සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා සී.අයි.ඩි.යෙන් පන්නන් ගේම ගැසූ බව කියන රහස් පොලිසියේ 34 ගේ විමර්ශන වාර්තා විමසූ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සී.අයි.ඩි. යේ දත කට පූට්ටු වෙයි!

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter
  • විමර්ශන වෙන්නේ පුද්ගල උවමනාවට ද?. තත්ත්වය මෙයනම් පොලිසියේ ස්වරූපය හෙළි කරමින් විවෘත අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරනවා… කොටුව මහේස්ත්‍රාත්වරයා සී.අයි.ඩි ට අනතුරු අඟවයි..

  • අධිකරණ නියෝග පිළිපදින්නෙ නැති ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වෙන්නේ නෑ…මහේස්ත්‍රාත්වරය අවධාරණය කරයි!

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව  භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි  නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ  නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත්  ‘හරක්කටා’ නමැත්තාට රහස් පොලිස් අත් අඩංගුටවෙන් පැන යෑම සඳහා උදව් කළැයි කියන සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශන පවත්වන්නේ යම් පුද්ගලයන්ගේ  උවමනාවට නම ඒ බව රටට දැන ගැනීම සඳහා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරන බව  කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (14) රහස් පොලිසියට අනතුරු ඇඟවූයේය.  

හරක්කටා රහස් පොලිසියෙන් පැන යෑමට උත්සාහ කිරිමේ දී  ඔහුට උදව් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ ඉහළම නිලධාරින් 03ක් ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 34 දෙනෙකුට චෝදනා එල්ල වි තිබුණා නේදැයි විමසූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අදාළ විමර්ශන වාර්තා කොහිදැයි විමසා සිටියේය. මෙම ප්‍රශ්නයට රහස් පොලිස් නිලධාරීහු නිරුත්තර වූහ.

මේ අවස්ථාවේ දි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ විමර්ශන කරනු ලබන්නේ එක් එක් අයගේ අවශ්‍යතා අනුව නම් පොලිසියේ සැබෑ තත්ත්වය රටට දැනගැනීමට විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරන බවය.

මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට  නියෝග කළේ රහස් පොලිසිය භාරව කටයුතු කළ එහි උසස්ම නිලධාරින් තිදෙනෙකුගේ බැංකු ගිනුම් විස්තර හා ජංගම දුරකථන ලබාගෙන මේම අපරාධයට  සම්බන්ධිතව ඔවුන් පිළිබඳ  කරුණු 28 වැනිදාට පෙර අධිකරණයට වාර්තා කරන ලෙසය.

සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ යුතු ආකාරය සම්බන්ධව රහස් පොලිසිය බාර අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දි ඇතැයි කි මහේස්ත්‍රාත්වරයා ඔහුගෙන් උපදෙස් රැගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ආකාරය අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කරමින් නඩුව පසුවට කල් තැබිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයෙන් ඉවත් වි ගියහ. යළිත් පැය කිපයකට පසු අධිකරණයට පැමිණි ඔවුන්  හරක් කටා අපරාධ පරීක්‍ෂණ දොපාර්තමේන්තුවෙන් පලා යෑමට සැලසුම් කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්‍ෂණ  දෙපාර්තමේන්තුව භාරව සිටි  නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්‍ෂවරයා හා  ස්ථානාධිපතිවරයා ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරින් 34 දෙනා  සම්බන්ධයෙන් විමර්ශන ආර්මභ කළ  බව කොටුව  මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට දැනුම් දුන්නේය.

ඉහළම නිලධාරීන් සම්බන්ධව පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශනය කරන බව කී රහස් පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මාසයක කාලයක් ලබා දිය නොහැකි බවය. 28 වැනිදා වනවිට මෙම අපරාධය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අධිකරණ නියෝගවලට අවනත නොවන යම් කිසි නිලධාරියෙක් ඇතිනම් අධිකරණයට වාර්තා කරන ලෙසත් එම පුද්ගලයින් සම්බන්ධව ගත යුතු පියවර ගැනීමට තමන් පසුබට නොවන බවත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවධාරණය කළේය.  – ලංකාදීප

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙයියම්පා සුපිරියි…

Next Post

පොලිසිය වැටුනු තැන… නිල ඇඳුම පිටින් ඇවිත් වේරහැර ෆුඩ් සිටියෙන් බඩු ඉස්සූ කොස්තාපල් මාට්ටු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.