බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉල්ලීම් දිනාගෙන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්  වර්ජනය අවසන් කිරීමේ කතාව…

by editor
ජනවාරි 16, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව අඩපණ කළ අර්බුදය මේ වන විට විසඳී ඇත.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කළ මෙම  තරග වර්ජනය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය (CWAB) අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු 2026 ජනවාරි 15 වන දින සවස් වරුවේ අවසන් කරන ලදී.

මෙම අර්බුදයේ ආරම්භය, ක්‍රීඩකයින්ගේ ඉල්ලීම් සහ ඇති කරගත් එකඟතාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙසේය

ගැටලුවට මූලික වූ හේතුවබංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම මූල්‍ය කමිටුවේ සභාපතිවරයා වූ එම්. නස්මුල් ඉස්ලාම් (M. Nazmul Islam)   විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙම වර්ජනයට මූලික හේතුව විය. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ක්‍රිකට් ආතතීන් හමුවේ ඔහු සිදුකළ පහත ක්‍රියාවන් ක්‍රීඩකයින්ගේ දැඩි කෝපයට හේතු වූයේය.

 ඔහු  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩයකින්ට අපහාස කළ බවට චෝදනා විය. ප්‍රධානම චෝදනාව වූයේ   2026 විස්සයි-20 ලෝක කුසලානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සමඟ සාකච්ඡා කරන ලෙස යෝජනා කළ හිටපු නායක තමීම් ඉක්බාල්ව  එම්. නස්මුල් ඉස්ලාම් “ඉන්දීය නියෝජිතයෙකු” ලෙස  හැඳින්වීමය.

ක්‍රීඩකයින්ගේ මුදල් සම්බන්ධව ද ඔහු අපහාසාත්මක ප්‍රකාශයක් කර තිබිණි.  ජාත්‍යන්තර ඇගයීමක් නොමැති ක්‍රීඩකයින් වෙනුවෙන් පාලක මණ්ඩලය කෝටි ගණන් මුදල් වියදම් කර ඇති බවත්, ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් එම ක්‍රීඩකයින්ට වන්දි ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පවසමින් ඔහු ක්‍රීඩකයින්ව  අවතක්සේරුවකට ලක් කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එමෙන්ම මුස්තාෆිසුර් රහ්මාන් සිදුවීම  දේශපාලන ආතතීන් මත මුස්තාෆිසුර් රහ්මාන් හට IPL තරඟාවලියට සහභාගී වීමට අවසර නොදීම සහ ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් පිටතට ගන්නා ලෙස කළ ඉල්ලීම් ද මෙම අර්බුදය තීව්‍ර කළේය.

මෙම වර්ජනයට ආසන්නම හේතුව වුයේ  මොහොමඩ් මිතුන්ගේ නායකත්වයෙන් යුත්  බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය   විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොකිරීමය.    මේ හේතුව නිසා  ඊයේ (15)  දින ක්‍රීඩකයින් තරඟාවලියෙන් ඉවත් විය. ප්‍රතිඵළයක් ලෙස බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරඟ කිහිපයක් නතර කිරීමට සිදු විය. නස්මුල් ඉස්ලාම්    ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩකයින්ගේ ප්‍රධාන ඉල්ලීම විය.

අනතුරුව පැවති  හදිසි සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ගේ ඉල්ලීම්වලට එකඟ වූ අතර ඒ අනුව වර්ජනය අවසන් කෙරුණි.

ඒ අනුව  නස්මුල් ඉස්ලාම්   මූල්‍ය කමිටු සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී.  අනතුරුව තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නස්මුල් ඉස්ලාම්  ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර ක්‍රීඩකයින් එය පිළිගත්තේය. එමෙන්ම ඔහුට එරෙහිව නිල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පාලක මණ්ඩලය තීරණය කළේය.

අතපසු වූ තරඟ නැවත පැවැත්වීම සඳහා BPL තරඟ කාලසටහන සංශෝධනය කර ඇත.  ජනවාරි 15 පැවැත්වීමට තිබූ තරඟ අද ( 16 ) දිනට කල් තැබුණි. අවසන් පූර්ව වටයේ (Eliminator/Qualifier) තරඟ ජනවාරි 19 වෙනුවට ජනවාරි 20 දින පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමකට මැර ප්‍රහාරයක්.. තිදෙනෙකු රෝහලේ… එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතලයි… මැහුම් 37ක් දාලා…

Next Post

පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල් කරගෙන ජාතිවාදී ගැටුම් ඇතිවන්න දෙන්නේ නෑ… කිසිම ජාතිවාදයකට රටේ ඉඩක් නෑ… ජනපති කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.