බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මෙල්ල කළ නොහැකි ගෝලීයකරණයත් කොවිඩ් නිසා මිය යයිද?

by Lanka Sara Editor
මැයි 27, 2020
in ව්‍යාපාර
Globalization
Share on FacebookShare on Twitter

The Economist හි පළවූ ලිපියක් අසුරින් සැකසිණි.

කොවිඩ් වසංගතය ලෝකයට පැමිණීමට පෙර සිටම ගෝලීයකරණය පඹ ගාලක පැටලී තිබුණු බව රහසක් නොවේ. දශක ගණනාවක් මුළුල්ලේ විවෘත ආර්ථිකය විසින් ලෝකයේම ආර්ථිකය පාගාගෙන සිටියත් කලින් කලට ආ ආර්ථික කඩාවැටීම් සහ චීන ඇමරිකානු වෙළඳ යුද්ධය නිසාවෙන් මෙම ආර්ථික ක්‍රමවේදයට හානි පැමිණ තිබුණි. වසර දොළහකට පසුව දැන් ඒ ආර්ථික ක්‍රමයට තුන්වැනි අභියෝගයකටත් මුහුණ දීමට සිදුව තිබේ. දේශ සීමා වසා, සමස්ත රාජ්‍යයන් පිටින් වසා දමමින් ආර්ථිකය කඩා බිඳ දමන තැනටම එම අභියෝගය උග්‍ර වී තිබේ.

නැවත තත්ත්වය සමනය වී ආර්ථිකය විවෘත වුවද සියල්ල තිබූ අයුරින් යථාතත්ත්වයට පැමිණීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. ක්ෂණික වර්ධනයන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. වසංගතයට පසුව එන දේශපාලණිකරණය වූ සමාජයේදී සංචාරක ක්ෂේත්‍රයන්, සංක්‍රමණය වීම් ආදියඒකාධිකාරියක් වෙත තල්ලු වී යනු ඇත. එවිට අන්තර්ජාතික අස්ථාවරත්වයක් නිර්මාණය වේ. එමඟින් තත්ත්වයන යථාතත්ත්වයට පත්වීම දුර්වල කරයි.

ලෝක ආර්ථිකය ඒකාබද්ධ කිරීමට හැකි වැදගත් කාලවකවානු කිහිපයක් මුණගැසුණු නමුත් 90 දශකයේ පැනනැගුණු වෙළඳ ක්‍රමවේදයන් එම හැකියාවන් කිසිදා නොවූ විරූ ලෙස වෙනතකට ගෙන ගොස් ඇත. චීනය ලෝක ආර්ථිකයේ වැඩපොළ බවට පත්වීමත් සමඟ ජනතාව වෙත මුදල්,භාණ්ඩ,සන්නිවේදනය සහ සිමාවන් ආදිය විවෘත විය.
2008 වසරේ ආර්ථික අවපාතයට පසුව බොහෝ බැංකු,මුල්‍ය ආයතන සහ බහු ජාතික සමාගම් අඩියක් පස්සට ගත්තේය. වෙළඳාම සහ විදේශ ආයෝජන එකතැන නතර විය. එම වකවානුවේ ජාත්‍යන්තර පුවත්පත් මෙම අවපාතය හැඳින්වුයේ slowbalisation ලෙසය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඉන්පසු ලෝකයට පැමිණියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික යුද්ධයයි. ඒ දේශානුරාගය, ධනේශ්වරයේ ඒකාධිකාරිය, නිල් කරපටි කම්කරුවන්ගේ රැකියා අර්බුදය, මෙන්ම සම්මුතීන්ට එරෙහිව යන ආර්ථික යුද්ධයයි. පසුගිය වසරේ වුහාන් නගරයෙන් වෛරසය ඇරඹෙන විට ඇමරිකාව සිය ආනයන වෙනුවෙන් අයකරගන්නා බදු ආදායමේ ඉහළම තැනක සිටියේය. ඒ 1993 වසරට පසුව පැමිණි බදු ආදායමේ හොඳම කාල වකවානුවයි. එසේම චීනය සහ ඇමරිකාව ඔවුනොවුන්ගේ තාක්ෂණ හුවමාරු ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණ සිටි වකවානුවයි.

කෙසේහෝ ගෙවුණු ජනවාරියේ සිට ආසියාව දෙසින් ආර්ථික කඩාවැටීම ආරම්භ විය. ලෝකයේ භාණ්ඩ අලෙවිය මෙම වසරේදී 10% සිට 30% දක්වා ප්‍රමාණයකින් කඩාවැටීමට ලක්ව ඇත.මැයි මාසයේ පළමු දින 10දී දකුණු කොරියාවේ පමණක් අපනයනයන් 46%කින් පහළ බැස ඇත.

කෙසේහෝ මේ වනවිට ගෝලීය පාලනයේ සැබෑ ස්වරූපය ලෝකයට අනාවරණය වී තිබේ. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය නිරෝධායන නීති රීති හේතුවෙන් දබර කරගනී.චීනය ඕස්ට්‍රේලියාවට බදු ගැන කියමින් තර්ජනය කරයි. ධවල මන්දිරය වෙළඳ යුද මානසිකත්වයෙන් මත්වී ඇත.ඇමරිකාව ලෝක නායකයකු ලෙස ඉදිරියට පැමිණීමට අකමැත්තෙන් සිටී.චීනයේ යුතු බලපෑම් සහ ඔවුන් ලෝකයට සඟවන දේවල් ඇති බවද හොඳින්ම පෙනෙන්නට ඇත. මේ සියලු කාරණා සැලකිල්ලට ගත්විට ලෝක ජනයාගේ මතවාද ගෝලීයකරණයෙන් ඈතට යමින් තිබේ.

මේ ආරම්භයක් පමණි. මේ ධනවාදී ක්‍රමය ජනතාව එකට තියා කටයුතු කරන්නේ නැත. ඇමරිකාව සංක්‍රමණ සීමා කර ඒ වෙනුවට ස්වදේශිකයන්ට රැකියා අවස්ථා ලැබෙන ක්‍රමවේදයක් කෙරේ අවධානය යොමු කරයි. අනෙක් රටවල්ද එම ක්‍රමවේදයන් අනුගමනය කරයි. සංචාර සීමා වේ. රැකියා සොයාගැනීම අපහසු වේ.ගුවන් සමාගම් සිය ගමනාගමනයන් සීමා කර ඇත. ඔවුන් එම මෙහෙයුම් 2022 වනතුරු යථාතත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත.

ලෝකයේ රටවල් ස්වදේශිකත්වය සහ දේශීය නිෂ්පාදන කර්මාන්ත කෙරේ වැඩි නැඹුරුවක් දක්වනු ඇත. ස්වදේශික ආයතනවලට වැඩි අවස්ථාවන් හිමිවීමට නියමිතය. පසුගිය මැයි 12 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ජාතිය අමතමින් කිවේ ආර්ථිකයේ නව කාල පරිච්ජේදයකට සූදානම් විය යුතු බවයි. ජපානය දේශීය කර්මාන්තශාලා සඳහා රජයේ ආධාර ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. යුරෝපානු සංගමය තුළ උපායමාර්ගික ස්වයංපාලනයක් පිළිබඳව කථිකාවක් ඇතිව ඇත. ඇමරිකාව සිය තාක්ෂණික සමාගම්වලට රට තුළ කර්මාන්ත අරඹන ලෙස උනන්දු කරවමින් සිටී.

දිගු කාලීන ආයෝජනයන් කඩාවැටීමත් සමඟ ප්‍රාග්ධනයේ යෙදවීම් පාඩු ලබමින් තිබේ. ඇමරිකාව සිය සමාගම්වලට පවසා සිටින්නේ චීන කොටස් මිලදී නොගන්නා ලෙසටයි. විදේශ ආයෝජන සහ විදේශ ණය ගෙවීම් ලෝකයේ රටවලට අර්බුද ගණනාවක් නිර්මාණය කර ඇත.

ජාතිකත්වය මත පදනම් වූ ආර්ථික ජාලයන් වඩා ආරක්‍ෂිත සහ කරුණාබර ලෙස පෙනුනද ඒවා ස්ථිරසාර පිළියම් නොවීමට ඉඩ ඇත. දුප්පත් රාජ්‍යයන්ට මෙම තත්ත්වය මත රැඳී සිටීම බොහෝ අපහසු වනු ඇත. ධනේශ්වර රටවල ජීවත්වීම බොහෝ වියදම් අධික වනු ඇත. එසේම ජීවිතය කිසිදු නිදහසකින් තොර වනු ඇත.කෙසේවුවද කඩා වැටුණු ලෝකය අපහසුවෙන් වුවත් කෙසේ හෝ මේවාට පිළියම් සොයාගනු ඇත්ද ? කොරෝනා වෛරසයට නිවැරදිම එන්නතක් සොයාගත් පසුව සහ කඩා වැටුණු ලෝක ආර්ථිකය ආරක්ෂාකාරී වූ පසු සියල්ල නිවැරදි වනු ඇතිද ? අවාසනාවකට ඒ න්‍යායය තවදුරටත් පලක් වනු ඇතැයි සිතිය නොහැක.

විවෘත ආර්ථික සුව කළ නොහැකි තරමට තුවාල වී ඔඩුදුවා ඇත. ගෝලීයකරණයේ ඒ ස්වර්ණමය යුගයට දැන් ආයුබෝවන් කීමට සිදුව ඇත. දැන් කළ යුත්තේ ගෝලීයකරණය නික්ම ගිය පසු එන හිස්තැනට එන නව සංකල්පය කුමක්ද කියාය.
පමුදිනී හෙට්ටිගොඩ

Share69Tweet43
Previous Post

බෞද්ධ දර්ශනය මගේ ජීවිතයට සතුට ළඟා කරවනවා!

Next Post

පෑන් පැන්සල් මගින් කොවිඩ් බෝ වීමේ අවදානමක්… දෙමව්පියන්ට අනතුරු හඟවයි.

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.