බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

by editor
ඔක්තෝබර් 11, 2023
in ක්‍රීඩා, නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayerලෝක කුසලානයේ තවමත් අපි ක්‍රීඩා කළේ තරග දෙකක් පමණි. පුහුණු තරග දෙකත් සමග සියල්ලම  පරාජය වී තිබේ. එහෙත් ලෝක කුසලානයේ තරග දෙකේදීම අපේ පිතිකරුවන් 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර තිබීම එක් අතකින් සතුටට කරුණක් වන්නේ මෑත භාගයේ ලකුණු 250 ත් අපේ පිතිකරුවන් රැස් කළේ බොහෝ අමාරුවෙන් නිසාය.

එහෙත් පුහුණු තරග මෙන්ම දකුණු අප්‍රිකාව හා පකිස්ථානය අතර තරග දෙකේදී කුසල් මෙන්ඩිස් නොවී නම් මේ ලකුණු ප්‍රමාණය රැස් කරනු බොරු ය. කුසල්ට සහයක් දෙන අනික් පිතිකරු සදීර සමරවික්‍රමය.

අනෙක් කරුණ නම් මෙම තරග සඳහා ඉන්දියාවේ පිළියෙල කෙරෙන තණතීරු ය. ඒවා සමතල ( Flat ) හා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු ය.

එනිසා අපේ පිතිකරුවන්ටද ලකුණු 300-350 එතරම් අපහසු ඉලක්කයක් නොවේ.

එහෙත් එක දිගට ලකුණු වදින්නේ කුසල් ට හා සදීරට  පමණක් වීම පුදුමයට කරුණකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙවැනි පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු මත පන්දු යැවීමද කලාවකි. අපේ පන්දු යවන්නන් ඒ කලාව ප්‍රගුණ කර නැති බව හොඳින්ම පෙනේ.

කඩුළු ලබා ගන්නා වනිඳු හා දුෂ්මන්ත චමීර ආබාධ හේතුවෙන් කණ්ඩායමේ නොමැති වීම පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ආසියානු කුසලාන හා ලෝක කුසලාන වැනි වැදගත් තරගාවලි දෙකක් කටමුල නොවැදගත් ලංකා ප්‍රිමියර් ලීගය හෙවත් බෙටින් ලීගය අපේ ක්‍රිකට් බලධාරීන්ට වැදගත් වීම බොහෝ ක්‍රීඩකයන්ගේ ආබාධ වලට හේතුවක් විය.

ප්‍රිමියර් ලීගයේ තරගයකදී කලවේ මාංශ පේශියක් ඉරුණු වනිදු හසරංග ප්‍රතිකාර තඹ සතයකට මායිම් නොකර  තනි කකුලෙන් උඩ පනිමින් දැක්වූ හාස්‍යෝත්පාදක රංගනය පෙන්වූයේ ඔහුට ලෝක කුසලානය වැදගත් නොවන බවය. මේ ගොන් පාට් අතරතුර ඔහුට කණේපහරක් ගසා ආබාධ අවදානම ගැන කියා දීමට තරම් සමතකු එහි නොවීම කනගාටුවට කරුණකි.

මාස්ටර් මයින්ඩ් ජොකර් සමග තරගයට විහිළු සපයන සිලෙක්ටර් ලා

අපේ ක්‍රීඩකයන් 100% ක් ෆිට් නැති බව ඔවුන් පිටියේ ඉන්නා විට හොඳින්ම පෙනේ. අනෙක් රටවල ක්‍රීඩකයන් කඩුළු අතර දුවමින් එකේ ඒවා, දෙකේ ඒවා ලබන හැටි අපේ අයට නොහැක්කේ ෆිට් නැති නිසාය.

ප්‍රමෝද්‍යලා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් එළියට දාන්න යොදා ගත් 2 කිමී දිවීම හා ස්කින්ෆෝල්ඩ්ස් මැනීම දැන් නොමැත. ස්කින්ෆෝල්ඩ්ස් 100 ට වැඩි ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් ලෙස රැඳී සිටිති.

කුසල් පෙරේරා ලෝක කුසලානයට යැව්වේ බාගෙට සූදානමකිනි. ඔහු සිටියේ  ශරීර යෝග්‍ය්තාවෙන් මෙන්ම තරග අත්දැකීමෙන් බාගෙටය. ප්‍රතිඵලය දැනටමත් පෙනේ. කුසල් මෙන්ඩිස්ටත් පෙර කණ්ඩායමේ අංක එකේ කඩුළු රකින්නා වන කුසල් පෙරේරා මෙන්ඩිස් පිටියෙන් ඉවත් වීම නිසා කඩුළු රකින්නට යොදා නොගත්තේ ඔහු තවමත් 100% ෆිට් නොමැති නිසාය.

තුන්වෙනි කඩුළු රකින්නා වන සදීර ඒ වෙනුවට යොදා ගැනීමෙන් සිදු වූ පාඩුව අමුතුවෙන් කිව යුතු නොවේ.

මතීෂ පතිරණ තවමත් ඕවර 50 තරග සඳහා සුදුසු නැති බව ඕනෑම මෝඩයෙකුට තේරුම් ගත හැකි වුවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට හෝ මාස්ටර් මයින්ඩ් මහේලට නොතේරීම පුදුමයකි.

ඒ මදිවාට 20 හැවිරිදි මතීෂට කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යැවීමේ භූමිකාව  ලබා දීම උකුණු හිසක් තරම් හෝ මොළයක් ඇත්නම් නොකළ යුත්තකි. ඔහුගේ අනික් වේග පන්දු සහායකයා වන මධුශංකද තවමත් අත්දැකීම් අඩු නවකයෙකි.

මෙසේ කරන්නේ එම භූමිකාව කළ ලහිරු කුමාර බංකුවේ තබාගෙනය.

දසුන් ශානක නැමැති ආතක් පාතක් නැති මගියා

දේශපාලන සහායෙන් ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය යළි ස්ථාපිත කර ගත් දසුන් ශානක කණ්ඩායමේ සිටින්නේ පිතිකරුවකු ලෙසද පන්දු යවන්නකු ලෙසද යන්න පැහැදිලි නැත.

ඔහු කණ්ඩායම තුළ මගියකු පමණි. ඔහුගේ ප්‍රධාන හා එකම භූමිකාව වන්නේ කාසියේ වාසිය බැලීමට පිටියට යාම පමණි.

එවැනි නායකයන් සිටින්නේ ලංකාවේ පමණි.

කණ්ඩායම තුළ ඔහුගේ භූමිකාව කළ හැකි ඊළඟ ක්‍රීඩකයා වන චාමික කරුණාරත්න සිටින්නේ ස්ටෑන්ඩ් බයි ලැයිස්තුවේය.

බලාගෙන යන විට අපේ තේරීම් කමිටුව යනු එකම විහිළුවකි. එහි සිටින්නේ ජෝකරයන්‍ ය. පසුගිය ලෝක කුසලානයේ සිට තවමත් ඔවුන් තබා ගෙන සිටින ක්‍රීඩා ඇමතිවරයාද මේ අනුව ඊටත් එහා ජෝකරයකු  විය යුතුය.

පුහුණුකාර ගොබ්බයෝ…  

තරග පරදින විට බොහෝ දෙනා ඇඟිලි දික් කරන්නේ ක්‍රීඩකයන්ටය. එහෙත් පුහුණු කරුවන් ගැන කතා කරන්නේ ස්වල්ප දෙනෙකි. දිනන විට එහි ගෞරවය ලෝබ කමක් නොමැතිව  තමන්ටද බෙදා ගන්නා පුහුණුකරුවෝ පරාජයේදී ක්‍රීඩා කරන්නේ තමන් නොව  ක්‍රීඩකයන් බව කියමින් ලිස්සා යති.

නියුට්‍රල් අම්පයර් දැන් සූදානම් වන්නේ අපේ පුහුණුකරුවන් හා ඔවුන්ගේ කෙරුවාව ගැන කියා දීමටය.

ක්‍රිස් සිල්වර්වුඩ් යනු එංගලන්තයට ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයක් දිනා දුන් පුහුණුකරුවකු වුවත් අවසානයේ කණට ගසා එහි පුහුණුකරු ධූරයෙන් එලවා දමනු ලැබීය.

එංගලන්තයෙන් පන්නා සති කිහිපයක් ඇතුළත ඔහුට අපේ ප්‍රධාන පුහුණුකරු ධූරය පිරිනැමීමට තරම් අපේ ක්‍රිකට් බලධාරීහු  ඔහුට අනුකම්පා කළෝය.

ඒ මදිවාට මසකට ඩොලර් 18,000 ක් ගෙවා පුහුණු උපදේශකයකුද පත් කළෝය. ඒ වෙනකකු නොව මහේල ජයවර්ධනයි.

තමන්ට හිතුණු විටක පමණක් සංචාර වලට එක්වෙන මෙවන් මාසික වැටුප් ලබන  උපදේශකයන් ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි.

එසේම ජීවිත කාලයම ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස රැකියා ලබා දෙන හා දේශීය පුහුණුකරුවන්ට වඩා ඩොලර් වලින් ඉහළ වැටුප් ගෙවා විදේශවල සිටින බාග පුහුණුකරුවන් සේවයට ගන්නා ක්‍රිකට් ආයතනය ඇත්තේද ශ්‍රී ලංකාවේය.

මේ වන විට ජාතික කණ්ඩායම තුළ පමණක් සුදු ජාතික පුහුණුකරුවන් සිව් දෙනෙකි.

පන්දු රැකීම පුහුණුවට ගෙනා සුද්දා අපේ පුහුණුකරුවන්ගෙන් ඉගෙන ගනියි.

අභ්‍යාසක හා භෞත චිකිත්සකද සුද්දන්‍ ය. ඒත් ෆිට් නැති ක්‍රීඩකයන් ස්කින්ෆෝල්ඩ්ස් 100 ට වැඩි ක්‍රීඩකයන් නිතර ආබාධ වලට ගොදුරු වන ක්‍රීඩකයන් අපමණය.

සහායක පුහුණුකරු නවීඩ් නවාස්ගේ කාර්‍යභාරය කිසිවකු නොදනී.

එක දිගටම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කාලයක් මුළුල්ලේ සිටින්නේ ක්‍රීඩා සමාජයක් පමණක් පුහුණු කර ඇති දර්ශන ගමගේය. වේග පන්දු යවන්නන්ගේ දියුණුව ගැන පකිස්තානය සමග ලෝක කුසලාන තරගය හොඳම උදාහරණයකි.

දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු අවුරුදු 9 ක් අසාර්ථක සේවයකින් පසු ඉවත් කර මුරලිදරන්ගේ පිහිටෙන් නැවත සේවයට ගත් පියල් විජේතුංගය.

හොඳට ඇවිත් නැතිව ගිය දඟ පන්දු යවන්නන්ගේ ලැයිස්තුව ගතහොත් ඔහුගේද දක්ෂතාව මැන ගත හැක.

ලක්ෂ දහයකට වැඩි පඩියකට ඔහුව නැවත ගත්තේ ටෙස්ට් කඩුළු වැඩියෙන්ම ගත් වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත් ප්‍රතික්ෂේප කරමිනි. දැන් රංගනගේ සේවය ලබා ගන්නේ බංග්ලාදේශයයි.

ලක්ෂයක පඩි වැඩි කිරීමක් ඉල්ලූ චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ධූරයෙන් ඉවත් කරන ලදී.

දෙවන පෙළට පවා හරි හැටි දක්ෂ පුහුණුකරුවන් අපට නැත. ඉන්නේ ෆේස් බුකියේ වැඩ පෙන්නන ජිම් පප්පන්‍ ය.

මොවුන් සමග ආසියානු ක්‍රීඩා උළෙලට පදක්කම් දිනන්න ගිය” ඒ “කණ්ඩායම මුල් තරගයෙන්ම ඇෆ්ගන් පිලට පැරදී ආපහු පැමිණියෝය.

එහි පුහුණුකරුවන් වූයේ අවිශ්ක ගුණවර්ධන හා සජීව වීරකෝන් ය.

කාන්තා පිල රිදී පදක්කම දිනද්දී  ලකුණු 116 ක් රැස් කර ගත නොහැකිව එතරම් අජූත පරාජයක් ලබා ආපසු  පැමිණි මෙම පුහුණුකරුවන්ගෙන් කරුණු විමසීමක් හෝ සිදු කොට නොමැත.

රුමේෂ් රත්නායක යටතේ ඇති කාන්තා ක්‍රිකට් පිල පමණක් ප්‍රගතියක් පෙන්වයි.

උසස් තාක්ෂණ කුණුහරපය

නමට ඇති උසස් තාක්ෂණ පුහුණු අංශයේ ( High Performance ) පුහුණුකරුවන්ට ඔවුන් තක්සේරු කිරීමේ ක්‍රම වේදයක් හෝ පුහුණු සැසි මොනිටර් කිරීමේ ක්‍රම වේදයක් හෝ නොමැත.

මෙම උසස් තාක්ෂණ අංශයම ව්හිළුවක් බවට පත්ව ඇත.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙද්දී අතිරේක ක්‍රීඩකයන් මෙහි පුහුණු කරමින් තබා ගත යුතු වුවත් එහි ප්‍රධානී ටිම් මැකක්සිල්ට ඕස්ට්‍රේලියාවේ නිවාඩුවට යන්නට මසක නිවාඩු ලබා දී ඇත.

එයද අනුමත කර ඇත්තේ බලධාරීන්ට නොදන්වා ප්‍රධාන විධායක නිලධාරියා විසිනි.

මෙම අංශය හොඳින් පාලනය කළ ජෙරොම් ජයරත්න මේට්ලන්ඩ් පෙදෙසේ කාමරයක නිකම් උඩ බලන් ඉන්නට සලස්වා ඩොලර් 15,000 ක මාසික පඩියට ඕස්ට්‍රේලියාවෙන් ටිම් මැකක්සිල් තබා ගෙන සිටී.

ක්‍රිකට් විධායකයේ ඉන්නා ඇතැම් නිලධාරින්ගේ පුතුන් තමන්ට හිතෙන වෙලාවට පුහුණු අශයෙන් යති. ආපසු එති.

මෙවැනි “පුහු” පුහුණු අංශයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. දක්ෂතා ඇති ක්‍රීඩකයන් පව් ය.

මතීෂ පතිරණ, වෙල්ලාලගේ වැනි දක්ෂයෝ මෙම ක්‍රමය යටතේ හැදෙනවාට වඩා නැති වනු ඇත. ක්‍රීඩකයන් පව් කීවේ ඒ නිසාය.

(දේශීය ක්‍රිකට් ක්‍රීඩාව නැති වන අයුරු මීළඟ ලිපියේ…! )

නියුට්‍රල් අම්පයර්

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු මන්ත්‍රී ගිනි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබූ මන්ත්‍රී බිරිය 21 වසරකින් පසු නිදොස් කොට නිදහස්!

Next Post

ණය බරින් ගිල්වා වහලුන් කරගැනීමේ චීන උපායෙහි  ගොදුරක් වුන දූපතක් ගැන ලෝකය කියන කතා

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.