බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 159ක්  පිරෙන පොලීසියේ ඉතිහාස කතාව…

by editor
සැප්තැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

මෙරට පැරණිම දෙපාර්තමේන්තු වූ  මිනින්දෝරු , තැපැල් ආදී දෙපාර්තමේන්තු අතර පොලිස් දෙපාර්තමේන්තුවද වේ. අද   දිනයේදී පොලිස් දෙපාර්තමේන්තුව වයස අවුරුදු 159 ක් සපුරාලන දැවැන්තයකු බවට පත් වේ.

මේ වන විට පොලිස් දෙපාර්මේන්තුවේ 37 වන පොලිස්පති වරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය කටයුතු කරමින් සිටී. පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් කොස්තාපල් වරයකු ලෙස  සේවයට එක්වු ඔහු පොලීසියේ තනතුරු නාමාවලියේ වන සෑම තනතුරකම රාජකාරියේ නිරත වූවකු ලෙස සේවා අත්දැකීම් ලබා ඇති නිළධාරියෙක් ලෙස සැළකේ.

අපරාධ හා රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීම , මහජන ආරක්ෂාව ඉහළ නැංවීම, සාමය පවත්වා ගැනීම හා සාමය ආරක්ෂා කිරීම ආදිය පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ලැයිස්තුව ලෙස සඳහන් කළ හැකිය. පොලිස් බළකායට අයත් භෞමික කොට්ඨාශ 43 කි. ක්‍රියාකාරී කොට්ඨාශ 67 ක් හා  84000ක පමණ පොලිස් නිලධාරීන් සිටී. මෙරට අභ්‍යන්තරයේ පිහිටා ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව 432 කි.

පොලිස් (POLICE) යන වචනය සෑදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පහත දැක්වෙන වචන වල මුල් අකුරුවලිනි. එම නිර්වචනයන් තුළින් පොලීසිය පිළිබඳව යම් අදහසක් ගත හැකිය.  POLITE යන්නෙන් විනීත යන අරුතද, OBEDIENT යන්නෙන් කීකරු , LOYAL රාජ්‍ය පාක්ෂික,   INTELLIGENT යන්නෙන් බුද්ධිමත්, COURAGEOUS යන්නෙන් ධෛර්යමත් , EFFICIENT යන්නෙන් කාර්යක්ෂම යන්නද අරුත් ගැන්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂාව පිළිබඳ විධි විධාන සඳහන් වන්නේ XV111 වන පරිච්ඡේදයේ 155 වන ව්‍යවස්ථාව යටතේය. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හෝ මහජන ආරක්ෂාව පිළිබඳ බල පවත්නා නීතිය යටතේ හෝ හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලයට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන හැර වෙනත් ඕනෑම නීතියක විධිවිධාන යටපත් කිරීමේ, සංශෝධනය කිරීමේ හෝ අත් හිටුවීමේ නෛතික බලය ඇති නියෝග සෑදීමේ බලයද අයත් වේ. යම් නීතියක ඇති විධි විධාන යටපත් කිරීමේ, සංශෝධනය කිරීමේ හෝ ක්‍රියාත්මක වීම අත් හිටුවීමේ නෛතික බලය ඇති හදිසි අවස්ථා නියෝග සෑදීමට ජනපතිවරයාට බලය පවරන නීතියක විධිවිධාන අනුව ජනපතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබූ විට පමණක් එය ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 පරිච්ඡේදයේ පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් නීතිගත කර තිබේ. ඒ අනුව විශේෂයෙන් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම ඇති පොලීසිය හා පොලිස් නිලධාරීන් විසින් පරිපාලන හා විධායක කටයුතු කිරීමේදී යම් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ හොත් ඒ අයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන ලබා ගැනීමට කටයුතු කළ හැකිය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පොලිස් ආඥා පනත

මෙරට තුළ පොලිස් බලකායක් පිහිටුවීමටත් එය විධිමත්ව පවත්වා ගෙන යාමටත් 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත සම්මත කර ගන්නා ලදී. මෙම ආඥා පනත ක්‍රියාත්මක වූයේ 1866 ජනවාරි 01 දා සිටය. පොලිස් ආඥා පනත මේ වන විට අවස්ථා 40 කට ආසන්න වාර ගණනක් සංශෝධනය කර තිබේ. 1866 සැප්තැමිබර් 03 වනදා පොලිස් සේවාවේ ප්‍රධානියා ලෙස පොලිස් අධිකාරී

ජී.ඩබ්.ආර්.කැම්බල් පත් කරන ලද්දේ එවකට ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන්ය. පොලිස් ආඥා පනතේ පසුව සිඳු කරන ලද සංශෝධනයකින් පසුව පොලිස් සේවයේ ප්‍රධානියා පොලිස්පති වරයා  ලෙස වෙනස් කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව ජී.ඩබ්.ආර්.කැම්බල් හට  මෙරට ප්‍රථම පොලිස් පතිවරයා වීමේ අවස්ථාව උදා වූ අතර ඔහු  සේවය ආරම්භ කළ 1866 සැප්තැම්බර් 03 වන දින පොලිස් සේවයේ සමාරම්භක දිනය ලෙසද ඉතිහාස ගත ව්ය.

පොලිස් ආඥා පනතේ පනතේ 20 වන වගන්තිය අනුව  ලංකාවේ පොලිස් පරිපාලනය පොලිස්පති, පොලිස් අධිකාරීන්, සහකාර පොලිස් අධිකාරීන්, පරීක්ෂකවරුන්, සැරයන්වරුන් පොලිස් කොස්තාපල්වරුන් වෙත පැවරේ. එම පනතේ 21 (1) වගන්තියේ දැක්වෙන්නේ පනතේ අරමුණ සඳහා පොලිස්පති හා නියෝජ්‍ය  පොලිස්පති, අධිකාරීන් හා සහකාර අධිකාරීන් පරීක්ෂකවරුන් හා අවශ්‍යවන නිලධාරීන් පත් කරනු ඇති බවය.

එහි දෙවන අනු වගන්තියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිස්පතිවරයා විසින් තම රාජකාරිවලින් විටින් විට පවරනු ලබන රාජකාරි කළ යුතු බව දැක්වේ. තුන්වන අනු වගන්තියේ සඳහන් වන්නේ මෙම ආඥා පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක පොලිස්පති යන්නට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුද අදහස් වෙන බවය.

පොලිසියේ ස්වර්ණමය යුගය

කෙසේ වෙතත් පොලීසියේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ 1931 නොවැම්බර් මස පොලිස්පති ධුරයට පත් වූ හර්බට් ලෙයාර්ඩි ඩව්බිගින් ගේ යුගයයි .ඔහු පොලිස්පති ධුරයට පත් වන විට වයස අවුරුදු 33කි. පොලීසිය තුළ විනය ගරුක නිලධාරීන් පුහුණු කිරීමටත් ජනතාව තෘප්තිමත් වන ආකාරයේ මහජන සම්බන්ධීකරණ වැඩ පිළිවෙළක් පොලීසිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් දිරි ගැන්වීමටද ඔහු ක්‍රියා කෙරුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රති සංවිධානය කරමින් එම දෙපාර්තමේන්තුව බාරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඔහු විසින් පත් කෙරිණි. පොලිස් නිලධාරීන් ගේ සුබ සාධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ පොලිස්පති ඩව්බිගින් කොළඹ ප්‍රදේශයේ විශාල පොලිස් ස්ථානවල බෙහෙත් ශාලා පිහිටුවන ලද අතර පොලිස් නිලධාරීන් ගේ පවුලේ අයවලුන්ට ළඟම ඇති රෝහළට යාමට නිදහස් දුම්රිය බලපත්‍රයක් ලබා දීමට කටයුතු කර තිබේ.  සෑම පොලිස් ස්ථානයකටම බෙහෙත් ද්‍රව්‍ය අඩංගු ප්‍රථමාධාර පෙට්ටියක් නිකුත් කිරීම ආරම්භ කළේ ඔහුය.

පොලිස් නිලධාරීන් ගේ දරුවන් සදහා ළමා සමාජ පිහිටුවීම, පොලිස් තූර්ය වාදක කණ්ඩායම නිර්මාණය කිරීම,   යහ සාධක යෝජනා ක්‍රමය, පොලිස් නිලධාරීන් හා පවුලේ අයවලුන් සඳහා වාර්ෂිකව විනෝද චාරිකා සංවිධානය කිරීම, පොලිස් නිළ ඇඳුමේ නිල ලාංඡන සංශෝධනය, පොලිස් ඉතිරිකිරීමේ සංගමය පිහිටුවීම, පොලිස් නිලධාරීන් හට යහපත් කල් ක්‍රියා දීමනාව හා සේවා පදක්කම් පිරිනැමීම, පොලිස් ටයි පටිය හඳුන්වා දීම, සෑම පොලිස් ස්ථානයකටම පුවත් පත් මිලදී ගැනීමට අවසර දීම, පොලිස් පරීක්ෂක වරුන් සඳහා නිල නිවස්නයක්  බම්බලපිටිය පොලිස් ක්‍රීඩංගනයට යාබදව විවෘත කිරීම, පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරීන් සඳහා භෝජනාගාර ඇරඹීම, සිංහල දෙමළ භාෂා දැනුම ඇති පොලිස් නිලධාරීන්ට දිරි ගැන්වීමේ දීමනාවක් ගෙවීම හා ඉංග්‍රීසි භාෂාව, ඉගෙනුම සඳහා දීමනාවක් ගෙවීම පොලිස් නිලධාරීන් ගේ දරුවන් සඳහා පාසැල් පිහිටුවීම, පොලිස් නිලධාරීන් ගේ නිර්මාණ කුශලතාව වර්ධනය සඳහා පොලිස් සඟරාවක් මුද්‍රණය කිරීම ආදී බොහෝ කාර්යයන් ගණනාවක් පොලිස්පති ඩව්බිගින් මැදිහත්ව ඉටු කර තිබේ.

මෙහිදී ඔහු විසින් පොලීසියට පැමිණෙන ජනතාවට ආචාරශීලීව හා සංග්‍රහශීලීව සැළකිය යුතු බවත් එසේ පැමිණෙන පුරවැසියන්ට අසුන් පැනවිය යුතු බවටත් උපදෙස් නිකුත් කර තිබීම විශේෂයක් ලෙස සැළකිය හැකිය.   පොලිස්පති ඩව්බිගින් විශිෂ්ට  පොලිස් නිළධාරියෙකු ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වී තිබේ. ඔහුගේ විශිෂ්ට සේවාව ඇගයීමක් වශයෙන් 1931 වර්ෂයේදී නයිට් පදවියක් පිරිනමන ලදී.

1937 වර්ෂයේ විශ්‍රාම ගිය පොලිස්පති ඩව්බිගින් කොළඹ කොටුවෙන් ඉන්දියාවට යාම සඳහා පැමිණි අවස්ථාවේ  ඔහුට සුබ පැතීම සඳහා අති විශාල ජනතාවක් කොටුව දුම්රිය පොළ වෙත පැමිණ සිටි බව වාර්තා වන අතර අතරමග දුම්රිය ස්ථානවල පවා ඔහුට සමුදීමේ උත්සව සංවිධානය කර තිබූ බව අනාවරණය වේ.

පොලිස්පති ඩව්බිගින් ගැන අපූරු රසවත් කතන්දර පොලිස් ඉතිහාසයේ සටහන්ව තිබේ. ඔහුගේ අත් අකුරු ඉතා අපහැදිලි බව කියවේ. ඩව්බිගින් ගේ අත් අකුරු කෙතරම් අපහැදිලිද යත් ඔහුගේ අත් අකුරින් ලද උපදෙස් නියෝග කිසිවක් ඒ කාලයේ යටත් නිලධාරීන්ට කියවා ගත නොහැකි විය. එහෙත් මේ කාලයේ පොලිස් මූලස්ථානයේ සේවය කළ එක් සාජන්ට් වරයෙකුට නම් මේ වැල් අකුරු කියවා ගැනීමේ හැකියාව තිබුණි. ඔහු කෙරුවේ තම ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පොලිස්පති ඩව්බිගින් දුන් ලිඛිත උපදෙස් නැවත තේරෙන භාෂාවෙන් ලියා දීමය.

මේ නිසා පොලිස්පති ඩව්බිගින් තමන්ට ලිඛිතව දෙන උපදෙස් සැරයන් වරයාගේ මේසය මත තබා යන්නට පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ගේ පුරුද්දක් විය. සැරයන් වරයා එම ලිඛිත උපදෙස් තේරෙන භාෂාවට පරිවර්තනය කළ පසු ගෙන යාම ඔවුන්ගේ පුරුද්දක් බවට පත් වී තිබුණි.

එක් අවස්ථාවක එසේ තබා ගිය ලිපියක පොලිස් සැරයන් වරයා O.G.K යන්න සදහන් පමණක් සඳහන් කර තිබීම එම ලිපිය ලබා දුන් පොලිස් ඡ්‍යෙෂ්ඨයාට බරපතල පුශ්නයක් විය. ඒ ගැන පොලිස් සැරයන් වරයාගෙන් විමසූ කළ ඔහු දුන්නේ කදිම පිළිතුරකි. ඒ පිළිතුර වූයේ Only god Know යන්නය .තමන්ටත් එය කියවා ගත නොහැකි වූ නිසා “දෙවියන් පමණයි දන්නේ”යනුවෙන් ලියූ බව සැරයන් වරයා එහිදී පවසා තිබේ.

පොලිස්පති ඩව්බිගින් පොලිස්පති ධුරයේ රාජකාරි කරන අවදියේ නිවාඩුවක් සඳහා සිය ගම රට වූ  බ්‍රිතාන්‍ය බලා ගියේය. ඒ කාල වකවානුවේ බ්‍රිතාන්‍යයේ  වැඩ වර්ජන ආදී වියවුල් සමාජ වටපිටාවක් පැවතුණි. බ්‍රිතාන්‍ය රජය සෙවෙච්ඡා සේවය සඳහා පුරවැසියන්ට සම්බන්ධ වන ලෙසට ගැසට්  පත්‍රයක් මගින් ඉල්ලා සිටි විට ඩව්බිගින් බ්‍රිතාන්‍ය පොලීසියේ සාමාන්‍ය කොස්තාපල් වරයකු ලෙස සෙවෙච්ඡාවෙන් සේවයට එක් විය.

එක් දිනක් ඩව්බිගින් සේවය කළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයාට ඔහු තැබූ සටහනක් කියවා ගත නොහැකි විය.

“කවුද අයිසෙ මේක ලියල තියෙන්නේ” යැයි පොලිස් ස්ථානාධිපතියරයා  කෑ ගැසීය. ඒ අත් අකුරු බැලූ ළඟ පාත සිටි පොලිස් කොස්තාපල් වරයෙක් “සර් මේක ලියල තියෙන්නෙ ලංකාවෙ පොලිස්පතිතුමා, මේ දවස්වල නිවාඩුවකට ගෙදර ආ ගමන් අපේ සෙවෙච්ඡා සේවකයකු ලෙස වැඩ කරනවා. එයා තමයි මේ සටහන ලියල තියෙන්නෙ” යැයි පැවසීය. ලංකාවේ පොලිස්පති වරයා තමන් යටතේ සේවය කරන බව නොදැන සිටි පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්වරය වෙනස් කරමින් පවසා ඇත්තේ “කරුණාකරල මිස්ට ඩව්බිගින්ට කියන්න අපේ පොත්වල සිංහලෙන් ලියන්ට එපා කියලා”යැයි උපදෙස් දුන්නේය. ඔහු සිතුවේ ඩව්බිගින් සිංහලෙන් සටහන් යොදා ඇති බවය.

1947 ජනවාරි මස 06 වන දින මෙරට ප්‍රථම ශ්‍රී ලංකික පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් රිචර්ඩ් අලුවිහාරේ පත් විය. ඔහු සිවිල් සේවාවේ නිළධාරියෙක් ලෙස මධ්‍යම පළාතේ මහ දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී පොලිස්පති ධුරයට පත් කෙරිණි. ඔහු 1955 ජුලි 26 වන විශ්‍රාම යාමෙන් පසුව ඔහුගේ බෑණනුවන් වූ ඔස්මන්ද සිල්වා පොලිස්පති වරයා ලෙස පත් කර තිබේ.

පොලිසිය සහ දූෂණ

මේ වන විට පොලිස්පති වරුන් 37 දෙනෙකු පොලිස් සේවාව තුළ රාජකාරියේ නිරත වී ඇති බව දැක්වේ. පොලිස් සේවාවේ හොඳ නරක පිළිබඳව හොඳම විවේචකයා වන්නේ පුරවැසියන්ය.

පොලීසිය පුරවැසියන් අතර පවතින සම්බන්ධතාව එකම කාසියක දෙපැත්ත මෙන්ය. පොලීසිය සම්බන්ධයෙන් පුරවැසියන් නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ එය දූෂිත හා දේශපාලනීකරණය වීම ගැනය. පොලීසිය දූෂිත බවට චෝදනා නැගෙන්නේ අද ඊයේ සිට නොවේ.1844 වර්ෂයේ මහනුවර පොලීසිය ක්‍රමවත්ව ප්‍රතිසංවිධානය කිරීම සචහා ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද පොලිස් අධිකාරී ජෝන් ස්පෙන්සර් කෝල් පෙපර්   රජය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ ” දිවයිනේ සිටින ලොකුම හොරු රැළ පොලිස් නිලධාරීන් බවත්, වැඩි පඩි ලබන පොලිස් හොරු , අඩු පඩි ලබන නිලධාරීන්ගෙන් මංකොල්ල කෑම් කරන බවත්ය. “මින් අනාවරණය වන්නේ ඒ කාලයේද ඇතැම් පොලිස් නිලධාරීන් බොහෝ දූෂණ වලට ගොදුරු වී සිටින බවය.

එහෙත් පොලිස් සේවාව පිළිබඳව එවකට පැවැති  ආණ්ඩුවලට ඉදිරිපත් කරන ලද ප්‍රශංසාත්මක වාර්තාද නැත්තේ නොවේ

1864 වර්ෂයේදී මාවනැල්ල ප්‍රදේශයේ ජීවත්වූ ප්‍රසිද්ධ අපරාධ කාරයකු වූ උතුවන්කන්දේ සරදියෙල් අත් අඩංගුවට ගැනීමට කෑගල්ල මහ දිසාපති එස්.ආර්. සෝන්ඩර්ස් විසින් පොලිස් කණ්ඩායමක් යොදවන ලදී. එම පොලිස් කණ්ඩායම හා සරදියෙල් අතර ඇතිවූ වෙඩි තබා ගැනීම්වලදී පොලිස් කොස්තාපල් සභාන් මිය ගියේය. වර්තමානයේ පොලිස් විරු භට නාමාවලියේ පළමු නම ලෙස සදහන් වන්නේ ඔහු ගේ නමය. ඔහු මිය ගොස් ඇති දිනය ලෙස සඳහන් වන්නේ 1864 මාර්තු මස 21 දිනය. කෙසේ වෙතත් එම පොලිස් කණ්ඩායම මෙහෙයවන ලද මහ දිසාපති එස්.ආර්.සෝන්ඩර්ස් විසින් ආණ්ඩුවට ලබා දෙන ලද වාර්තාවක සඳහන් කර ඇත්තේ ” බොහෝ අවස්ථාවල අපකීර්තියට පත් වන සුළු මානව කොට්ඨාශයකින් සමන්විත පොලිස් සේවයෙහි ඕනෑම බිහිසුණු අවස්ථාවකට මුහුණ දීමට කිසිසේත් නොපැකිළෙන නිලධාරීන් සිටින බවටත්, මනාව පුහුණු කළ හොත් එමෙන්ම උචිත අන්දමින් සන්නද්ධ කළහොත් ලෝකයේ කිනම් පොලිස් සේවාවකට වුවද ඔවුන් නොදෙවෙනි වන බවටත්, නිශ්චිත විශ්වාසයක් මා තුළ ජනිත වී ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමිය” යනුවෙන්ය.

පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ලබා දී ඇති අධිකරණ තීන්දුද බොහමයක් තිබේ. එහිදී කියවිය යුතුම වැදගත් තීන්දුවක් ලෙස දැක්විය හැක්කේ කුලසිරි කුමාර කල්දේරා එදිරිව සීදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනගේ හා තවත් අය නඩුවේදී (S.C.F.R 343/99 ) එදිස්සූරිය විනිසුරුතුමා ගේ තීන්දුවේ කර ඇති සඳහනය. එම සඳහන කර ඇත්තේ පොලීසියේ ලේඛන විකෘති කිරීම සම්බන්ධයෙනි.

“..මා තවදුරටත් එකතු කළ යුත්තේ අපරාධ පරීක්ෂණ ලේඛන හා විමර්ශන සටහන් යනාදිය දඬුවම් ලැබීමේ භීතියකින් තොරව හා නීතියට කිසියම් ආකාරයක සැළකීමකින් තොරව වෙනස් කර ඇති ආකාරය යමෙක් තුළ සැකයක් ඇති කරන්නේ අධීක්ෂණයේ යෙදෙන සහකාර පොලිස් අධිකාරීන් සහ පොලිස් අධිකාරීන් ඔවුන් ගේ යුතුකම් පැහැර ඇද්ද හෝ එසේ නැතිනම් මෙම ක්‍රියාවලට අනුබල දක්වනවාද යන්නය. මා දැනට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළ නඩු නඩු තීන්දුවකදීත් මා දුටුවේ අපරාධ පරීක්ෂණ ලේඛන වෙනස් කර තිබූ බවය. මේ අනුව පෙනී යන්නේ පොලිස් බලකාය වැරදි කරන නිලධාරීන් ගෙන් පිරී පවතින බවය. ප්‍රශ්නය වන්නේ පස්වන වග උත්තරකරු වන පොලිස්පතිවරයා මේ ගැන කුමක් කරන්නේද යන්නය. මගේ අදහසට අනුව පොලීසිය විසින් වාර්තා කර ඇති ප්‍රකාශයක් හෝ සටහන් වල සහතික කොපියක් එහි මුල් ලේඛනය සමග නොසඳා අධිකරණය විසින් නොපිළිගත යුතු බවය. මේ රටේ සාමාන්‍ය පුරවැසියන් ආරක්ෂා කළ යුතු වන පොලීසිය නීතිය කඩන්නන් බවට පත්වී තිබීම විලාප නැගිය යුතු කරුණකි. අපට ඇසීමට ඇත්තේ මුර පල්ලන් මුර කරන්නේ කවුද කියාය” යනුවෙන් එදිස්සූරිය විනිසුරු තුමා නඩු වාර්තාවේ සඳහන් කර තිබේ.

වසර 159 ක් ප්‍රෞඩ ඉතිහාසයකට හිමි කියන පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පොලිස් නිලධාරීන් තවමත් රාජකාරියේ නිරත වන්නේ  දූෂිත ආකාරයට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

මෙරට පොලිස්පති ධුරයෙන් නෙරපා හරින ලද ප්‍රථම පොලිස්පති වරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ නම ලියවෙන්නේද ඒ දූෂිත බවට ඉතා හොඳ සාක්ෂියක් සපයමිනි.‍

වර්තමාන පොලිස්පති වරයා පොලිස් දෙපාර්තමේන්තුව ඉහළට එසවීම සඳහා යම් උත්සාහයක නිරත වෙමින් සිටින බවද පෙනී යයි. එහෙත් අප ඒ පිළිබඳව චරිත සහතික ලිවීමට ඉක්මන් විය යුතු නොවේ.   වසර 159 ක් වූ පොලිස් ඉතිහාසය හොඳින් හදාරන්නෙකුට පොලීසිය ගැන අලුතෙන් හිතන්නට දෙයක් නැත. ඕනෑම රටක මෙලේච්ඡත්වය හා සභ්‍යත්වය අතර පවතින පටු හිදැස වසා දැමිය හැකි එකම ආයතනය වන්නේ පොලීසියයි.

වසර 159ක් සමරන පොලීසියට අපගේ සුබ පැතුම් පිරිනමමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කප්රුක 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක

Next Post

ලෝකය තිගැස්වූ චීන පෙළපාළිය…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.