කීර්ති ප්‍රනාන්දු –
චීනයෙන් ආනයනය කළ ලොකු ලුණු ඊයේ (01)දින සිට කිලෝවක්, රුපියල් 320ක තොග මිලට පිටකොටුව තොග වෙළඳපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ පවසති .
ඉන්දියාව සහ පකිස්ථානය එරට ලොකු ලූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් චීනයෙන් ලොකු ,ළූණු ආනයනය කිරීමට පියවර ගත් බවද තොග වෙළඳුන් පැවසූහ
මේ වන විට වෙළෙඳපොළ තුළ පවතින ලොකු ළූණු හිඟය සහ මිල ඉහළ යාම චීන ලොකු ළූණු ආනයනය කිරීමත් සමඟ පාලනය වනු ඇති බව කියා සිටින තොග වෙළදුන් උත්සව සමය තුළ වෙළඳපොළ තුළ කිසිදු ලොකු ළූණු හිඟයක් ඇති නොවන බව පවසයි .
එසේම මේ වන විට වෙළඳපොළ තුළ ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 550 සිට 700 අතර පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති .







