සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කප්රුක 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක

The platform strategy gains momentum

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් කාර්යසාධනය 94%ක වර්ධනයක් ලබා ඇත. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,494 දක්වා ළඟා වී ඇති අතර එය සමාගමේ කැපී පෙනෙන මූල්‍ය කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති ධාරිතාව පිළිබිඹු කරයි. උපායමාර්ගික මිල ගණන්, පුළුල් නිෂ්පාදන පරාසය, පිරිවැය විනය සහ ප්‍රති සන්නාමගත කිරීම තුළින් ලැබූ වාසි ඇතුළු බොහෝ සාධක මෙම වර්ධනය හේතු වී ඇත. සාම්ප්‍රදායික e-commerce වේදිකාවකින් ඔබ්බට ගොස් වඩාත් නවීන අලෙවි වේදිකාවක් දක්වා කප්රුක සමාගම පැමිණි ගමන වේගවත් කළ කප්රුක Partner Centralද මෙම වර්ධනය පසුපස ඇති ප්‍රධාන සාධකයකි. ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික සන්නාම සමග එක් වෙමින් හවුල් මෙවලම්, ප්‍රශස්ත සේවා ගිවිසුම් සහ ඒකාබද්ධ සැපයුම් හරහා සිය මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට එම සමාගම කටයුතු කර ඇත.

මෙම වේදිකා මොඩලය පාරිභෝගිකයන්ට වැඩි තෝරා ගැනීම් සහ පහසුව සහතික කරන අතර කප්රුක සමාගමේ සහ ව්‍යාපාර හවුල්කරුවන්ගේ ඒකක ආර්ථිකය ඉහළ නංවයි. විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු එක්සත් ජනපද ඩොලර් මත පදනම් වූ ඇණැවුම්, ‘පෙට්ටි පෙට්ටි’ වැනි වැඩි දියුණු කළ සේවා සහ ඉක්මන් බෙදා හැරීමේ සේවා මෙම කාර්තුවට අදාළ වර්ධනයට හේතු විය. “අපි මේ දකින්නේ නිසි අවධානය යොමු කිරීම සහ වේදිකා චින්තනය තුළින් ලැබූ ප්‍රතිපල බව පැවසීම නිවැරැදියි. ආදායම 14%කින්, දළ ලාභය 30%කින් සහ මෙහෙයුම් ධාරිතාව 2024 වසරට සාපේක්ෂව 94%කින් ඉහළ නංවන්නට අපට හැකි වුණා. Partner Central තුළින් ලැබූ වාසි බොහොමයි.” සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා පැවසීය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Share69Tweet43
Previous Post

NPP මැරයො අපේ ගම්පහ කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගත්තා… මේ ළදරුවන්ට ඔවුන් ආණ්ඩු බලය අරන් ඉන්න බව කවුරුහරි මතක් කරන්න – පුබුදු ජයගොඩ

Next Post

වසර 159ක්  පිරෙන පොලීසියේ ඉතිහාස කතාව…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.