අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

GSP ප්ලස් රැකගන්න – අපතයන්ගේ කටේ  ප්ලාස්ටර් ගසන්න

by editor
ජූනි 20, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ අපනයනවල ලොකුම ගැනුම්කරුවා යුරෝපයයි. විශේෂයෙන් මෙරට නිෂ්පාදනයවන ඇඟලුම් ඇතුළු නිෂ්පාදන බොහෝමයක යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් ගමනාන්ත බවට පත්වෙයි. මේ ගමනාන්තය පහසු ගමනක් වන්නේ ශ්‍රි ලංකාවෙන් භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවන්ට ජී.එස්.පී ප්ලස් බදු සහනය හිමි වීමය.  මේ නිසා සාපේක්ෂව තරගකාරී මිලකට භාණ්ඩ අලෙවි කිරිමට එය පහසුවකි.  අධික විදුලි මිල, ඉන්ධන මිල සහ ශ්‍රම වියදම් මැද කර්මාන්ත කරන අපේ කර්මාන්තකරුවන්ට යුරෝපීය වෙළෙඳපොළේ තරගයක් දීමට ජී.එස්.පී ප්ලස් බදු සහනය විශේෂ වරප්‍රසාදයකිeuropean union

ජී.එස්.පී ප්ලස් අපිට දුන්නේ ඇයි?

යුරෝපා සංගමයේ මෙම බදු සහනය ලබා දෙන්නේ  පහළ ආදායම් ඇති රටවලටය. එම අර්ථකථනය ලබා ගන්නේ ලෝක බැංකුව විසින් සකස් කරනු ලැබ ඇති දර්ශක මතය. එහිදී විශේෂයෙන් රටේ ඒක පුද්ගල ආදායම වැදගත් වෙයි. මෙම සහනය ගන්නට මේ ආර්ථික නොහැකියාවන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. යුරෝපා සංගමය මේ සඳහා සලකා බැලෙන අනෙක් සුදුසුකම වන්නේ මානව හිමිකම් ඇතුළු එක්සත්  ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27කට ගරු කිරීම සහ ඒවාට අනුව කටයුතු කිරීමය.

මෙම ප්‍රඥප්තීන් තුනකට අදාළ එකඟතා කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවට මීට කලින් වතාවක්ද චෝදනා එල්ල විය. ඒ 2010 වසරේදීය. දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීමෙන් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කරන ලද මෙම යෝජනා සම්මත වීම මත අපට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි විය. කෙසේ වුවද යළිත් මෙම සහනය අපට ලැබෙන්නේ 2017 වසරේදීය. එය 2023 වසරේදී අවසන් විමට  නියමිතව තිබුණි. ඊට බලපෑවේ ශ්‍රි ලංකාව ලෝක ආර්ථික දර්ශකවලට අනුව පහළ මැදි ආදායමේ රටක තත්ත්වයෙන් ඉහළ මැදි ආදායම් රටක තත්ත්වයට උසස් වීමය.

2023 දී අහිමි වීමට තිබූ ජී.එස්පී ප්ලස් සහනය 2025 දක්වා …

එසේ වුවද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රි ලංකාවට යළි මෙම සහනය 2025 දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය.  එයට හේතු වූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය බිඳ වැටී ඉහළ මැදි ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා  පහළ වැටීමය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බොහෝ අය සිතන්නේ ජී.එස්පී ප්ලස් සහනයෙන් වාසිය ඇත්තේ අපේ ඇඟළුම් කර්මාන්තයට පමණක් බවය. එසේ සිතීමට සාධාරණ හේතුවක් ඇත. යුරෝපයට යැවුණු අපේ ඇඟලුම්වලින් 2019 වසරේදී පමණක් ඉපැයූ මුදල යුරෝ බිලියන 2.03කි.  මේ වනවිට මහා බ්‍රිතාන්‍යය  යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටියද   යුරෝපාකරය තුළ රටවල් 27ක් ඇත. එය දැවැන්ත ආර්ථිකයකි. මේ ආර්ථිකය තුළ අපට නිර්මාණය වූ නව අවස්ථා රැසක් ඇත. මේ අවස්ථා පිළිබඳව දැඩිව අවධානය යොමු විය යුතුය.

යුරෝපා සංගමය තම සාමාජිකත්වයේ සිටින රටවල භාණ්ඩ සහ සේවා අපනයනයේදී අපනයනකරුවන්ට දෙන මෙම බදු සහනයේ පවතින විශේෂ ලක්ෂණය වන්නේ එයින් අපට දියුණු රටවල් සහ යුරෝපා භාණ්ඩ සහ සේවා වෙළෙඳපොළ තුළ තරග කළ හැකි වීමය. කුණු කසළවල සිට සුඛෝපභෝගී භාණ්ඩ දක්වා අතිශයින් පුළුල් වු වෙළෙඳපොළ අවස්ථාවක් ශ්‍රි ලංකාවට යුරෝපයෙන් දුන් ජීඑස්පී ප්ලස් බදු සහනය නිසා විවර වන්නේය. මේ නිෂ්පාදන යැවීමේදී සපුරාලිය යුතු සුදුසුකම් ලබා ගත යුතු සහතික පවතින බව වෙනම කතාවකි. එහෙත් ඒ සුදුසුකම් පිරිවිතර සපුරාලීමෙන් සුවිසල් වෙළඳපොළකට අවතීර්ණ වීමට අපේ ආනයනකරුවන්ට හැකියාවක් ඇත.GSP+

අපට දුන් ජීඑස්පි ප්ලස් අවලංගු කරන්න කියන්නේ ඇයි?

මේ සඳහා බලපාන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන යෝජනාවකි. එය නම් කරන්නේ  “ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගැනීම සඳහා යුරෝපයේ ජි.එස්.පී ප්ලස් සහනය භාවිත කිරීම සඳහා වන යුරෝපා කොමිසමට සහ යුරෝපා විදේශ ක්‍රියාන්විත සේවාවෙන් ඉල්ලිමක් කිරීමේ යෝජනාව “ලෙසය.  (calls on the European Commission and the European External Action Service (EEAS) to use the Generalized System of Preferences+ (GSP+) as a leverage to push for advancement on Sri Lanka’s human rights obligations and demand the repeal or replacement of the PTA,

මෙම යෝජනාවේ අරමුණ වී ඇත්තේ මානව හිමිකම් සුරැකීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් අනිසි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැනි ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකාවේ රජය  ඉවත් කරවා ගැනීමය. මෙම යෝජනාවලියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රි ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ඇතැම් පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකර  දීර්ඝ කාලයක් රැඳවුම් බාරයේ හෝ රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නිසා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රි ලාංකිකයන්ට යම් අනර්ථයක් සිදුවන බවය. මෙම යෝජනාවට පක්ෂව යුරෝපා පාර්ලිමේන්තුවේ   ඡන්ද  628  ක් ලැබි ඇති අතර විපක්ෂව ලැබී තිබුනේ ඡන්ද  15ක්  පමණි. එයට අමතරව තවත් 40ක් ඡන්දය දීම ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම යෝජනාවලිය සම්මත වුණේ ජී.එස්.පී සහනය කපා දැමීමට නොවේ. ඔවුන් එයින් කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතින්  පිළවෙත්වලට ගරු කරන කරුණු ඇතුළත් නව පනතක් සම්මත කර ගන්නා ලෙසය.

මෙම යෝජනාවලිය නිසා අපට ජී.එස්පී ප්ලස් නැති වෙයිද?

මෙහිදී වැදගත් වන්නේ මේ සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් දක්වන අදහස්ය. ඉංග්‍රිසි වයාපාරික පුවත් පතකට අදහස් දක්වා තිබූ හිටපු වෙළෙඳ අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ ලෝක වෙළෙඳ සංවිධානයේ තානාපති ලෙසද කටයුතු කළ ගෝමි සේනාධීර   පවසන්නේ මෙම යෝජනාවලිය සම්මත වීමෙන් ශ්‍රි ලංකාවේ ජී.එස්පී ප්ලස් සහනය අහිමි වීමක්  සිදු නොවන බවය. මෙම යෝජනාවලිය විසින් කර ඇත්තේ ශ්‍රී ලංකාව මානව හිමිකම් රැකීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීම මඟින් මෙරට මානව හිමිකම් රැකීමේ ගුණාත්මක තත්ත්වයන් සුරැකීමේ “තුරුම්පුවක්“ බවට පත් කිරීමය.

ගෝමි සේනාධීර ට අනුව මෑත කාලය තුළ යුරෝපා පාර්ලිමේන්තුවත් යුරෝපා කොමිසමත් පකිස්තානයට සහ පිලිපීනයට මීට වඩා බරපතල ලෙස යෝජනාවලි දෙකක් ගෙනවිත් ඇත. මේ යෝජනාවලින් ඉල්ලා ඇත්තේ එම රටවල මානව හිමිකම් කඩවීම් හේතුවෙන් දැනට ක්‍රියාතක්මක ජී.එස්.පී ප්ලස් සහනය අහිමි කරවන ලෙසය.

මේ සම්බන්ධයෙන් පිලිපීන දේශපාලකයන්ගේ ප්‍රතිචාරය ශ්‍රි ලංකාවට දෙවැනි  නැත. එරට ජනාධිපති ගේ නිල ප්‍රකාශකයා පවසා තිබුණේ යුරෝපා සංගමය කරන්නේ තක්කඩි වැඩක් බවය. “අපේ මානව හිමිකම් අපි බලා ගන්නම්. ඕන නම් ජී.එස්.පි ප්ලස් සහනය ඉවත් කර ගන්න“ යැයි ඔහු ප්‍රකාශ කළේ මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නොවන මට්ටමේ පිළිතුරක් ලබා දීමට සිදුවීම ගැන කනගාටුවද පල කරමිනි.

එහෙත් එරට වෙළෙඳ ලේකම් රාමෝන් ලෝපේස් ඉතා වගකීම් සහගත උත්තරයක් යුරෝපා සංගමයට ලබා දී ඇත. ඔහු මෙම තත්ත්වය මැනවින් අධ්‍යයනය කරමින් ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වන ලෙසට ඉල්ලීමක් කර ඇත. මේ ඉල්ලීම යුරෝපා කොමිසමේ අවධානය දිනා  ගන්නට සමත් විය. අවසානයේ ඔවුන්ට ජී.එස්.පී ප්ලස් සහනය බේරා ගත හැකි විය.

Garment-factory-in-Philippines
පිලිපීනයේ ඇඟළුම් කර්මාන්තය…

පකිස්තානයටද චෝදනා එල්ල වූයේ එරට මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර සහ ප්‍රංශය කෙරෙහි පවතින විරෝධය ඇතුළු ප්‍රජාතන්ත්‍රිය අයිතීන් රැකීම සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් මුල් කරගෙනය. එහිදීද ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් ලබා දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය තීන්දුවක් ගත යුතු බවට මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබුණේ ස්විඩනයයි. මෙයට පකිස්තාන මානව හිමිකම් අමාත්‍ය ශිරීන් මසාරිගේ ප්‍රතිචාරය දරුණු විය. ඇය තරමක තද ස්වරූපයේ ප්‍රතිචාරයක් දැක්වූවාය. එසේ වුවද පකිස්ථාන විදේශ අමාත්‍යංශය මෙය ඉතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හසුරුවා පවතින අනවබෝධයන් දුරුකොට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් රැකෙන තැනට වැඩ කළේය.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එල්ල වී ඇති යෝජනාව මේ දෙක තරම්ම බරපතල නොවන බව සේනාධීර ගේ අදහසය. මෙම යෝජනාවලියෙන් යුරෝපා කොමිසමට සහ යුරෝපීය විදේශ ක්‍රියා සේවය (European External Action Services)  ඔවුන් යෝජනා කරන්නේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු තත්ත්වයන් වර්ධනය කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පවතින පනත වෙනස් කිරීම සම්බන්ධයෙන් මිනුම් දණ්ඩක් ලෙස ජී.එස්.පී ප්ලස් සහනය භාවිත කළ යුතු බවය. යම් හෙයකින් මෙම තත්ත්වයන්හි වර්ධනයකට ශ්‍රී ලංකාව ක්‍රියා නොකළහොත් අවසාන විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව නැවැත්වීමට අදාළ යෝජනාවක් මේ අනුව සිදු කර ඇත.

ඒ අනුව බලන කල ශ්‍රි ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් රැක ගැනීමට පිලිපීනය හෝ පාකිස්තානය තරම් අමාරු ගමනක යා යුතු වන්නේ නැත. අදාළ චෝදනාවන් සම්බන්ධයෙන් කරුණු නිසි ලෙස අධ්‍යයනය කොට එයට නිසි ප්‍රතිචාර දැක්වුහොත් එම රටවලට වඩා පහසුවෙන් මෙය රැක ගත හැකි වන බව ජාත්‍යන්තර වෙළෙඳ විචාරකයන්  බොහෝමයකගේ  අදහසයි.

මේ මොහොතේ අප මෙම සහනය රැක ගත යුතු වන්නේ අපට මේ සහනය හරහා මෙතෙක් අප ඇහැක් වත් ඇර නොබැලූ අපනයන ව්‍යාපාර අවස්ථා ගණනාවක් පවතින නිසාය. රටක් ලෙස අද පවතින විදේශ විනිමය අර්බුදය පිළිබඳව සැලකීමේදී මෙම සහනය මැද රටේ අපනයන වැඩි කිරීම සඳහා මීට වඩා වගකීමකින් සහ ක්‍රමෝපායිකව කටයුතු කළ යුතුය. ඒ කටයුත්ත සිදු කිරීමට නිසි දැනුමක් සහ බුද්ධියක් සහිත වගකිව යුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇත.

මේ මොහොතේ කළ යුත්තේ දේශපාලකයන් ගේ වගකීම් රහිත කාණු කටවල් ප්ලාස්ටර් ගසා  වසා හෝ සබුද්ධික රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවස්ථාව කළමනාකරණයට ඉඩ ලබා දී ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිව හෝ අහිමි කරවීමේ අවදානමෙන් මිදීමය

Fresh-fish
යුරෝපා සංගමයේ රටවල් සඳහා මාළු සැපයුම
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විමල්ට මූල්‍ය විනයක් නෑ…. මට රාජ්‍ය සේවයත් එපා වුණා… කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජනපතිට ලියයි…

Next Post

කාලගුණයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් Eva ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.