කර ඇති වැඩිම ලකුණය. අද දිනය තුළ නිමාවනු ඇතැයි උපකල්පනය  කළ තරගය හෙට දිනයේ මුල් කාර්තුව තෙක් ඇදගෙන ගොස් තිබීම පමණකින්  බංගලාදේශයට සෑහීමකට පත්වීමට සිදුවනු ඇතැයි පිටියේ යථාර්ථය කියයි.

අද ශ්‍රි ලංකා ඉනිම

අද ශ්‍රි ලංකා ඉනිම ආරම්භ වන්නේ මැතිව්ස් ලකුණු 39ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 03ක් සහිතවය. ලකුණු 102ක් ලබාගෙන තිබිණි. කඩුළු 06ක් දැවි ගොස් තිබිණි.

ඊයේ බංගලාදේශය යැවූ පන්දු ඕවර 25 තුළ ශ්‍රි ලංකා කඩුලු 06ක් දැවී ගියේය. නිශාන් මධුශ්ක 34ක්ලැබුවේය. දිමුත් ලකුණු 4කි. කුසල් මෙන්ඩිස් ලකුනු 2කි. දිනේෂ් චන්දිමාල් ලකුණු 09කි. ධනංජය ද සිල්වා ලකුණු 1 කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 09කි. 6වන කඩුල්ල ලෙස කමිඳු  ඊයේ දැවී යන්නේ කණ්ඩායම  ලකුණු 89ක් පමණක් ලබා සිටිය දී ය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එහෙත් ඊයේ දිනයේ දීම ප්‍රභාත් සහ මැතිව්ස් අතර අවබෝධාත්මක සම්බන්ධයක් ගොඩනැගී තිබිණි.  මුල් ඉනිමෙ ලද ලකුනු 357ක ඉදිරියක් තිබුණද වේග පන්දු යවන්නන් විවේක ගැන්වීමේ අභිලාෂයෙන් දෙවැනි ඉනිමේ  යළි පන්දුවට පහර දීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තින්දුව නිසා අවසානයේ දී පන්දු යැවීමට අමතරව ලකුණු රැස් කිරීමේ වගකීමත් පන්දු යවන්නනට පැවරිනි.    ලකුණු 500ක ඉලක්කයක් පහසුවට සිතාගෙන සිටියත් එයත් එයතරම් පහසු නොවන බව ඊයේ තරගය නිමා වනවිට පෙනුනේය.

එහෙත් අද ප්‍රභාත් සහ මැතිව්ස් කණ්ඩායමට ලකුණු 30ක් එක් කළේය. දෙදෙනා අතර 7වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 43කි. අවසානයේ  36 වැනි ඕවරයේ 2වැනි පන්දුවේ දි මැතිව්ස්ගේ කඩුල ඔහුගේ  අශෝබන ප්‍රතිවාදියා වූ ශකිබ් අල් හසන්ම කුඩු කර දැම්මේය. ඒ මැතිව්ස් ලකුණු 56ක් ලබා සිටිය දී ය.

අනතුරුව ප්‍රභාත් ජයසූරියට එක්වන විශ්ව ප්‍රනාන්දු 8වන කඩුල්ල වෙනුවෙන් නොදැවී  ලකුණු 25ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 500 ඉක්මවා ගිය ඉලක්කයක් බංගලාදේශයට ලබා දෙන්නේ මේ  සම්බන්ධතාවය නිසාය.  පන්දු 67කට පහර දුන් ප්‍රභාත් ජයසූරිය ලබා ගත් ලකුණු 28 මෙම ඉනිමේ වටිනාම ලකුණු ප්‍රමාණය  යැයි  විශ්වාස කරන්නේ ඔහු තරගයට එක් වන්නේ පිතිකරුවෙක් ලෙස නොවන නිසාය. ඉනිමේ තුන්වැනි ඉහලම ලකුනු ප්‍රමාණය ප්‍රභාත්ගේය. විශ්ව ප්‍රනාන්දු පන්දු 16කට මුහුණ දී ලකුණු 08ක් ලැබුවේය. ඉනිමේ 40 වැනි පන්දු ඕවරයේ, එනම් අද දිනයේ යැවූ 15 වැනි පන්දු ඕවරයේ දි ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 157ට කඩුළු 07ක් තිබෙද්දි තරගය අත් හිටවූයේය.  පන්දු යැවිමේ දී බංගලාදේශය වෙනුවෙන් හසන් මහමුද් ලකුනු 65ට කඩුලු 04ක්,  ඛලීඩ් අහමඩ්  ලකුනු 34 කඩුළු 02ක්, ශකීබ් අල් හසන් ලකුනු 39ට කඩුල්ලක් දවා ගත්තේය.

511ක් හොයාගෙන බංගලියන් ඇරඹූ ගමන –

බංගලාදේශය ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේ ලකුණු 511ක් රැස් කරගත යුතුව තිබිණි. ආරම්භක පිතිකරු යුවල වූ මහමුද් හසන් ජෝයි සහ සකීර් හසන්  පළමු කඩුල්ල සඳහා රැස් කලේ ලකුණු 37ක් පමණි.  10 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ප්‍රභාත් ජයසූරිය මහමුද්ගේ  කඩුලේ මැද ඉන්න බිඳ දැමුවේය.  මහමුද් හසන් ජෝයි දැවී යන්නේ ලකුණු 24කට ය.  අනතුරුව විශ්ව ප්‍රනාන්දු යැවූ ඉනිමේ  15 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දි පළමු ස්ලිප් ක්‍රිඩකයා ලෙස ක්‍රිඩා කළ ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දී සකීර් හසන් ලකුණු 19කට දැවි ගියේය. ඒ වනවිට මුලු ලකුනු සංඛ්‍යා 51කි.  ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කණ්ඩායමට එකතු කළේ ලකුණු 43ක් පමණි.

තරගයේ 27 වැනි ඕවරයේ 5වැනි පන්දුවේ දි නායක නජ්මුල් හොසෙන් ෂන්ටෝ ගේ කඩුල්ල කුඩු කරදැමිමට ලහිරු කුමාර සමත් වූයේය. එය මනරම් වේගපන්දු යැවීමකි. ලකුණු 20ක් ලබා සිටිය දී ඔහු දැවී යන්නේ මුලු ලකුණු ගණන 94දී ය.

අනතුරුව පිටියට පැමිණෙන මොනිමුල් හක්  පන්දු 56ක් තුල හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස් කළේය. මේ ඉනිමේ මේ වනවිට ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ඔහුගේ ය.  ඔහුගේ ඉනිම එක්දින ඉනිමක මූලික හැඩය පමණක් තිබිණි. ප්‍රභාත් ජයසූරිය එවූ පන්දුවකට ස්විප් පහරක් එල්ල කිරීමට ගිය මොනිමුල් හක් ලහිරු කුමාර අතට උපන්දුවක් දී දැවී ගියේ පුදුමාකාර හදිස්සියකින්  දියත් කළ ඉනිම නිමා කරමිනි. ඒ වනවිට කණ්ඩායමේ මුලු ලකුණු ගණන 132කි.

ලකුණු 50කට දැවි ගිය මොනිමුල් හක්…

අනතුරුව බංගලි ඉනිමේ  ඉහළම සම්බන්ධය ලිටොන් දාස් සහ ශකිබ් අල් හසන් අතර ඇති වන්නේය. එය ලකුණු 65ක සම්බන්ධතාවයකි. ශකීබ් අල් හසන් දවාගන්නේ ඒ වනවිට දකුණතින් ඕෆ් බ්‍රේක් පන්දු යවමින් සිටි කමිඳු මෙන්ඩිස්ය. මෙම  කඩුල්ල කමිඳුගේ පළමු ටෙස්ට් කඩුල්ලය. පොයින්ට් හි පන්දු රැකි නිශාන් මධුෂ්ක රැකගත් මනරම් උඩපන්දුවත් සමග ශකීබ් සිය ඉනිම ලකුණු 38කින් නිමා කරන්නේය. එවිට මුලු ලකුණු සංඛයාව ලකුණු  193කි.

අනතුරුව ලකුණු 38කට ලිටොන් දාස් ලහිරු කුමාර හමුවේ දැවී යන්නේය. ඒ  කඩුලු රකින කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. ඔහු දැවී යන්නේ කණ්ඩායම ලකුණු 197ක් ලබා සිටිද්දී ය.

7වන කඩුල්ල ලෙස ෂහාදත් හොසේන් සහ මෙහෙදි හසන් මිරාස් අතර ලකුනු 47ක සම්බන්ධතාවයක් ගොඩනැගී තිබෙද්දී ලකුණු 243ක් බංගලි ඉනිමේ ලකුණු පුවරුව ලෙස සටහන්වන විට කමිඳු මෙන්ඩිස් සිය දෙවැනි කඩුල්ල ලෙස ෂහාදත් ව දවා ගන්නේය. ඒ ඔහු ලකුණු 15ක් ලබා  සිටියදීය.

අද දිනය නිමා වනවිට බංගලි කන්ඩායම ලකුණු 268කි. මෙහෙදි හසන් මිරාස් ලකුණු 44ක් ලබාගෙන නොදැවී එක් අන්තයකය.  ටයිජුල් ඉස්ලාම් නොදැවි ලකුණු 10කි.

මුලින් කී ලෙස පරාජයෙන් බේරිමට බංගලියන්ට තවත්  ලකුණු 243ක්  අවශ්‍යය.  අද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දු ඕවර 67ක් යැවූහ. විශ්ව ප්‍රනාන්දු පන්දු ඕවර 10කි. අසි ප්‍රනාන්දු පන්දු  ඕවර 12කි. ලහිරු කුමාර පන්දු ඕවර 11කි.  ප්‍රභාත් ජයසූරිය 20ක් ධනංජය 7ක් කමිඳු 07ක් යවා ඇත්තේය.

කඩුලු ලබා ගැනීමේ දි ලහිරු කුමාර කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරි කඩුලු 02ක්, කමිඳු මෙන්ඩිස් කඩුලු 02ක් දවාගෙන ඇත්තේය. මංගල ටෙස්ට් කඩුල්ලත් සහිතව කමිඳු කඩුළු 02 ලබා ගන්නේ පන්දු ඕවර 7ක් පමණක් යවා ලකුණු 22 ටය.

2 -0 ක පරාජයේ අවමානය අවම කරගැනීමට තරග කරන බංගලාදේශ කණ්ඩායම මේ තරගාවලිය නිමා කරන්නෙ බිහිසුණු අවමානයක් සහ පරාජයේ වේදනාවක් සහිතව බව දැනට පෙනෙන ප්‍රතිඵලය අපට කියා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 320යි…

Next Post

ජීවිත රැසක් අහිමි කරමින් ඉස්තාන්බුල් හි සමාජ ශාලාවක හටගත් ගින්න!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.