fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IPL හා මතීෂ අපිට උගන්වන ආර්ථික පාඩම!

editor by editor
මැයි 28, 2023
in ව්‍යාපාර
0
Share on FacebookShare on Twitter

ජනත් පෙරේරා –

IPL උන්මාදයෙන් ක්‍රිකට් ලෝකයම ආක්‍රමනය කරද්දී 16 වන අවසන් මහා සටනට අහමාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනය ඉතා උණුසුම් අන්දමින් සූදානම්ය, ලංකාවේ අපිටත් මේ අවසන් මහා තරගය වඩා ලගින්න දැනෙන්න පටන් අරං තියෙන්නේ අපේ රටේ  ක්‍රිකට් කෝඩුකාරයෙක් වෙච්ච මතීෂ පතිරණ හා මහේෂ් තීක්ෂණ මේ අවසන් මහා තරගයට ක්‍රිඩාකිරීමයි, එත් අපි මේ කතා කරන්න යන්නේ ක්‍රිකට් ගැනවත් IPL ඉතිහාසය ගැනවත් මතීෂ ගැනවත් නෙමෙයි . අපි මේ කතා කරන්නේ IPL හා මතීෂ අපිට කියලා දෙන ආර්ථික පාඩම ගැන.

ඔබ පුදුම වෙන්න පුළුවන් මේ මැච් අස්සේ මොන ආර්ථිකයක්ද කියලා .නෑ මේ මැච්ම තමා ආර්ථිකය. බලන්න
IPL ව්‍යුහය දිහා ක්‍රීඩකයින් මිලදී ගන්න ඕනේ වෙන්දේසියකින් ඒ තුළ තරඟයක් තියනවා, කණ්ඩායම් අතර  තරඟය උනුසුම් වෙන්න උනුසුම් වෙන්න ක්‍රීඩකයින්ටත් හොදයි. ඒ වගේම ක්‍රීඩකයිනුත් නිකං ඉදලා බෑ තමන්ගේ වටිනාකම ඉහල දාගන්න හොදට perform කරන්න වෙනවා නැත්තං වෙන්දේසියෙන් විතරක් නෙමේ තරගාවලියෙන්ම පැත්තකට විසිවෙන එක තමා වෙන්නේ . 

ඒ වගේම මේ කණ්ඩායම්වල අයිතිය ලබාගැනීමටත් හොඳ තරගයක් තියනවා, ඒ වගේම කණ්ඩායම් ගොඩක් ක්‍රිඩාකරනවා කියන්නේ හොද තරගකාරී බවක් ඇතිවෙනවා කියන එකයි ,විදේශිය ක්‍රීඩකයින්ට හා දේශීය ක්‍රීඩකයින්ට තමන්නේ දක්ෂතාවය අනුව මේ තරඟාවලිය ඇතුලේ තැනක් හිමිවෙනවා . හොදම උදාහරණය මතීශ, ලංකාවේ ජාතික කණ්ඩායමේ තැනක් නැති මතීශ Chennai Super Kings කණ්ඩායමේ මෙවර නිත්‍ය හා ප්‍රධාන වේගපන්දු යවන්නා වෙලා තියනවා.

RelatedPosts

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

මතීශ වගේ නැගී එන ක්‍රීඩකයෙක්ට හොද අවස්ථාවක් මෙම තරඟාවලිය තුළින් ලැබිලා තිබිම හා එම අවස්ථාවෙන් මතීශ උපරිම ප්‍රයෝජන ගැනීම අපිට දකින්න පුළුවන්.

මේ සියල්ලටම හේතුවන්නේ හොඳ තරගකාරී වෙළදපලක් මේ තරඟාවලිය ඇතුළත ක්‍රියාත්මක වීමයි.
ඒවගේම මේකේ දැවැන්ත චිත්‍රය දිහා බැලුවොත් අතිවිශාල ප්‍රාග්ධනයක් මේ තරඟාවලිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එය ඉන්දියාවේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අතිශය වැදගත්. මේ තරඟාවලියෙන් සෘජු වගේම වක්‍ර රැකියා දහස් ගනනක් බිහිවෙලා තියනවා . IPL කියන්නේ දැන් ඉන්දියාවේ ආර්ථිකයට නැතුවම බැරි අංගයක් වෙලා ඉවරයි .

මෙම තරඟාවලියේ සාර්ථකත්වයේ රහස තමා ඔවුන් වෙළඳපල ක්‍රියාකාරීත්වය ඉඩ දීම. ඒ වගේම එයට අනුගත වෙමින් වෙළදපල අවකාශය පුළුල් වීමට ඉඩ සලසා ඒ මගින් වඩා හොද හා විහිදුනු ආර්ථික ජාලයක් නිර්මාණය කරගැනීමයි.

තරගාවලියක් වශයෙන් අඛන්ඩව පවත්වපු IPL වෙළඳපල අවකාශයන් හොදින් තමන්ගේ වාසියට යොදාගන්නවා. ඔයාලට මතක ඇති 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවෙච්ච ආරක්ෂාව පිළබද ගැටලුව හා 2009 ඉදියානු මහමැතිවරණයත් IPL calendar එකත් එක්ක clash වීම වගේම මැතිවරණයටයි මැච් වලටයි දෙකට ආරක්ෂාව දෙන්න බැරි නිසා සම්පූර්ණ තරගාවලියම දකුණු අප්‍රිකාවට ගෙන යෑම. 

ඔවුන් එහිත් ඉතා සාර්ථක තරගාවලයික් පවත්වනු ලැබුවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වය නිසා 2020 තරඟාවලිය පැත්වුණේ UAE වල. එයත් ඉතා සාර්ථක තරඟාවලියක් ලෙස IPL ඉතිහාසයට එක් වුනා. මේ සේරම කරන්න පුළුවන් උනේ ගොලීය වෙළදපලක් ක්‍රියාත්මක වෙච්ච නිසා. එහෙම ගෝලීය සම්බන්ධතාවයන් තිබ්බේ නැත්තං කවදාවත් IPL එක ඉන්දියාවෙන් පිටට ගෙනියන්න බැරිවෙනවා.

මේ ගෝලිය සම්බන්ධතාවය නිසාම මේ තරඟාවලිය ජාත්‍යාන්තර ගෝලීය තරඟාවලියක් බවට පරිවර්තනය වෙලා තියනවා කියනව එක පෙනෙන කාරණයක්. ඒවගේම ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩයින්ට මේ තරඟාවලියට ඇතුළත් වීමට හැකිවෙලා තියෙන්නෙත් මේ ගෝලීය ජාලය නිසාමයි. එමගින් ආධුනික ක්‍රීඩකයින්ට වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා වගේම ඉන්දියාවේ ක්‍රිකට් එක ඉතා වේගයෙන් වර්ධනය වෙන්න එය අනිවාර්යය හේතුවක් විදියට බලපාලා තියනවා.

අපි මතීෂ දිහාවට හැරුනොත් ඔහු ඉතා සුවිශේෂී ඔහුටම ආවේනික ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක්.  තවමත් ඔහුට ලංකාවේ ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් නොලැබීම කනගාටුවකට කරුණක්. නමුත් ඒ දොර වැහෙන කොට මතීශට ඉතා වටිනා විශාල ජාත්‍යන්තර මට්ටමේ දොරක් විවර වෙනවා IPL හරහා.  

මේ කිරිකෝඩු ක්‍රීඩකයාට මෙය ඉතා විශාල අවස්ථාවක්… හිතන්න එහෙම අවස්ථාවක් ඔහුට උදා නොවුනානම් තවමත් ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදියට බංකුවක් උඩ ඉදගෙන මැච් දිහා බලං ඉන්න තිබ්බා. නමුත් මෙම වෙළඳපල ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ දක්ෂතාවය ජාත්‍යන්තරකරණයට ලක්වෙලා ඉවරයි . ඔහුගේ දක්ෂතාවයට තැනක් වගේම ලෝක මට්ටමේ ඉන්න හොඳම ක්‍රීඩකයින් එක්ක උරෙන් උරගැටිලා ලබා ගන්න මිල කළ නොහැකි අත්දැකීම් සමුදායක් ඔහුට මේ අවස්ථාවෙන් උදා වෙලා තියනවා. සමහර විට ඒක ජාතික කණඩායමේ ක්‍රීඩකයෙක්ටත් නොලැබෙන අවස්ථාවක් .

ඒ වගේම තමා අවස්ථාව ලැබුනා කියලා මතීෂ නිකම්  හිටියේ නෑ. ඔහු ඔහුගේ උපරිමය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔහු ඔහුගේ වටිනාකම අතිවිශාල අන්දමට වැඩි කරගෙන තිබෙනවා. ශ්‍රීලංකා තේරීම් කමිටුවට පවා ඔහුව තොරාගන්න කියලා කියලා දැඩි පීඩනයක් ඔහුගේ හැකියාව තුළින් එල්ල කරමින් ඉන්නවාත

මේ තමා සැබෑවටම ක්‍රියාත්මක වෙළඳපලක ස්වභාවය. තරගකාරීත්වය තුළින් වඩා හොද නිශ්පාදනයක් හෝ සේවාවක් ඉදිරියට පැමිණීම තමා හොඳින් ක්‍රියාත්මක වෙළඳපලක් තුළින් වෙන්නේ.
හැබැයි ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් කෝ ඔකේ නිදහස කියලා… එහෙම හිතෙන හිතන ඒවා කරන්න බෑ නිදහස් වෙළදපලක් කියලා කිව්වට. නීති තියනවා BCCI එක නීති දාලා තියනවා. ICC එක බලං ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම වෙළඳපලක් කියන්නේ නිතී නැතුව ඔහේ දුවන පොඩි ළමයින් සෙල්ලමට කරන සෙල්ලං පොළක් නෙමෙයි.  හොදින් ක්‍රියාත්මක වන වෙළඳපලක් ඇතුළෙ  නීති තියනවා. පාරිභෝගිකයව ආරක්ෂාකරන, වෙළඳපල තරගකාරීත්වය ආරක්ෂාකරන , නිශ්පාදකයව , ව්‍යවසායකය ආරක්ෂා කරන නීති අනිවාර්යයෙන් ඒක ඇතුළෙ තියෙනවා. ඒ කියන්නේ හැබැයි රජය ඇවිත් ඒ වෙළඳපළේ ඇතුලේ කජු විකුනන්නයි හාල් තුන පහ විකුනන්නයි යනවා කියන එක නෙමේයි.

හිතන්නකෝ BCCI එකයි ICC එකයි රජය කියලා එයාලා.  හොඳම ක්‍රීඩකයෝ අරං මිනිස්සුන්ගෙන් බදු ගහලා ඒ සල්ලිවලින් ටීම් එකක් හදලා IPL එකට දාලා නෑ තරග කරලා දිනන්න.  එයාලා කරන්නේ නීති හදලා පිච් එක හදලා අවශ්‍ය යටිතල පහසුකම් හා වේදිකාව හදලා තරගකාරීත්වය වර්ධනය කරන ක්‍රියාවලිය හදලා පැත්තකට වෙලා ඒ දිහා විනිසුරු හා පාලන කෝණයෙන් විමසිල්ලෙන් බලන්  ඉන්න එක. ඕක ඇතුළෙ  වෙන වෙන අක්‍රමිකතා , තරගපාවාදීම් වගේම විනය පිළබඳව එයාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා දඩ ගහනවා, තහනම් කරනවා ,දඬුවම් දෙනවා.  හැබැයි ක්‍රීඩකයො තෝරන්න යන්නෙ නෑ.  එයාලගේ පෝස්ටර් ගහපු කොල්ලොන්ව ටීම් එකට ගන්න කියන්නේ නෑ.  ඥාති පුතාලට තැනක් දෙන්න කියන්න යන්නෑ. නැතත් ඒ වගේ සෙට් එකක් එකතු කරලා ටීම් එකක් හදලා කප් එක ගන්න බලන්නෑ. . 

ඉතින් රජයක් කරන්න ඔනේ වෙළඳපළ තරගය නිර්මාණය කරන එක හා එය නියාමනය කරමින් පවත්වාගෙන යන එක. රජයක ප්‍රමුඛ කාර්ය භාර්ය වෙන්න ඕනේ  පාරිභෝගිකයත් නිශ්පාදකයත් වෙළඳපලත් ආරක්ෂා කරගෙන ලෝකයත් එක්ක සම්බන්ධිත  විවෘත ස්වාධීන විනිවිද භාවයකින් යුක්ත වූ ක්‍රමවේදයක් හා නීති රාමුවක් හදන එක. ඒ වගේම එම නීති හා ක්‍රමවේද යාවත්කාලීන පහසු හා සරල විය යුතුයි. එමගින් වෙළඳපල කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගත්තොක් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ දුප්පත්භාවයෙන් මිදිලා සංවර්ධිත දියුණ රටක් සමාජක්‍රමයක් හදාගන්න.

ඉතින් මෙවර IPL කුසලානය කවුරු දින්නත් ඔවුන් කියලා දෙන පාඩම හරියට අවබෝධ  කරගෙන ඉදිරියෙදි රටක් වශයෙන් දිනන්න අපි සූදානම් වෙන්න ඔනේ. එයට අවශ්‍ය පිටිය සැකසීම ආර්ථික ප්‍රතිසංස්කරන හරහා  රජය අනිවාර්යයෙන් කළයුතුමයි. 

ඒ වගේම අපේ හෙල්මට්, පෑඩ් සහ ගාඩ් සෙට් එක වෙන සමාජ ආරක්ෂණ දැළ වඩා විශ්වසනීය විනිවිදභාවයෙන් යුතුව සාදාගන්න ඕනේ ඉදිරියෙදි එන අධිවේගී   පන්දු වලට මුහුණ දෙන්න. නැතිනම්  ඉතා වේදනාකාරි අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ද වේවි. 

මේ ආර්ථික තරගය දිනන්න නම් ලංකාවේ වෙළෙඳපල Boundary එකට එහා තියන ගෝලීය වෙළදපළ වලට දැවැන්ත හයේ පහරවල් ගහන්නම ඔනේ. එහෙම ගහන්න අපේ ක්‍රීඩකයින්ගේ ශක්තිය වැඩි කරන්න නම් ඔවුන්ට තියන නීති හා රෙගුලාසී බාධක ඉවත් කරලා සරලව පහසුවෙන් ව්‍යාපාරකිරීමට හැකි මානසිකත්වයක් ගොඩනගන්න ඔනේ. 

වැදගත්ම කාරණය තමා රජය විනිසුරුකමයි තරග සංවිධායක කමයි අමතක කරලා පිච් එක මැද්දට පැනලා තරගයේ වීරයා වෙන්න ඔනේ කියලා  කප් එක උස්සන් දුවන්න හදන්නේ නැතුව මේ ආර්ථික තරගේ දිනවන්න හොඳම ක්‍රීඩකයින් වෙච්ච පෞද්ගලික අංශයට මේ ආර්ථික මැච් එක ගොඩදාගන්න උදව් කරන්න එක. 

අන්න එතකොට අපිට නිකම්ම මැච් එක විතරක් නෙමේ සමස්ථ තරගාවලියම ජයගන්න පුළුවන් .

ජනත් පෙරේරා – Communication Executive ([email protected]) .
මෙහි අදහස් කතුවරයාගේම අදහස් වේ. ඒවා  Advocata ආයතනයේ හෝ ආයතනයට අනුබද්ධ කිසිවෙකුගේ අදහස් පිළිබිඹු නොවිය හැක.The opinions expressed are the author’s own views. They may not necessarily reflect the views of the Advocata Institute or anyone affiliated with the institute.

Tags: නවතමවිශේෂ
Share136Tweet85

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

රත්ගම විශේෂ පොලිස් මෙහයුමකින් අධිකරණය මගහරිමින් සිටි අඹන්පොල ග්‍රාමනිලධාරියා ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට…

Next Post

ඉන්දියාවේ සංචාරක සමාගමක සිය ජාත්‍යාන්තර මගී ප්‍රවාහනයේ මංගල ගමන ශ්‍රී ලංකාවට…

RelatedPosts

IMF
පුවත්

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

සැප්තැම්බර් 19, 2023
රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!
ව්‍යාපාර

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!

සැප්තැම්බර් 13, 2023
Ranil
පුවත්

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

අගෝස්තු 20, 2023
Next Post
ඉන්දියාවේ සංචාරක සමාගමක සිය ජාත්‍යාන්තර මගී ප්‍රවාහනයේ මංගල ගමන ශ්‍රී ලංකාවට…

ඉන්දියාවේ සංචාරක සමාගමක සිය ජාත්‍යාන්තර මගී ප්‍රවාහනයේ මංගල ගමන ශ්‍රී ලංකාවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.