සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල්. අද නොවෙයි හෙට… තරගාවලිය යළිත් කල් යයි

by editor
සැප්තැම්බර් 30, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විදේශයක සිට පැමිණෙන පුද්ගලයෙක්  දින 14ක් නිරෝධායනය කිරීමේ  ජාතික නිරෝධායන ප්‍රතිපත්තිය මත පදනම්ව එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දින දර්ශනය යළිත් සකස් කිරීමට තීරණය වීමත් සමග   හෙට  (01 දා) පැවැත්වීමට නියමිතව  තිබූ ක්‍රීඩක වෙන්දේසිය ලබන 9 වන දා තෙක් කල් ගොස් තිබේ.

අයි.පී.එල්. තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන බවත්,   අයි.පී.එල්. සහභාගී වන ක්‍රීඩකයනුත් එල්.පී.එල්. පැමිණෙන නිසා  ඔවුන්ටත්  නිරෝධානය සඳහා කාලයක් අවශ්‍ය බැවින්   මෙවැනි තීන්දුවක් ගන්නට සිදු වූ බව එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න පැවසීය.

තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබුණත්  එය කල් ගියේ දෙවැනි වතාවටය.   මීට පෙර ඉකුත් අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය. අදාළ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වෙන්දේසිය ලබන 9 වැනිදා දක්වා කල් දැමීමට කටයුතු කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 270 ක නම් ලැයිස්තුවක් සකස් කර තිබුනි. එම ලයිස්තුවට  විස්සයි විස්ස තරග රටාවේ ලොව නම් දැරූ ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල් ඩැරන් සමී, ජොනී බෙයාස්ටෝ, කෙමාර් රොච්, ෂකීබ් අල් හසන්,  ෂොයිබ් මලික්, ටේරන්ට් බෝල්ට්, ටිම් සවුති, ඇඩම් මිලන් සහ ෆෆ් ඩු ප්ලෙසිස් යන ක්‍රීඩකයන්ද  ඇතුළත් වීම විශේෂත්වයකි. මීට අමතරව සහිඞ් අෆ්රීඩිව දැනටමත් ගාල්ල කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා වශයෙන් වෙන්කර ගැනීමට එම කණ්ඩායමේ අයිතිකරුවන් ක්‍රියා කර තිබේ.

නමුත් තරගාවලියේ දින වකවානු වෙනස් කිරීමෙන් එල්.පී.එල්. පැමිණීමට කැමැත්ත පළ කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව මග හැරෙනු ඇතැයි පැවසේ.   වාර්තා වන පරිදි බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩයන්ට එල්.පී.එල්. සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

එල්.පී.එල්. සහභාගි වීමට බංගල්දේශ ක්‍රීඩකයන් වන ඉම්රුක් කයිස්,  රුබෙල් හොසේන්, ෂකීබ් අල් හසන්, ටමීම් ඉක්මාල්, ලිටන් ඩෑස්, සබීර් රහමන් සහ මෙහෙදි හසන් කැමැත්ත පළ කර තිබුණි.

උද්ගතවී ඇති තත්ත්වය අනූව එල්.පී.එල්. තරගාවලිය මෙම 2020 වසරේදි පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර එය ජනවාරි  හෝ පෙබරවාරි මසදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තරගාවලිය අයිතිය දරන අයි.පී.ජී. ආයතනය අවධානය යොමු කර තිබේ.

Share69Tweet43
Previous Post

සජිත්ට ගල් ගැසූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට

Next Post

ක්‍රිකට් උපන් එංගලන්තයට ක්‍රිකට් උගන්වන ශ්‍රී ලංකාවේ තරිඳු

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.