අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ශ්‍රීලංකන් ගුවන් සේවය APEX තරු හතරට

by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනාගන්නා ලදී. මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර මෙම සම්මාන උළෙල 2020 දෙසැම්බර් මස 9 වන දින පැවැත්විණි.

ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX ) යනු ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයකි.

ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය (IFSA) සහ අනාගත සංචාරක අත්දැකීම් (FTE) යන සමාගම් ජාලයක් ඒ හා සම්බන්ධ වී ඇති අතර එය ආරම්භයේ සිට අවසානය දක්වාම සමස්ත ගුවන් මගී අත්දැකීම් නිරීක්ෂණයට සහ වැඩිදියුණු කිරීමට කැපවී සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපගේ සේවාවට සහ සාර්ථකත්වයට ඇති ලොකුම සාක්ෂිය වන්නේ අපගේ අමුත්තන්ගේ පක්ෂපාතීත්වය සහ යහපත් ප්‍රතිචාරයි. මගීන්ගේ ඇගයීම මත පමණක් ලබාදෙන ලද මෙම තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෝලීය හා කලාපීය මට්ටමින් ලද ඉමහත් උපහාරයක් හා ගෞරවයක්. එය අපගේ ගුවන් සේවයේ සේවය කරන පුද්ගලයින් ලද සැබෑ ප්‍රශංසාවක්. ” යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

APEX විසින් ගුවන් ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවය ලබන්නන් නිවේදනය කරයි. ගුවන් සේවා කර්මාන්තයේ පළමු ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන මගීන්ගේ ස්ථිර කිරීම මත පදනම් වේ. සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කිරීම තෙවන පාර්ශවීය මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වේ.

මෙම APEX නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ලබා දීම සඳහා ගුවන් සේවයේ ආසන සුවපහසුව, ගුවන් යානා අභ්‍යන්තර සේවාවන්, ආහාරපාන, විනෝදාස්වාදය සහ වයි-ෆයි ඇතුළු සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කරන ලදී.

ගුවන් සමාගමට හිමිවූ නවතම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “මෙම තරු හතරේ ශ්‍රේණිගත කිරීම හිමිවීම ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය නායකයෙකු ලෙස නැවත වරක් තහවුරු කිරීමක්.

අඛණ්ඩව පස්වන වරටත් එම පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. මෙම සම්මානය මගින් අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබිඹු වෙනවා. ඒ වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා විශිෂ්ටත්වයේ ලෝක මට්ටමේ ප්‍රමිතීන් අනුව සකස් කර ඇති බවට සහතික කිරීමක් ද වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය සහ ලොව පුරා බොහෝ ගුවන් සමාගම් අභිබවමින් 2019/20 APEX සම්මාන උළෙලේදී හොඳම අලෙවිකරණ නවෝත්පාදන සම්මානය දිනා ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹින් පිට කොවිඩ් පොකුරු හැදෙන්න අරන්…තත්වය භයානකයි…

Next Post

ශිෂ්ට ලෝකය බෙහෙතක් මිනිස්සුන්ට හඳුන්වා දෙන හැටි…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.