සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව යෞවනයන් ජපානය අභියස වාර්තා පිට වාර්තා තබති…

by editor
ජනවාරි 17, 2026
in ක්‍රීඩා
දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත අතර  ලකුණු 328 ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවයක්

දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත අතර ලකුණු 328 ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවයක්

Share on FacebookShare on Twitter

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකාව මුහුණ දුන් ආරම්භක තරගය වාර්තා රැසක් සමග අවසන් වි ඇත. පළමු තරගය ජපානය සමගය.  පන්දු යැවීමේ දී පන්දු රැකීමේ දි තවමත් ක්‍රීඩාවට ආන්තුක බවක් ප්‍රකට කළ යොවුන් ජපන් ක්‍රීඩකයින් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෝ අපහසුවකින් තොරව ලකුණු රැස් කළහ.

ආරම්භක පිතිකරු යුගලවන දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත අතර සම්බන්ධතාවය ලකුණු  328ක් විය. දෙදෙනාම ශතක රැස් කළහ. විරාන් චමුදිත පන්දු 125ක දී හතරේ පහර 26ක්  සහ හයේ පහරක් සමග ලකුණු 192කි. මෙම ලකුණු ප්‍රමාණය ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන  තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වුයේය.

විරාන් චමුදිත

මින් පෙරත් එම වාර්තාව තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සතුවය. ඒ හසිත බෝයගොඩය. හසිත බෝයගොඩ 2018 වර්ෂයේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් ලබා තිබිණි. විරාන් චමුදිත විසින් අද (17) බිඳ හෙළුවේ ඒ වාර්තාවය.

දිමන්ත මහවිතාන පන්දු 125ක දී හතරේ පහර 11ක් සමග ලකුණු 115කි.  විරාන් චමුදිත ලකුණු 192කි.  ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක ලබාගෙනය. ඔවුන් දෙදෙනා අතර  මුල් කඩුල්ල සඳහා ගොඩනැගුන ලකුණු 328ක සම්බන්ධතාවයත් තරගාවලි වාර්තාවකි.

අද ජපානයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් අතර පැවති ලකුණු 328 ක ආරම්භක සම්බන්ධතාවය ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාවයය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඔවුන් දෙදෙනා බිඳහෙළුවේ   2016 දී ෆීජි කණ්ඩායමට  එරෙහිව දෙවන කඩුල්ල සඳහා එංගලන්තයේ ඩෑන් ලෝරන්ස් සහ ජැක් බර්න්හැම් විසින් තබා තිබූ ලකුණු 303 ක සම්බන්ධතාවය ය.

නායක විමන්ත දින්සර පන්දු 24ක දී ලකුණු 44ක්,  රැස් කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 04කට ලකුණු 387කි.  ජපානය ‍වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ තිමොති මෝර්ය.  ඔහු පන්දු ඕවර 06ක් යවා ලකුණු 43ට කඩුළු 03ක් බිඳ හෙළුවේය.

ජපානය වැනි තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට හුරු වෙමින් ඇති ජාතියක් අභියස වාර්තා තැබූ නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ස්වරූපය ආසියානු කුසලාන තරගාවලියේ දී ලෝකයට පෙනුනේය. ඊට වඩා පරිනත ක්‍රිකට් විලාශයක් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට් දරුවන්ගෙන් අපේක්ෂා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

19න් පහළ ලෝක කුසලාන ඉන්දියා – බංගලි ගැටුමේ දීත් පොඩි උන් ලවා කරවූ ක්‍රිකට් කුපාඩිකම…. නායකයෝ අතට අත නොදී මගහරිති!

Next Post

19න් පහළ ලෝක කුසලාන තරග – ඉන්දීය නායකයාට අතට අත දෙන්නට බංගලි නායකයාට අමතක වුනාලු… තරගය අවසානයේ දී අතට අත දී විරසකය නිමා කරගනී…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.