සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙයියම්පා සුපිරියි…

by editor
පෙබරවාරි 14, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඒ තරගයත් දිනුම්ය. තරගාවලිය 3 -0 ලෙස දිනාගෙන ඇත.  අද තරගයේත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේය. ඒ කඩුළු 07කිනි. ඇෆ්ගනිස්ථානය සියලු දෙනා දැවී  ලබා දුන් ලකුණු 266ක ඉලක්කය පසු කරන්නේ  කඩුළු 3ක් පමණක් දැවී යද්දී  පන්දු ඕවර 35.2ක් තුළය. පන්දු 88ක් ඉතිරිය.

ඇෆ්ගන් ඉනිම

තුන්වන සහ අවසන් එක්දින තරගයකාසියේ  වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පල්ලෙකැලේ පැතලි තණ තීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. හේතුව පැහැදිලිය. තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කළේ පිතිකරණයේ යෙදුන කණ්ඩායමය.

පන්දුවට පහරදීමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ස්ථාව වෙමින් පැවති පිතිකරණය මුලින්ම බිඳ දමන්නේ අසිරිමත් පන්දු රැකීමකිනි. තරගයේ හතරවැනි ඕවරය යවමින් සිටියේ අසිත ප්‍රනාන්දුය. අසිත ප්‍රනාන්දුගේ තුන්වන පන්දුවට ඊබ්‍රහීම් සද්‍රාන්  එල්ල කළ පහර බිම පෙරළී රැක ගන්නා අවිශ්ක ප්‍රනාන්දු පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල වෙත කෙලින්ම පන්දුව එල්ල කරමින් ලබා ගන්නා දුවද්දී දවා ගැනීම මෑත වකවානුවේ සිදුකළ විශිෂ්ටම පන්දු රැකීමක් බව අන්තර්ජාතික විස්තර විචාරකයෝ කීහ.

22 හැවිරිදි ජවසම්පන්න  ඊබ්‍රහීම් සද්‍රාන් සිය එක් දින තරග දිවියේ තරග 31ක් තුළ දුවද්දී දැවී යෑමට හසුවන මුල්ම අවසථාව මෙයය.

අවිශ්ක සිය විශිෂ්ට පන්දු රැකීමෙන් පසු…

එහෙත් මේ පන්දු රැකීමේ ප්‍රභාව ඊලඟ පන්දුවෙන්ම විවාදයට ලක් විය. ඒ අසිත ප්‍රනාන්දු එවූ කදිම පන්දුවකට පළවෙනි ස්ලිප්හි ක්‍රීඩා කළ චරිත් අසලංක අතට රහ්මනුල්ලා ගුර්බාස් විසින්  ලබාදුන් පහසු උඩපන්දුව ඔහු අත්හැරීමෙනි.    එහෙත් ඒ  ලැබුණු ජීවිතයෙන්  ඒ තරම් ඉහළ ප්‍රතිඵලයක් ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් විසින් ලබා ගත්තේ නැත. ඔහු ලබා ගත්තේ ලකුණු 48කි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය. අකිල ධනංජයගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ගුර්බාස් දැවී ගියේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඇෆ්ගන් ඉනිමේ හොඳම පිතිකරණය රහ්මට් ෂා ගෙනි. ඔහු පන්දු 77ක දී ලකුණු 65ක් ලැබුවේය. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ඊලඟ අර්ධ ශතකය ලබන්නේ  අස්මතුල්ලා ඕමාර් සායි ය. ඔහු ලකුණු 54ක් ලැබුවේය. පන්දු 59කට මුහුණ දුන්නේය. එල්ල කර තිබුණේ හතරේ පහර 4ක් පමණි. අසිත ප්‍රනාන්දු යළිත් ක්‍රියාත්මක විය. අස්මතුල්ලාගේ කඩුල්ල කුඩු වී ගියේය.

රහ්මට් ෂා ගේ පිතිකරණය…

මේ ක්‍රීඩකයින්ට පසුව යම් සාධාරණ ඉනිමක් ක්‍රීඩා කළේ  කඩුළු රකින ක්‍රීඩක ඉක්‍රාම් අලිඛිල් පමණි. ඔහු පන්දු 38ක දී ලකුණු 32ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේට ගොදුරු විය. ඒ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

අනෙක් එකම කීඩකයෙක්වත් ලකුණු 15 සීමාව ඉක්මවා ගියේ නැත. පන්දු ඕවර 48.2ක් තුළ ඇෆ්ගන් ඉනිම ලකුණු 266කට සීමා විය.

පන්දු රැකීම

චරිත් අසලංකගේ ගිලිහී ගිය උඩපන්දුව නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම මරුය. වේගපන්දු යවන්නන්ගේ ආගමනය බලාපොරොත්තු උපදවන්නේය. හසරංග වෙනුවට ඇතුළට දැමූ දුනිත් වෙල්ලාලගේ පන්දු යවන්නන්ට විශාල සහයෝගයක් නැති තණතීරුවේ වික්‍රමයක් කළේය.  මහීෂ් තීක්ෂණ එළියේ තබා කණ්ඩායමට කැඳවූ අඛිල ධනංජය මහීෂ් තීක්ෂණ එළියේම තැබීමට බල කරන පන්දු යැවීමක නිරත වූයේය.

මෑතක දී සනත් කීවේ ඔවුන් ක්‍රීඩා කරන වකවානුවේ දී එක තරගයකින් හෝ ඩ්‍රොප් වීමට බය හිතෙන බවය. ලෙජෙන්ඩ්ස්ලා නැති බවත්  තරගයක් හැලුනොත්  ඒ තැන ගන්නට හැකි සුපිරි වැඩ්ඩන්  එදා සිටි ආකාරයත් සනත් පැවසුවේය.  කණ්ඩායමේ රැඳී සිටිය යුතු නම් කොන්දේසි නැතිව උපරිමය ලබා දිය යුතු බවට වන අතීත තියරිය යළිත් ආදේශ වනු දැකීම නියමය.‍

ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 8.2ක් යවා ලකුණු 45ට කඩුළු 03ක් බිඳහෙළුවේය. අසිත ප්‍රනාන්දු කැඳවූයේ අබාධයට ලක් වූ  දුෂ්මන්ත චමීර වෙනුවටය. ඔහු පන්දු ඕවර 9ක් යවා කඩුළු 02ක් ලබා ගත්තේය. අසිතගේ ආක්‍රමණශීලී මෙන්ම බුද්ධිමත් පන්දු යැවීම තමන් කණ්ඩායමේ සිටිය  යුතුම  ක්‍රීඩකයෙක් බව ඔහු තහවුරු කළේය.  හසරංග වෙනුවට කැඳවූ දුනිත් වෙල්ලාලගේ සිය වගකීම නියමෙටම කළේය . පිතිකරුවන් මත දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ දුනිත් පන්දු ඕවර 10 තුළ ලබා දුන්නේ ලකුණු 38කි. කඩුළු 02ක් ලැබුවේය.

මහීෂ් තීක්ෂණ වෙනුවට කැඳවූ අකිල ධනංජය පන්දු ඕවර 10ක් යවා ලකුණු 54ට කඩළු 02ක් දවා ගත්තේය.

අද තරගයට එක් වුන දුනිත් සහ අකිල…

ශ්‍රී ලංකා ඉනිම

ජයග්‍රහණය සඳහා ලකුණු 266ක් හඹා යන්නට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පල්ලෙකැලේ දී  ප්‍රදර්ශනය කළේ මොන ආකාරයෙන් බැලුවත් සුපිරි ක්‍රිඩාවකි. පැතුම් නිශ්ශංක යළිත් ශතකයක් වාර්තා කළේය. පන්දු 108ක් තුළ ලකුණු 118ක් ලබා ගත් ඔහුට තරගය අවසන් වනතුරු නොදැවී සිටීමේ පැහැදිලි ඉඩකඩ තිබිණි.  එහෙත් තරගයේ ඔහු 32 වැනි පන්දු ඕවරයේ 3 වැනි පන්දුවෙන් ඔහු  දැවී ගියේය. ඒ වනවිට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 14ක් පමණි.

පැතුම්ගේ වේගවත් ශතකයට හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.  යළිත් වරක් කිව යුත්තේ පැතුම් ගේ එම පිතිකරණය නර්තනයක් තරම් අලංකාර බවය. රිද්මයානුකූල බවය. ශාස්ත්‍රීය බවය.

පැතුම් සමග ඉනිම ආරම්භ කළ අවිශ්ක අතීත පෞරුෂවත් ක්‍රිකට් සිහි කළේය. ඔහු රිද්මයට පැමිණි විට කුමණ ආකාරයෙන් පන්දු එවිය යුතු ද යන්න පිළිබඳ පන්දු යවන්නන්ට තෝරා ගන්නට බැරිවන බව ඔහු අද පෙන්නුවේය. ඒ පිතිකරණය පුදුමාකාර විශ්වාසනීය සහ අතිශය ජව සම්පන්න එකකි. එමෙන්ම එය ගෙත්තම් කරුවෙක් කරන විචිත්‍ර ගෙත්තමක් තරම් අලංකාර එකකි.  අවිශ්කගේ ඉනිම කලා කෘතියක් තරම් ලස්සන බව ලියා තැබිය යුතුය.

අවිශ්කගේ මනරම් ඉනිම…

ඉනිම පුරාම දැඩි සංයමකින් සහ අතිශය ඉහළ ජවයකින් ක්‍රීඩා කළ අවිශ්ක සිය පිතිකරණයේ විශ්වාසය බිඳෙන මුල්ම අවස්ථාවේ දී දැවී යන්නේ ශතකය දකිමිනි. ඔහු ලකුණු 91ක් රැස් කළේය. ඒ පන්දු 66ක් තුළය. ඊට හතරේ පහර 10කි . හයේ පහර 05කි. ක්වයිස් අහමඩ් ගේ පන්දුවක් ඉදිරියේ ඔහු මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ 22 වැනි ඕවරයේ අවසන් පන්දවේ දීය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 173කි.  අවිශ්ක සහ පැතුම් පන්දුවට පහර එල්ලකරන ආකාරය දුටුවිට අප විශ්වාස කළේ මේ පිතිකරුවන් දෙදෙනාම ලකුනු 266ක ඉලක්කය පසු කර යනු ඇති බවය.

අවිශ්කගෙන් පසු පිටියට පැමිණෙන කුසල් මෙන්ඩිස් පන්දු 29ක දි හයේ පහර 04ක් සමග ලකුණු 40ක් ලැබුවේය. අප පන්දු 88ක් ඉතිරිව තිබිය දී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 267ක් ලබා ගත්තේය.

අපට මේ ජයග්‍රහණ වැදගත් වන්නේ ඇයි?

මේ ජයග්‍රහණ මාලාව ශ්‍රි ලංකා කණ්ඩායම විෂයෙහි වැදගත් වන්නේ අතිශය තීරණාත්මක ආකාරයෙනි. ඊට හේතුවක් තිබේ.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා මේ ආකාරයෙන්ම තිබුණේය. ඒත් අප හිටියේ උගන්ඩාවෙනුත් ගුටි කන ආකාරයටය. අපට සිම්බාබ්වේත් ගැහුවේය. ඇෆ්ගනිස්ථානය ගැහුවේ වඩාගෙනය.  ක්‍රිකට් එපා කරවන අන්ත නින්දිත ආකාරයට ඉන්දියාව ඉදිරියේ අපි පැරදුනේය.

2023 සැප්තැම්බර් 17 ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී පැයක් තුළ ලකුණු 50කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව පිළිතුරු දුන්නේ පන්දු ඕවර 6.1 තුළ කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමිනි.

අම්බානක් ගුටි දී එදා පොළොවේ බඹ ගානක් යටට වළ දැමූ ක්‍රිකට් එතැන් සිට ගොඩ ආවේම නැත. ක්‍රීඩකයින් කොඳු කඩා දැමු අබ්බගාතයින් සහ මළ මිනී ගානට වැටිනි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ උද්දච්ච ක්‍රිකට් සූදුවත් තේරීම් කමිටුවේ උපන්ගෙයි ගොබ්බ තීරණත් සමග අල වී තිබුණු ක්‍රිකට් ඉන්දියානු ප්‍රහාරයෙන් පසු පරඬැල් වුනේය.

අනතුරුව ලෝක කුසලාන තරග බලපු උන් කීවේ වයසක අත්තම්මාලා  ටිකක් දඹදිව වන්දනාවේ එක්ක ගියානම් මුන් ලෝක කුසලානයට යැව්වාට වඩා ඵලදායී බවය.

ලෝක කුසලානයේ දී අප ඉන්දියාවට යළිත් වරක් ලකුණු 56කට දැවී ගියේය.    ඒ පරාජය දැක ඉන්දීය ක්‍රීඩා ලෝලීහු අපට වඩා දුක් වූහ. ලෝක කුසලානයක් දිනාගත් රටක්, දෙවරක් ලෝක කුසලාන අවසන් මහා තරගයට තරග වැදුණු රටක් 2023  ලෝක කුසලාන තරගාවලිය නිමා කරනට විට සිටියේ 09 වැනි තැනය.  අපට වඩා පහළින් හිටියේ නෙදර්ලන්තය පමණි. අද   අප  පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ ඇෆ්ගනිස්ථානය අපට වඩා ස්ථාන 03ක් ඉදිරියෙනි.

මේ තරගාවලිය අපට වැදගත් වූයේ ඒ නිසාය. ඒ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසනීය මානසිකත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙනි..

මේ තරගාවලිය ආරම්භ කරනවිට ඇෆ්ගනිස්ථානය හිටියේ අපට වඩා බොහෝ ඉහලිනි. ඔවුන් ලංකාවට එන්නේ  ඉන්දියාවේ  සංචාරය කර   ඉන්දියානු කණඩායමට එරෙහිව සුපිරි ක්‍රීඩාවක් කරමිනි. අප තරග වැදුනේ ලෝකයේ අංක එක එදින තුන් ඉරියව් ක්‍රීඩකයා සිටි කණ්ඩායම සමගය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටිනා ක්‍රීඩකයින් තිදෙනෙක් සහිත කණඩායමක් සමගය.

මේ තරගාවලි ජයග්‍රහණය කිසිවෙකුට අවතක්සේරු කළ නොහැක්කේ එබැවිනි.  දැන් වැදගත් වන්නේ මේ ගොඩනැගුණ මානසික ශක්තිය මත පදනම්ව තනි ගේම් නොගසා කණ්ඩායමක් ලෙස වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් කිරීමය. ඇඩ්මින්ලා සල්ලිවලට ගෙන කරන ෆේස්බුක් සටන් වලින් ඉවත්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීමය. තමන්ගේ දක්ෂතා ගැන පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමය. හැකර කටවල් වසාගෙන රටක වගකිවයුතු තානාපතිවරුන් සේ ලෝකය ඉදිරියේ හැසිරීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී 15 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියමව සිටියදී සැඟව සිටි මනිමරු රියදුරු අත් අඩංගුවට…

Next Post

හරක් කටා සී.අයි.ඩි.යෙන් පන්නන් ගේම ගැසූ බව කියන රහස් පොලිසියේ 34 ගේ විමර්ශන වාර්තා විමසූ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සී.අයි.ඩි. යේ දත කට පූට්ටු වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.