බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පැරදුන තරග දෙකටත් එක්ක ලබා ගත් සුපිරි දිනුමේ කතාව! කවුද හිතුවේ අපේ උන් එංගලන්තය මේ විදිහට පොළොවෙ ගහයි කියලා…

by editor
සැප්තැම්බර් 9, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • මුරලිලා සනාලා ඕවල් පිටියේ 26 වසරකට පෙර ලත් දිනුමේ ගෞවරණීය දිගුවක් දුටුවෙමු… ඒ ක්‍රිකට් මාරයි… අත් නොහැර කරන සටනක අවසාන ප්‍රතිඵලය සුබයි…

තරග දෙකක් පරාජය වූ බව සැබෑය. එහෙත් අප තරගාවලිය නිමා කරන්නේ  එංලන්ත කණ්ඩායමට සර්ව සම්පූර්ණ උත්තරයක් ලබා දෙමිනි.  මේ සතුට දෝරේ ගලා යන මොහොතකි. අප කඩුළු 08කින් දිනුම්ය.

අතීත කතාව

ඕවල් ක්‍රීඩාංගනයේ අප මින් පෙර අවසන් වරට තරග කළේ මීට වසර 26කට පෙරය. එනම්   1998 දී ය.  එදා මේ තණතිරුවේ මහා වික්‍රමය කළේ මුරලි සහ සනත්ය . සනත් එදා  මේ පිටියේ ලකුනු 213ක් ලැබුවේය. මුරලි  ලකුණු 65කට කඩුළු 09ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබුවේය.

එහෙත් මෙවර අප මේ තරගය ක්‍රීඩා කළේ එදා පැවති තණතීරුවේ තත්ත්වය තුළ නොවේ. සරත් සමයේ කාලගුණ තත්ත්වය ආරම්භ වී තිබිණි. පසුගිය ප්‍රාන්ත ශූරතාවලියේ තරග 6කදී දඟ පන්දු යවන්නන් හමුවේ බිඳ වැටී තිබුණේ  කඩුලු 26ක් පමණි. වේග පන්දු යවන්නෝ කඩුළු 173ක් ලැබූහ. තෙත් කාලගුණය සහ වැසි සඳහා පුරෝකථනය විය. එය වසර 26 කට පෙර ශ්‍රී ලංකාව ඕවල් පිටියේ තරග කළ අවස්ථාවේ දී මුරලි ආධිපත්‍යය දැරූ තණතීරුවට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ස්වරූපයේ තණ තීරුවක් විය.  කණ්ඩායමේ විශේෂඥ දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය බංකුවේ තබා ඇතුළට ගත් විශ්ව ප්‍රනාන්දු සමග වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් සමන්විතව  ශ්‍රි ලංකා කණ්ඩායම තරග වැදුනේය. දඟ පන්දුව කෙරෙහි විශාල බලාපොරොත්තු සහිත ශ්‍රී ලංකා කණ්ඩායම සිය විශේෂඥ දඟ පන්දු යවන්නා බංකුවේ තබා තරග කිරීම  එතරම් හුරු ඇත්දැකීමක් නොවේ.  එංගලන්ත කණ්ඩායම හෝ ස්වකීය විශේෂඥ දඟ පන්දු යවන්නා වූ ෂොයිබ් බෂීර්  වෙනුවට වේග පන්දු යවන්නෙක් ආදේශ කරගත්තේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ තීන්දුව වෙනස්ම ආකාරයේ තීන්දුවක් වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් මේ තරගය සම්බන්ධව ක්‍රීඩා විචාරකයන් පුරෝකථන කර තිබිණි. ශ්‍රී ලංකාව මීට පෙර එංගලන්තයේදී ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගමාලා හතරකට ක්‍රීඩා කර ඇති අතර කිසිවිටෙකත්  පූර්ණ තරග පරාජයක් ලැබුවේ නැත. එය සුබවාදී ප්‍රවේශයක් ලෙස විචාරකයෝ දුටුවහ.  එමෙන්ම ඕවල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එක තරගයක්වත් පැරදී තිබුණේ නැත. එබැවින් මේ තරගය අඩුම තරමින් ජය පරාජයෙන් කෙළවර වනු දැකීමට බලාපොරොත්තු ඇති කරගත හැකි ඉතිහාසයක් විය. කෙසේ වෙතත් මේ තරගය මේ තරම් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනු ඇතැයි ඇත්තටම අප හිතුවේ නැත.

තරග සාරාංශය

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස එංගලන්තය ජය ගනු ලැබුව ද, අවසන් තරගයේදී සත්කාරක එංගලන්තය අල්ලා පොළොවේ ගසන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් ජයගනු ලැබුවේය. ඒ එංගලන්ත කණ්ඩායමේ අඛණ්ඩ ජයග්‍රහණ මංගල්ලය නිමා කරමිනි.

  • මුල් ඉනිම

තරගය ආරම්භ  වන්නේ පසුගිය 06 වැනිදා ය.   මුල් ඉනිමේ දී මුල් දිනය නිමා වනවිට එංගලන්ත කන්ඩායම ලකුණු 221කට කඩුළු 03කි. ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86කි.  ඔලේ පෝප් පන්දු 103ක දී ලකුණු 103ක් ලබාගෙන නොදැවී සිටියේය. වේග පන්දු යවන්නන් සිවු දෙනා සමග කළ සැලසුම් මුල් දිනයේ කුඩු වී යන ආකාරය දුටුවෙමු.

එහෙත් දෙවැනි දිනයේ දී අහස්ගවුවට යන ආකාරයෙන් සිටි  එංගලන්ත කණ්ඩායම හිටි වනම නැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කටයුතු කළහ. එංගලන්තයේ  ඉතිරි කඩුළු 07ම ලකුණු 104ක් තුළ දැවී ගියේය. ඔලේ පෝප් පමණක් හුදකලා ලකුණු 154ක් ලැබුවේය. පළමු ඉනිමේ දී එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 325කි.

ඔලේ පෝප් ලකුණු 154 යි….

පළමු ඉනිමේ දෙවැනි දිනය නිමා වනවිට අප සිටියේ බිහිසුණු තැනකය. තරගයේ දෙවැනි දිනයේ දී මුල් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 05 ලකුණු 93කට දැවී ගියේය. එහෙත් විශිෂ්ට පිතිකරණයක නිරත වූ ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස්  දෙවැනි දිනය නිමා වනවිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 211ක් දක්වා ඔසවා තැබූහ. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 54ක් ලබාගෙන සිටියේය.

කෙසේ වෙතත් තුන්වන දිනයේ   මුල් කාර්තුවේදීම ධනංජය ලකුණු 69කටත් , කමිඳු ලකුණු 64කටත් දැවී යන්නේය.  ධනංජය මුළු ලකුණු 220ක්ව තිබිය දී දැවී යන විට ධනංජය සහ කමිඳු අතර හය වැනි කඩුල්ල සඳහා ඇති වී තිබුණු සම්බන්ධතාවය ලකුණු 127කි.

ශ්‍රි ලංකා මුල් ඉනිම ගොඩ නැගෙන්නේ ප්‍රධාන වශයෙන් අදියර දෙකකිනි. ආරම්භයේ දී එක් අන්තයක් බිඳ වැටෙද්දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ පැතුම් නිශ්ශංක මුල අදියරය. ඔහු තියුණු උඩපන්දු රැකීමකින් දැවී යනවිට ලකුණු 64ක් ලබා සිටියේය. ඔහු ඊට වැය කළේ පන්දු 51කි. හතරේ පහර 09ක් ඒ ඉනිමට අයත් විය.

ධනංජය

පෙරහර යනවාක් සේ කඩුළු වැටෙද්දී හයවන කඩුල්ල වෙනුවෙන් ඉනිමේ එකම ස්ථාවර සබඳතාවය ගොඩනගන්නේ කමිඳු සහ නායක ධනංජය ය. ඔවුන් දෙදෙනා අතර ඇතිවන සම්බන්ධතාවය ලකුණු 127කි.  එය දෙවැනි අදියරය.

දෙවැනි දිනයේ දී  ධනංජය ද සිල්වා ලකුණු 69කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 220කි.  ඔහු දවා ගැනීමෙන් අනතුරුව  ලකුණු 43ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූවෝය. තරගය මුල් ඉනිම අවසන් වන්නේ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 263කට දැවී යමිනි.

  • දෙවැනි ඉනිම

තරගයේ තුන්වන දිනයේ එක් අර්ධයක් ඉතිරිව තිබිණි. . එංගලන්ත කණ්ඩායම ලකුණු 62ක් ඉදිරියෙන් සිට තරගය ආරම්භ කරන්නේය.  එහෙත් එතැන් සිට අප දකින්නේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ අතිශය තියුණු ප්‍රහාරයකි. ඒ පන්දු කරණය හමුවේ එංගලන්ත ක්‍රීඩකයෝ ඓතිහාසික ලෙස අසරණ වූ බව ලියා තැබිය යුතුය.

නිසි ඉලක්කය, දෝලනය සහ වේගය සහිතව තුන්වැනි දිනයේ දී   ඔවුන් සිදු කළේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමකි. ඒ පූර්ණ විනය සහිත පන්දුකරණය හමුවේ එංගලන්ත කණඩායම ලකුණු 156කට සියල්ලෝ දැවී ගියහ.

දෙවන ඉනිමේදී තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හරවා දීමට සමත් වන්නේ  විශ්ව ප්‍රනාන්දුය.   ජෝ රූට් සහ හැරී බෘක්ගේ කඩුලු පන්දු 6ක් ඇතුළත දවා ගැනීමට ඔහු සමත්විය. ඒ සමගෙම එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 7ම ලකුණු 82ක් ඇතුළත බිඳ වැටිණි.

විශ්ව ලබා දුන් ආරම්භයේ දිගුව ලහිරු කුමාර ගන්නේය.  ලහිරු  පන්දු ඕවර 07ක් යවා ලකුණු 21කට කඩුළු 04ක් දවා ගන්නේය.  විශ්ව පන්දු ඕවර 08ක් යවා ලකුණු 40කට කඩුළු 03ක් බිඳ දමන්නේය. අසිත ප්‍රන්න්දු වැඩිම පන්දු ඕවර ගණනක් යැවූ ක්‍රීඩකයා ය. ඔහු පන්දු ඕවර 12ක් යවා ලකුණු 49කට කඩුළු 02කි. මිලාන් රත්නායක ලකුණු 43ට කඩුල්ලකි.

දෙවැනි ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන්  සාර්ථක වන්නේ ජෙමී ස්මිත් සහ ඩැන් ලෝරන්ස් පමණි. කඩුළු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ලකුණු 67ක් රැස් කළේය. ඩෑන් ලෝරන්ස් ලකුණු 35කි.  ජෝ රූට් ලකුණු 12ක් ලැබුවේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 219කි.

  • ජයග්‍රහාහී ප්‍රහාරය

දිමුත් සහ පැතුම් තරගය ආරම්භ කළහ. දිමුත් ලකුණු 08කට දැවී ගියේය.  එහෙත් පැතුම් නිශ්ශංක මුල් ඉනිමේ සේම  එක් අන්තයක හිදිමින් අමතක නොවන ප්‍රහාරයක යෙදුනේය. දිනය නිමා වන විට පැතුම් පන්දු 44ක් තුළ නොදැවී ලකුණු 53ක්  ද    කුසල් මෙන්ඩිස්

අනෙක් අන්තයේ රැඳෙමින්   නොදැවී ලකුණු 30ක් ලබා ගෙන ක්‍රීඩා කරමින් සිටියේය.

පැතුම් ගේ සියය… මැතිව්ස් ගේ ආදරය…

අද (09) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු 125කි. ලකුණු 93කින් අද ආරමභ කළ ඉනිමේ  මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15ක් එක්වන විට, එනම් ලකුණු 108 දී කුසල් මෙන්ඩිස් ලකුණු 39කට දැවී ගියේය.   මේ සමගම  තරගකාරී ආගමනයක් එංගලන්ත කණ්ඩායමෙන් සිදුවනු ඇතැයි සියල්ලන්ගේම අපේක්ෂාව විය.

එහෙත් සිදුවන්නේ අනෙකකි. ඈන්ජලෝ මැතිව්ස් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට ගණයේ ක්‍රීඩාවක නිරත වූහ. නියත පරිණත පිතිකරුවෙක් ලෙස ඈන්ජලෝ මැතිව්ස් එක් අන්තයක තැන්පත් වී සිටියේය. පැතුම් සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණය අනෙක් අන්තයෙන් දියත් කළේය. මැතිව්ස් විනාඩි 97ක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 61ක් තුළ ලකුණු 32ක් රැස් කරන විට පැතුම් නිශ්ශංක පන්දු 121 ක් තුළ ලකුණු 127ක් රැස් කරන්නේය. පැතුම් නිස්සංක ඕවල් පිටියේදී ලබන සිය දෙවන ශතකය මෙයය.

මැතිව්ස් සිය ලකුනු 32ට එල්ල කරන්නේ හතරේ පහර 3ක් පමණි. පැතුම් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සිය 127ට  එල්ල කරන්නේය. ඔවුන් අතර ගොඩනැගෙන සබඳතාවය නොදැවුණු  ලකුණු 111කි. මෙහිදී කිව යුතු වන්නේ පැතුම්ගේ 127 තරම්ම මැතිව්ස් ගේ 32 වටිනා බවය. පැතුම් නිදහසේ සහ ආත්ම විශ්වාසයකින් යුතුව සිය ඉනිම දියත් කරන්නේ  අනෙක් අන්තයේ රැඳී සිටි මැතිව්ස්ගෙන්  ලද ශක්තියත් සමගය.

අවුරුදු දෙකක් එළියේ තබා සිටි පැතුම් ටෙස්ට් කණ්ඩායමේ සුදුසුම ආරම්භක පිතිකරුවා තමන් බව දැන් තහවුරු කර ඇත. ඔහු තරගයේ මුල් ඉනිමේ අර්ධ ශතකයකි. දෙවැනි ඉනිමේ නොදැවුන  ශතකයකි.

මේ තරගාවලිය සුවිශේෂිය. තරග 03ම ප්‍රතිඵළ සහිතව දින 04කින් නිමා වී තිබේ.  එමෙන්ම පිට පිට තරග 05ක් ජයග්‍රහණය කර මෙම තරගාවලියත් ජයග්‍රහණය කළත් තවමත් අප ඉන්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයට වඩා උඩිනි. මේ ලබා ගත් ආරම්භයේ නිශ්ඡිත ඉදිරි ගමන අපට බෙහෙවින්ම වැදගත් වන්නේ එබැවිනි.  දැන් අපට බලාපොරොත්තු සහගත හෙට දවසක් ගැන සිහින දකින ක්‍රිකට්වලට ආදරය කරන මිනිසුන් ලෙස  අලුතින් පටන් ගත හැකිය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවර සමගි ජන බලවේගයේ රැස්වීමේ දී රතිඤ්ඤා පිපිරී තුවාල ලද පොලිස් නිලධාරීන් ඇතුළු 09 දෙනාගේ තත්ත්වය අසාධ්‍ය නෑ… මහනුවර රෝහල් අධ්‍යක්ෂිකා කියයි!

Next Post

පාස්පෝට් පෝලිම ඇති වුනේ ඊ පාස්පෝට් සේවාව කොමිස් පිට රනිල්ගේ යාලුවෙකුට දීලා ඇනගත්තු නිසා… විජිත හේරත් හෙළි  කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.