ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 තරගාවලියේ ඇමරිකානු ජාතික ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.
මෙම යුරෝපියානු GT4 මෝටර් රථ තරගාවලියට සහභාගි වන එකම ආසියානු ධාවකයා ඩිලන්ත මාලගමුව වේ.
මර්සිඩීස් ASG GT4 වර්ගයේ මෝටර් රථයකින් මෙම තරගාවලියේදී ඩිලන්ත තරග වදී.
මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ







