සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

එකෙකුට එකෙක් නැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රහසේ මඩ ගහගන්න පටන් අරන් ද?

by editor
ජනවාරි 20, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු විසින් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර කරන ලද විනය විරෝධී ක්‍රියා  පිළිබඳ තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කළේය.

ගාල්ලේදී පැවැති එංගලන්ත  පළමු ටෙස්ට් තරගය අතරතුරදී කොවිඩ් 19 වෛරසය පිළිබඳ සොයා බැලීමට පත්කර තිබූ වෛද්‍යවරියක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ අයථා හැසිරීමක්  දිගින් දිගටම   මාධ්‍යවල පල වී තිබිණි.

අදාළ වෛද්‍යවරිය එංගලන්තයේ පැවැති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියකටද සහභාගිවූ වෛද්‍යවරියකි. ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී එරට කොරෝනා වසංගත  තත්ත්වය සම්බන්ධවද සොයා බැලීමට මෙම වෛද්‍යවරිය පිටත්ව ගොස් ඇතැයි වැඩිදුරටත් කියැවිනි.

එහිදී ද ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ වෛද්‍යවරිය අතර අයථා හැසිරීම්   කළමනාකාරීත්වයට වාර්තා වී තිබු බව කණ්ඩායම් ආරංචි මාර්ග කීවේ යැයි වාර්තා වූයේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කෙසේ වෙතත් මේ පිළිබඳ කළ සොයා බැලීමක දී   මේ සියලු  කතා පසුපස   අතිශයින්ම ද්වේශ සහගත හැසිරීම් තිබීමේ සම්භාවිතව වැඩි බව හෙළි වී ඇත.  මාධ්‍ය ඔස්සේ මේ තරම් දැඩි විවේචන ගොනු වෙද්දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට එවැනි සිද්ධියක් කණ්ඩායම් කළමණාකාරිත්වය විසින් වාර්තා කර නැති බව කියැවිනි. ක්‍රීඩාගාරයක් තුළ සිදුවිය නොහැකි තරමේ අභව්‍ය සිද්ධියක් මෙන්ම බරපතල විනය බිඳ දැමීමක් සිදුවූයේ නම් අංශු මාත්‍ර සිහියක් ඇති පුද්ගලයෙක් එය තමන්ගේ ඇඟේ ගා ගන්නේ නැති බව එම ආරංචි මාර්ග අපට කීවේ වත්මන් ක්‍රිකට් කළමනාකරුවාගේ සාමාන්‍ය හැසිරීම ගැනද තොරතුරු හෙළිකරමිනි.

මෙවැනි කතාවක් නිර්මාණය වීමට හේතු ගණනාවක් ඇති බව ද එම ආරංචි මාර්ග කීවේය. ඔවුන් දක්වන පරිදි  ඉන් ප්‍රධානම හේතුව කණ්ඩායම තුළ ක්‍රීඩකයන් එකෙකුට එකෙක් නොමැති වීමය.  මේ තත්වය තුළ කණ්ඩායමේ ස්වකීය ස්ථානය තහවුරු කරගැනීමේ ප්‍රාථමික කුලල් කා ගැනීම් ඇති වී තිබෙන බවත් ඒ සඳහා ඕනෑම දුර්දාන්තයක් කිරීමට ඔවුන් එකිනෙකාට රහසේ පෙළඹෙන බවත් වාර්තා විය.

එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වූ වෛද්‍යවරියම ගාල්ල තරගාවලියට සහභාගී වීම නිසා මෙවැනි සංචාර අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් විසින් ඇති කරන ද්වේශ සහගත කැළඹීම් ද මෙවැනි සාහසකි මඩ ප්‍රහාරවලට හේතු වන බව ද එම ආරංචි මාර්ග සැල කළේය.

කෙසේ වෙතත් මුලු ක්‍රීඩාව ඇත්තේ අනතුරකය. අයාලේ යන අශික්ෂිත තත්වයකය. තවදුරටත් අප ආදරය කරන ක්‍රිකට් අපේ රටේ නැත.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයක් කිහිප දෙනකු විසින් කාඩ් සෙල්ලම් කිරීමේ සිද්ධිය ලෝකයම සජීවීව දැක්කේය. නැගෙන පීඩනය ඉදිරියේ කණ්ඩායම්  කළමණාකරු ඉල්ලා අස් වුනේය. මේ සම්බන්ධයෙන් අසන්ත ද මෙල්ගෙන් විමසීමක් කිරීමට අප උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වී ගියේය.

ක්‍රීඩාව යනු විනය ය. විනයක් නැති ක්‍රීඩාව ලාභ බලු පොරයකට දෙවෙනි වන්නේ නැත. ක්‍රිකට් තුළ ඒ පොරය ඉපදී තිබේ. දැන් එහි විලි ලජ්ජා නැති අශිෂ්ඨත්වය එළි දකිමින් ඇත.  ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ එළිපිටම සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගසා ගනිති. කුණු ඇද ගනිති. ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුත් ක්‍රිකට් ගසන්නට පටන් ගෙන ඇත. විලි ලජ්ජා සහිත ඇත්ත ටිකින් ටික අප ඉදිරිපිටය.

කෙසේ වෙතත් එංගලන්ත තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී දැඩි වෙනස්කම් සිදු කිරීමට තමන්ට සිදුවන බව ක්‍රීඩා ආමාත්‍ය නාමල් රජපක්ෂ  කීවේය. දැන් රට බලා සිටින්නේ මේ ක්‍රිකට් කුම්භාණ්ඩන් දෙස නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට්  සම්බන්ධව යුක්ති සහගතව හැසිරෙන බව කියන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ දෙසය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

Next Post

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ජෝ බිඩෙන් දිවුරුම් දෙයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.