සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

by Lanka Sara Editor
අගෝස්තු 18, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳ​ව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය.

ප්‍රධාන දේශනය පැවැත්වූ කීර්තිමත් ව්‍යවසායකයකු වන Bhashaහි ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා ශක්තිමත් අන්තර්ජාල යටිතල පහසුකම් මගින් කෘත්‍රිම බුද්ධියට (AI) සහාය දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව අදහස් දැක්වූයේය. LEARNහි මහාචාර්ය රොෂාන් ර​ගෙල් ජාල ඉංජිනේරු කටයුතු සඳහා සැළැසුම් කිරීම සහ බාධක හඳුනා ගැනීමේදී උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Gen AI) භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කළේය. යුරෝපීය ජාල සම්බන්ධීකරණ ආයතනයේ RIPE NCC නියෝජිත ලියා හෙස්ටිනා බෝල්ටික් මුහුදේ සිදු වූ කේබල් හානිවලින් පසු අන්තර්ජාලය කෙලෙස කාර්යක්ෂමව නැවත යථාතත්වයට පත් කළේද, හදිසි තත්ත්වවලට ජාලවලින් කෙලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළාය. APNICහි ඩේව් ෆෙලන් “The Internet by the Numbers – Sri Lanka Edition” යන මැයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්‍රයට අදාළ දත්ත රැසක් ඉදිරිපත් කළේය. Dialog Axiataහි ශාලික හාල්පන්දෙණියගේ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය දියත් කර ඇති ආකාරය සහ ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීමට එය සතු හැකියාව පිළිබඳ තොරතුරු ඇතුළත් විය. SLT-Mobitelහි ආර්. පී. ඩී. සී. කෞෂල්‍ය මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල හුවමාරුව වන COLOCIXහි උපායමාර්ගික වැදගත්කම විස්තර කළේය.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ එම්. එම්. සහීර් හුසේන් පරිගණක ජාල තත්ත්ව පරික්ෂා  පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළ අතර SLTහි දුමිඳු කරුණානායක සයිබර් ආරක්ෂණ උපාය මාර්ගවල කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූයේය. OREL ITහි සුබෝධ කුමාර සහ තරිඳු මීපේගම Cloud-Based පරිගණක පද්ධති DDoS ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ. Flexoptixහි ටෂී ෆන්ට්ෂෝ ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය පිළිබඳව සිදු කළ ඉදිරිපත් කිරීම ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි ලෙස සකසා තිබිණි. Superloopහි දක්ෂිණ හෙට්ටිආරච්චි වේගය සහ කාර්යක්ෂමභාවය ඉහළ නංවමින් MPLS තාක්ෂණය වැඩි දියුණු කිරීමට Segment Routing යොදා ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කළේය. තරුණ සහ කුසලතාවලින් හෙබි ඉංජිනේරුවෝ 11 දෙනෙක්ට සහභාගීත්වය සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදහ. ඒ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ Flexoptix ආයතනය වෙනුවෙන් එ​හි René Fichtmüller ඊට අදාළ හඳුන්වා දීම සිදු කළේය.ප්‍රධාන සමුළුවෙන් අනතුරුව ජාල ස්වයංක්‍රියකරණය, Network Virtualization, අන්තර්ජාල නාමකරණ සදහා වූ KINDNS උපදේශක රාමුව සහ උත්පාදක කෘත්‍රිම බුද්ධිය වැනි අංශවලට අදාළ වැඩමුළුද සංවිධානය කර තිබිණි. ඒ සඳහා 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. මේ තුළින් නව්‍යකරණය පෝෂණය කිරීමටත්, මෙරට අනාගත පරපුර බල ගැන්වීමටත්, දේශීය සහ කළාපීය මෙහෙයුම් අභියෝග ජය ගැනීම සඳහා දායක වීමටත් හැකි විය.

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Share69Tweet43
Previous Post

රජයත් හමුදාවත් අපහසුතාවයට පත් කරන බොරුවලට රැවටෙන්න එපා… හෙට හර්තාලයට පෙර රජය උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලයි!

Next Post

දෙමළ දේශපාලන පක්ෂවල බෙදීම් නිසා උතුරු නැගෙනහිර හර්තාලය අඩපණ වෙයි!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.