බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

by Lanka Sara Editor
ජූලි 10, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම ඊයේ (09) සිදුවිය.

මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී මෙම සහයෝගීතාවයට එළඹිනි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය.

මෙම එකඟතාවයට අනුව මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 5,000කට ආසන්න සංඛ්‍යාවක් සවිබලගැන්වීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ සහයෝගය ලබා දෙන අතර, ඔවුන් වෙත අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයමින් එකී ව්‍යාපාරයන්ගේ තිරසරභාවය ඇතිකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ඇත.

ආනයන ආදේශන, අපනයන අභිමුඛ, දේශීය අගය එකතුකළ නිෂ්පාදන හා වෘත්තීය අවස්ථා නිර්මාණය කළ හැකි ව්‍යාපාර ක්ෂේත්‍රයන් සංවර්ධනය සඳහා දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම ව්‍යාපෘතියෙහි මුල්‍ය සවිබලය ලබාදීම මහජන බැංකුව විසින් සිදුකරන අතර, එක් එක් ව්‍යාපාරය සඳහා සුවිශේෂී ගැලපෙන ආකාරයට මුල්‍ය පහසුකම් සැපයීමේ මහජන බැංකුව සතු අත්දැකීම් ඊට විශාල ශක්තියක් වනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කටයුතු කරමින් කළමනාකාරීත්ව, තාක්ෂණික හා වෙළෙඳපොල ප්‍රවේශය යන අංශයන්ගෙන් විශිෂ්ටත්වයන් පෙන්නුම් කරන ලද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අවශ්‍ය මුල්‍ය සහයෝගය ලබාගැනීමට මහජන බැංකුව වෙත යොමුකිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යභාරයකි.

අවශ්‍යතාවය මත අදාළ ණය මුදල තීරණය කරනු ලබන අතර, මුල්‍ය ශක්‍යතාවය හා ව්‍යාපෘති මෙහෙයුම් ශක්‍යතාවය ද එහිදී සලකා බැලෙන අනිවාර්ය කරුණු වේ.

අදාළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පහසුකම් දක්වා තිබෙන කොන්දේසිවලට යටත්ව මෙම ණය පහසුකම් ලබාදීම පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන අතර, මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාදුන් මුල්‍ය පහසුකම් පිළිබඳ පසු විපරම් කටයුතු සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයෙහි ඉතිහාසය තුළ රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා මුලපුරමින් ව්‍යවසායකත්ව සංවර්ධනය හරහා රටේ ආර්ථික ක්‍රියාවලිය ඉහළ නැංවීමට අත්වැල් බැඳගත් මෙම අවස්ථාව සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීමෙන් පසු පුළුල් පරාසයක පැතිරුණු පුහුණුවක් ලබාගනිමින් ප්‍රායෝගික ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කරන ගනුදෙනුකරුවන්ට ඉන් පසු මහජන බැංකුවේ ශාඛා කළමනාකාරවරයෙක් හමුවී තම ව්‍යාපාරික සැලසුම ඉදිරිපත් කළ හැකිය.

ඉන්පසු බැංකු ශාඛා කළමනාකාරවරයා විසින් ගනුදෙනුකරු විසින් ඉදිරිපත් කළ අදාළ ව්‍යාපාර යෝජනාව ඇගයීමට ලක්කරනු ඇති අතර, එහි ව්‍යවසාය සංවර්ධන ශක්‍යතාවයක් තිබේ නම් ඊට වඩාත් ගැලපෙන මුල්‍ය පහසුකමක් ලබාදීමට කටයුතු කරනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලයල සිය ප්‍රාදේශීය මධ්‍යස්ථාන ජාලය හරහා රටපුරා විසිර සිටින ව්‍යවසායකත්ව හැකියාවන් සහිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් සවිබලගැන්වීමට කටයුතු කරයි.

මේ සඳහා ඉතා පළපුරුදු හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් කාර්මික සංවර්ධන මණ්ඩලය සතු ය.

මහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකකයන් විසින් තමන් වෙත ලැබෙන ව්‍යවසාය යෝජනා ඇගයීමට ලක්කෙරෙන අතර, ශ්‍රී ලංකාව පුරාම පැතිර පවතින සිය ශාඛා ජාලය හරහා ගනුදෙනුකාර සබඳතාවයන් ඉහළ නංවාගැනීමටද කටයුතු කෙරේ.

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. එල්. යූ. රත්නමලල, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ කේ. එම්. එස්. ජී. බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිශානි නාරංගොඩ ඇතුළු මහජන බැංකුවේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරිහු මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

Share69Tweet43
Previous Post

සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා

Next Post

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.