ජාති ආගම් කුල අනුව නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා ආණ්ඩුව සියලු ජාතීන් සඳහා එක් නීතියක් රටවල් ක්‍රියාත්මක කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.
ආණ්ඩුව එක් එක් බලවේගවලට යටත්ව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බව පෙන්වා පෙන්වාදෙන උන්වහන්සේ කොවිඩ් මේ හමුවේ වුවද සියලු ජාතීන් සඳහා එක් ප්රතිපත්තියක හා වැඩපිළිවෙළට සිට කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.
කොවිඩ් වැළඳී මිය යන අයගේ දේහයන් ආදානය කරනවාද භූමදානය කරනවාද යන්න පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරමින් එක් එක් දේශපාලන පක්ෂ මේ වන විට එය තමන්ගේ වාසියට හරවාගෙන කටයුතු කරමින් සිටින බව ආනන්ද හිමියෝ පවසති.
ද හින්දු කතෝලික බැතිමතුන් සෞඛ්‍ය නීති රීති වලට අවනතව කටයුතු කිරීමට එකඟත්වය පලකර තිබුණ ද පමණක් රටේ පොදු නීතියට අවනත නොවී කටයුතු කරන බවත් එය ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
කොවිඩ් වසංගතය අතරතුර තවත් වසංගතයක් සමාජගත කිරීමට කටයුතු නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුව වගබලා ගත යුතු බවත් නාරම්පනාවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.