සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඒ කළේ කුමක් ද?

by editor
අප්‍රේල් 1, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රීඩාලෝලීන් පමණක්වන අපට  නොතේරෙන ක්‍රමයක් අත්හදා බැලුවාදැයි නොදනිමු.  ලකුණු 531ක් මුල් ඉනිමේ ලබාගෙන ප්‍රතිවාදී කණ්ඩායම ලකුනු 178කට දවා ගත් විට දෙවැනි ඉනිමක පිතිකරණයක් සඳහා සැරසෙනු ඇතැයි සිතුනේ නැත.

ශ්‍රි ලංකා කන්ඩායම හිටියේ මුල් ඉනිමේ වාසිය ලෙස ලකුණු 354ක් ඉදිරියෙනි. එහෙත් ඉනිමක අභියෝගය භාර නොදී දිමුත් සහ මධුෂ්ක පිතිකරණයට එවීමට කළමනාකාරිත්වය සහ නායකත්වය එක්ව තීරණය කිරීම අපව තිගැස්සූ බව ලියා තැබිය යුතුය.

බංගලාදේශය අද තරගය ආරම්භ කළේ ලකුණු 96කට කඩුල්ලක් ලෙස තිබිය දීය.  අද තණතීරුව හැසිරුනේ මුලුමනින්ම පන්දු යවන්නන්ට ගැලපෙන ලෙසය.   ඉතිරි බංගලි  කඩුලු 09ම  තවත්  ලකුණු 82ක් පමණක් ලබා ගත්  ඕවර 35.5ක් තුළ දැවී ගියේය.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් මනරම්  වික්‍රමයක් කළහ  විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගත්තේය. අසිත ප්‍රනාන්දු කඩුළු 04ක් ලැබුවේය.

ධනංජය එක ලකුණයි…

354ක් ලකුනු අන්තරයක් සහිතව සිටියදීත් දෙවැනි ඉනිම පිතිකරණය තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම අද බංගලාදේශ කණ්ඩායම ලැබූ ආකාරයේම බිහිසුණු වේගපන්දු ප්‍රහාරයකට ලක් වූයේය. හසන් මහමුද් ලකුණු 51ට කඩුලු 04කි. ඛලේඩ් අහමඩ් ලකුණු 29ට කඩුළු 02කි. ශ්‍රි ලංකා කණ්ඩායම තුන්වන දිනයේ මුහුණ දුන් පන්දු ඕවර 25 තුළ ලකුණු 102කට කඩුළු 06ක් දැවී ගොස්ය. දිනය පුරාම ලකුණු 184කට කඩුළු 15ක් දැවී ගොස්ය. දෙවැනි ඉනිම පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළේ නම් මේ තණතීරුවේ මොනතරම් විපුලත්වයක් ලබා ගන්න තිබුණාදැයි මැච් බලන අපට හිතෙනවා සාධාරණය.  එහෙත් දැන් ඒ සියල්ල අහවරය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් මහමුද් සහ ඛලීඩ් විසින් එවු පන්දුවලට කඩුලු කුඩු කරගත්තේය. පළමු ඉනිමේ ශතකය ආසන්නයේ දැවී ගිය දිමුත් යළිත් ඒ වරද නොකරන බව කීවේය. නමුත් ඒ වරදම ඒ ආකාරයෙන්ම කර ඔහු දැවී ගියේය. පිට ඉන්නෙන් ඉවත යන පන්දුවක් පිත්තේ දැවටී දිමුත් දැවී ගිය ආකාරයමට කුසල් ද ඛලීඩ් එවූ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. මෙවර දිමුත් ලකුණු 4කි. කුසල් ලකුණු 2 කි.

අනතුරුව මහමුද් ගේ අනුයාත පන්දු ඕවර තුනක දී      නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය පිට පිටම දැවී ගියහ. නිශාන් ඉනිමේ 12.5 වැනි පන්දුවේ දි මේදි හසන් මිරාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහු ලකුණු 34ක් ලැබුවේය. දිනේෂ් චන්දිමාල්  මහමුද්ගේ ඊලඟ පන්දුවාරයේ දී ෂහාදත්  හොසේන් වෙත උඩ පන්දුවක් ලබා දී ලකුණු 6කට දැවි ගියේය. ඒ ඉනිමේ 14.4 වැනි පන්දුවේ දි ය. අනුයාත ඉනිම තුනක දී විශිෂ්ට ක්‍රිඩා විලාශයක් පෙන්නූ ධනංජය දැවී යන්නේ ලකුණු 1කට ය. ඒ  මහමුද් යවන ඉලඟ ඕවරයේ 3වන පන්දුවටය. ඒ ඉනිමේ 16.3 පන්දුවේ දිය.

මැතිව්ස් නොදැවි ලකුණු 39යි…

කමිඳු මෙන්ඩිස් දැවී යන්නේ ලකුණු 09කට ය. කඩුල්ල ඛලීඩ්ගේය. බංගලාදේශ පන්දු යවන්නන්ගේ පෙනුනේ තරගය වින්දනය කරන උද්ද්‍යෝගයකි.      එක් අවස්ථාවක, ස්ලිප්   හි පන්දු රකින ක්‍රීඩකයින් පස් දෙනෙක් පන්දුවක් රැක ගැනිමට හතරේ සීමාව දක්වා තරගයට දිව ගිය ආකාරය දුටුවෙමු. ප්‍රේක්ෂාගාරයේ සිටි සීමිත ප්‍රේක්ෂක පිරිස එම දැකුම වින්දනය කරන ආකායර දැකිය හැකි විය.

තුන්වන දිනය වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට වඩා ලකුණු  455ක් ඉදිරියෙනි. දැවී යෑමට අවස්ථා ලබා දෙමින් ඈන්ජලෝ මැතිව්ස් සිය ඉනිම නොදැවී ගොඩ නගන්නේ වාසනාවත් සමගය. මැතිව්ස් පන්දු 50කට මුහුණ දී ලකුණු 39ක් ලබාගෙනය. හතරේ පහර 3ක් ඒ ලකුණු 39ට ඇත. ඔහු සමග ප්‍රභාත් ජයසූරිය එක්ව සිටින්නේය. ප්‍රභාත් තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බව ඉඟි කරන ආකාරයේ පිතිකරණයකට එඑළඹී ඇත. ඔහු පන්දු 17කට දැඩි පීඩනයක් යටතේ මුහුණ දී නොදැවී ලකුණු 03ක් ලබාගෙන හිඳී.

ලකුණු එන්නේ දැඩි ආයාසයෙනි. ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 102ට කඩුළු 06කි. ඉලක්කය ලකුණු 500ක් ලබා දීම විය හැකිය. නමුත් ඒ සඳහා ලබා ගත යුතු තවත් ලකුණු 45ක් යනු පහසු නැත.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය පිළිබඳ පූර්ණ විශ්වාසය මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව බව පෙනෙන්නේ තණතීරුව හැසිරෙන විලාශය සහ ඔවුන් විසින් ලබා දීමට නියමිත විශාල ඉලක්කය සමග බලන විටය.

බොහෝ විට මේ තරගයත් දින 05ක් දක්වා ගියොත් මරුය. පේන විදිහට හෙට තරගය අවසන් වන ලකුණු පහළ වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්!

Next Post

ඉනිමකින් ගහගන්න තිබුණ අභියෝගය මගහැර වේග පන්දු යවන්නන් විවේක ගැන්වීමට ගොස් වෙච්චි දේ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.