බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්

by editor
දෙසැම්බර් 28, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

ශ්‍රි ලංකාවට අද දැවෙන ප්‍රශ්නය වී ඇත්තේ  කොවිඩ් පැණිය බොනවාද නැද්ද යන්නය. එසේ නැතිනම් කොව්ඩ් සැදී මිය ගියහොත් වළලනවාද පුළුස්සනවාද යන්නය. මේ ප්‍රශ්න අතරේ අපට තවත් ප්‍රශ්න රැසක් පැන නැගී ඇත. බොහෝ දෙනකුගේ රැකියා අහිමි වී ඇත. තිබෙන රැකියාවේත් වැටුප් අඩු වී ඇත. ව්‍යාපාර බොහොමයක් අඩපණ වී ඇත. යලිත් කොවඩ් නොවැළඳෙන ප්‍රතිශක්තිකරණයක් දෙන එන්නත රටට දෙන්නට ආණ්ඩුව කෝටි 1000ක ජාත්‍යන්තර ණයක් පසුපස යයි.

එබැවන් කොරෝනාවෙනුත් එයින් උපන් ආර්ථික අභියෝගවලිනුත් මිදෙන්ට අප නව මං සොයන්නට සිදුව තිබේ. මෙසේ මං හොයන ලංකාවේ අපට අමාරුවෙන් හෝ තරණය කළ හැකි හිනි මගක් මේ වනවිට ලැබී තිබේ.  ඒ යුරෝපයෙන් අපට ලැබෙන ජී.එස්.පී  (GSP Plus) සහනයයි.

එය අප රටක් ලෙස අද ඇද වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට කොවිඩ් නිසාම උදා වූ අවස්ථාවකි. ඒ යුරෝපා සංගමයෙන් ශ්‍රි ලංකාවට ලබා දුන් ජී.එස්.පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ මත්තෙනි. ඇත්තටම අපට මේ අවස්ථාවේ සලකා බැලිය යුතු කරුණු රැසක් ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජී.එස්.පී ප්ලස්

ජී.එස්.පී ප්ලස් අපනයන බදු සහනය අපට ලැබුණේ ශ්‍රි ලංකාව කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් පහළ ගිය නිසාය. සාමාන්‍යයෙන් මෙම බදු සහනය හිමි වන්නේ ලෝක බැංකුව විසින් සකස් කර ඇති රට රටවල ආදායම් ලැබීම් දර්ශකයක් පදනම් කරගෙනය. මෙම දර්ශකයන්ට ගැලපුණත් ජී.එස්.පී බදු සහනය ලැබෙන්නේ රටේ දේශපාලනික, මානව හිමිකම් සහ පාරිසරික වශයෙන් ජාත්‍යන්තර ව පිළිගත් සම්මුතීන් ආරක්ෂා කරනවා නම්ය.

අපට වරක් හිමිව තිබී අහිමි වුණු මෙම සහනය යළි ලැබෙන්නේ 2017 වසරේදීය. එයින් යුරෝපය තුළ සැලකිය යුතු වෙළෙඳ ස්ථාවරත්වයක් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එසේ වුවද මේ සහනය 2023 වසර වනවිට අපෙන් ගිලිහෙන තත්ත්වයක තිබුණි. එයට එක් හේතුවක් වූයේ ශ්‍රි ලංකාව දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව සැලකීමේදී ඉහළ මැදි ආදායම් සහිත රටක් ලෙස ලෝක බැංකු වර්ගීකරණවලට ලක් වීමය.

බදු සහනය 2025 දක්වා දීර්ඝ වීම

මේ දර්ශකයන්ට අනුව ශ්‍රි ලංකාව පැවතියේ ඉහළ මැදි ආදායම් ලබන රටක වීම හේතුවෙන්  මෙම වසරේ අවසානය වනවිට මෙම බදු සහනය අපෙන් ගිලිහී යන්නට තිබිණි. ඒ 2023 දීය.  එසේ වුවද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රි ලංකාවට යළි මෙම සහනය 2025 දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය.  එයට හේතු වූයේ ශ්‍රී  ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා  පහළ වැටීම හේතුවෙනි.

බොහෝ අය සිතන්නේ ජී.එස්පී ප්ලස් සහනයෙන් වාසිය ඇත්තේ අපේ ඇඟළුම් කර්මාන්තයට පමණක් බවය. එසේ සිතීමට සාධාරණ හේතුවක් ඇත. යුරෝපයට යැවුණු අපේ ඇඟලුම්වලින් 2019 වසරේදී පමණක් ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 191කි.  මේ වනවිට මහා බ්‍රිතාන්‍යය  යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටියද   යුරෝපාකරය තුළ රටවල් 27ක් ඇත. එය දැවැන්ත ආර්ථිකයකි. මේ ආර්ථිකය තුළ අපට නිර්මාණය වූ නව අවස්ථා රැසක් ඇත. මේ අවස්ථා පිළිබඳව දැඩිව අවධානය යොමු විය යුතුය.

යුරෝපා සංගමය තම සාමාජිකත්වයේ සිටින රටවල භාණ්ඩ සහ සේවා අපනයනයේදී අපනයනකරුවන්ට දෙන මෙම බදු සහනයේ පවතින විශේෂ ලක්ෂණය වන්නේ එයින් අපට දියුණු රටවල් සහ යුරෝපා භාණ්ඩ සහ සේවා වෙළෙඳපොළ තුළ තරග කළ හැකි වීමය. කුණුකසළවල සිට සුඛෝපභෝගී භාණ්ඩ දක්වා අතිශයින් පුළුල් වු වෙළෙඳපොළ අවස්ථාවක් ශ්‍රි ලංකාවට යුරෝපයෙන් දුන් ජීඑස්පී ප්ලස් බදු සහනය නිසා විවර වන්නේය. මේ නිෂ්පාදන යැවීමේදී සපුරාලිය යුතු සුදුසුකම් ලබා ගත යුතු සහතික පවතින බව වෙනම කතාවකි. එහෙත් ඒ සුදුසුකම් පිරිවිතර සපුරාලීමෙන් සුවිසල් වෙළඳපොළකට අවතීර්ණ වීමට අපේ ආනයනකරුවන්ට හැකියාවක් ඇත.

ජී.එස්.පී ප්ලස් සමග අපට විවර වන ආර්ථිකය කෙබඳුද?

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 27ක් ඇත. මේ රටවල් බොහාමයක් ධනවත් රටවල්ය. ඉහළ ජීවන මට්ටම් ඇති ඉහළ ආදායම් ලබන බහුතරයක් වෙසෙන රටවල්ය.  යුරෝපා සංගමයට අයත් රටවල් වන්නේ ඔස්ට්‍රියාව, බෙල්ජියම, සයිප්‍රසය, ක්‍රොඒෂියාව, චෙච්නියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව,ස්ලෝවැකියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය යන රටවල්ය. මෙම රටවල වාර්ෂිකව භාණ්ඩ හා සේවා අපනයනය කරති.

යුරෝපයට මෙම සහනය හරහා අලෙවි කළ හැකි භාණ්ඩ හා සේවා ලයිස්තුව ඉතා දිග එකකි. එයින් අප මෙතෙක් උපරිම වශයෙන් භාවිත නොකරන සේවා අංශ රැසක් ඇත.  එහෙත් අපට මේ වෙළෙඳපොල තුළ නමක් රඳවා ගත හැකි ව්‍යාපාර රාශියක් පවතින  බව පෙනී යයි.

ඇඟලුම් පමණක් යුරෝපයට යන්නේ යයි බොහෝ දෙනාගේ ආකල්පය වුවද මේ වනවිටත් අපේ නිෂ්පාදන සේවා රැසක්ම යුරෝපයට යයි. ඒ අතර තේ රබර් පොල් ආශ්‍රිත නිෂ්පාදන, කැපූ මල් විසිතුරු පැලෑටි, එළවලු සහ පලතුරු වර්ග බොහෝ ය. මේ වනවිට ශ්‍රි ලංකාවෙන් වාර්ෂිකව  යුරෝපයට  යැවෙන භාණ්ඩවල වටිනාකම වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ඉක්මවන්නේ නැත.

එසේ වුවද අපනයන බදු සහන වරප්‍රසාදය යටතේ අපට ඉදිරි වසර පහ තුළ තවත් බොහෝ දෑ යැවිය හැකිය . නව වෙළෙඳපොළ සොයා ගත හැකිය. එහිදී මේ වනවිට පවතින කොරෝනා වසංගතය ද වාසියක් කර ගත හැකිය. එයින් තවදුරටත් වෙළෙඳපොළ ආකර්ෂණයක් ඇති වේ යයි සිතිය හැකි දේවල් බොහොමයක් අපට නිෂ්පාදනය කළ හැකිය.

තේ සඳහා මේ වනවිටත් ඇත්තේ අනවරත ඉල්ලුමකි. මේ තේවල අගය වැඩි කළ හැකිය. කොරෝනා ඉලක්ක කර ප්‍රතිශක්තිය වර්ධනය කරවන ඖෂධීය ශාක සාර සහිත ඖෂධ රැසක් අපට අපනයනය සඳහා ඉදිරිපත් කළ හැකිය. මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නව නිෂ්පාදන සඳහා නව ආයෝජන සුබදායී තත්ත්වයක ඇත. යුරෝපීය ආහාර පාන නිෂ්පාදන වෙළෙඳපොළ විශ්ලේශකයන් පවසන්නේ කොරෝනා සමඟ උද්ගත වූ සමාජමය වෙනස්කම් මත අර්ධ වශයෙන් සකසන ලද අධිශීතකරණය කළ ආහාර සඳහා ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවය. එය සාපෙක්ෂව ටින් මාලු සඳහා ඇති ඉල්ලුමට වඩා වැඩි බව මෑතකදී සිදු කරන ලද විශ්ලේෂණයකදී පෙනී ගොස් ඇත. ඒ අනුව මෙවැනි නිෂ්පාදන පිළිබඳව අපේ ව්‍යවසායකයන්ට උනන්දු විය හැකිය.

පලතුරු ඇසුරින් සිදු කරන නිෂ්පාදන සඳහා ද එම රටවලට ජීඑස්.පී බදු සහනය ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ආහාර ද්‍රව්‍ය හැරුණු කොට සත්ත්ව ආහාර, ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය ආදියටද බදු සහන ඇත.

අගොඩනැගිලි ඉදිකිරීම් නිෂ්පාදන සැලකීමේදී අපේ රටෙන් අපනයනය කෙරෙනවා නම් ඒ ටයිල් වර්ග පමණකි. ශාක සාරමය සබන් වර්ග, කාබනික විෂබීජ නාශක ආදියටද හොඳ ඉල්ලුමක් ඇත. පොල් කටු අඟුරු, කඩදාසි පදනම් කරනෙ පල්ප මඟින් සිදු කරකන ලද නිෂ්පාදන ආදියට ද යුරෝපා සංගමයේ  රටවල් වෙතින්  බදු සහන හිමිවෙයි. මේ වනවිට බතික් කර්මාන්තය ගැන රට තුළ ලොකු කතා බහක් ඇත. මෙම බතික් හෝ දේශීයව කටින ලද අත්යන්ත්‍ර සඳහා ද බදු සහන හිමිවෙයි. කෙටියෙන්ම කිවහොත් ලීයෙන් සාදන  ඇවිදීමට ආධාරක වන සැරයටිවලට පවා ඉහළ ඉල්ලුමක් ඇත.

ජී.එස්පී බදු සහනය ලැබුණු පළියට අපට මේ රටවල භාණ්ඩ වෙළෙඳපොලට පිවිසීමේ හැකියාවක් නැත. මේ බොහෝ භාණ්ඩ සපුරාලිය යුත පිරිවිතර රැසක් ඇත. විශේෂයෙන් ආහාර පාන ඖෂධ ආදිය යැවීමේ දී පොදුවේ යුරෝපා සංගමය අනුමත කරන පිළිවෙත්වලට සහතිකකරණ ක්‍රියාවලියට යටත් විය යුතුය. ඒ සඳහා පවතින අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇතැම් විට මේ සඳහා දැරිය යුතු වන පිරියවැය සාපේක්ෂව ඉහළ වන්නට පුළුවන.  එවැනි කුඩා පරිමාණ ආයතනවලට සහනශීලී පසුබිමක් නිර්මාණය කිරීම රජයේ වගකීමකි. එසේම එය රටේ අනාගතය සම්බන්ධයෙන් සිදු කෙරෙන ආයෝජනයකි.

ජී.එස්.පී ප්ලස් මඟින් ඇති වන ප්‍රධාන වාසිය වන්නේ එම රටවල ට මෙම භාණ්ඩ අලෙවි කිරීමේදී ආනයනකරුවන් වෙතින් අය කරන බදු මුදල අඩුවීමය.  එසේ නැතිනම් බදු රහිත විමය. එය එම භාණ්ඩයේ මිල වෙනත් රටවලින් ආනයන කෙරෙන සමාන ආනයන නිෂ්පාදනවලට සාපේක්ෂව තරගකාරීව අලෙවි කළ හැකිය. එලඹෙන 2012 වසරේ සිට  වසර පහක් පමණ මෙම සහනය අපට හිමිවෙයි. එය යම් ව්‍යාපාරයකට තම වෙළෙඳපොළ වර්ධනයවන යුරෝපා වෙළෙඳපොළ තුළ ගොඩ නංවා ගැනීමට ලැබෙන ලොකු අවස්ථාවකි. මෙය ව්‍යාපාර පිළිබඳ අවස්ථා සොයන ව්‍යවසායකයන්ටත් ඩොලර් ණය පසුපස දුවා හති වැටී ඇති ශ්‍රි ලංකා ආණ්ඩුවටත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ වුමනාවක් සහ සැලසුම් තිබිය යුතුමය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්නපුර   ග්‍රාමසේවා වසම් 10ක් කොළඹ ග්‍රාමසේවා වසම් 02ක්  හුදකලා කෙරේ…

Next Post

කොවිඩ් සිරුරු ප්‍රශ්නයට අස්ගිරි පාර්ශ්වයෙනුත් අවවාදයක්

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.