ඕමානයේ අල් එමෙරාට් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුළු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.
ඒ ඕමානය පන්දු ඕවර විස්ස අවසනායේ ලබා දුන් අභියෝගතාත්මක ලකුණු 159ක ඉලක්කය පන්දු ඕවර 17. 3ක දී පසුකර යමිනි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළේය. ඕමාන කණ්ඩායමේ පිතිකරුවෝ ඉතා තියුණු අභියෝගයක් ශ්‍රී ලංකා කණඩායමට එල්ල කරමින් පිතිකරණයක යෙදුනහ.
ඉතා ප්‍රහාරත්මක පිතිකරණය යෙදුනේ අකියුබ් ලියාස්ය. ඔහු පන්දු 38 ක දී ලකුණු 59ක් ලබා ගත්තේය. කාශ්‍යප් ප්‍රජාපතී පන්දු 19ක දී ලකුණු 29ක් ද නායක සීෂාන් මසූඩ් පන්දු 06 කදී ලකුණු 16ක් ද අයාන් ඛාන් පන්දු 26ක දීලකුණු 20ක් ද ලබා ගත්තේය.
අවසාන පන්දු ඕවර 03 අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය ලකුණු 159කට සීමා කළහ.
පන්දු යැවිමේ දී ලහිරු කුමාර පන්දු ඕවර 4ම යවා ලකුණු 20කට කඩුලු 2ක් ද, චාමික කරුණාරත්න පන්දු ඕවර 04 යවා ලකුණු 39ට කඩුලු 2ක් ද, මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4 යවා ලකුනු 24ට කඩුලු 01ක් ද, දසුන් ශානක පන්දු ඕවර 03ක් යවා ලකුණු 24ට කඩුලු 01 ද දවා ගත්තේය.
ලකුණු 159ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 02ක් ලකුණු 40වන විට බිඳ වැටිනි. දිනේෂ් චන්දිමාල් මුල් කඩුල්ල ලෙස පන්දු 08ක දී ලකුණු 18ක් ලබාගෙන පිටියෙන් ඉවත් විය. චරිත් අසලංකට පන්දු 04ක දී ලබාගත හැකි වූයේ ලකුණු 05ක් පමණි. 9 වැනි පන්දු ඕවරයේ දී පැතුම් නිශ්ශංක දවා ගැනීමට කලීමුල්ලා සමත් වූයේය. 10වන පන්දු ඕවරයේ පළමු පන්දුවේ දී අවිශ්ක ප්‍රනාන්දු මෙහොමඩ් නදීම්ට ගොදුරු විය. ඒ වනවිට ඔහු වේගවත් පිතිකරණය යෙදෙමින් පන්දු 18ක දී ලකුණු 33ක් ලබා සිටියේය. අනතුරුව පිටියට පැමිණි නායක දසුන් ශානක එම ඕවරයේම 3වන පන්දුවේ දී ලකුණු නොදීම දවා ගැනීමට මෙහොමඩ් නදීම් සමත් විය. ලකුණු 89කට කඩුලු 05ක් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ මොහොතේ කම්පනයට පත් වී සිටියේය.
එහෙත් පිටියේ සිටි භානුක රාජපක්ෂ සමග එක්වු චාමික කරුණාරත්න ඉතාම ඉවසීමෙන් යුතුව වෘත්තීය ක්‍රීඩාවක නිරත වෙමින් එකින් එක ලකුණ ලබාගෙන ස්ථාවර වී අවස්ථානුචිතව ප්‍රහාර දියත් කමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ආවේය. චාමික කරුණාරත්න පනිදු 26ක දී ලකුණු 35ක් රැස් කළේය. භානුක රාජපක්ෂ පන්දු 21 දී ලකුණු 35ක් රැස් කරගත්තේය. පන්දු ඕවර 17.3 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක් ලබාගෙන ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.







