බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

“බලපත්‍රලාභී මූල්‍ය ආයතන ගැන අනියත බියක් එපා- මහ බැංකුව වග කියනවා”

අධිපති මහාචාර්ය ලක්ෂ්මන් කියයි

by Lanka Sara Editor
ජූනි 8, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

 

රටේ මහජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන දෙවර්ගයෙහි ම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ම පියවර අඛණ්ඩ ව ගන්නා බව විහේෂ ප්‍රකාශයක් නිතුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සඳහන් කරයි.

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රෙය් දැඩි අර්පබුචයක් ලපවතින බවත් මෙම තත්ත්වඉතුළ එම සමාගම්වල තැන්පතු දැමීම අවදානම් බවටත් වූ ප්‍රචාරඉතිසිදු දනමකින් තොර අසත්‍ය ඒවා බවත් සඳහන් කරන මහ බැංකු අධිපතිවරයා පසුගියදා මහ බැංකුව විසින්  බලපත්‍රය අවලංගු කරන ලද ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගත් පියර මත මේ පදනම් විරහිත ප්‍රචාර ඉහළ ගොස් ඇතැයිද සඳහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සම්පූර්ණ කළ යුතු මූල්‍ය නිර්ණායක සියල්ලබොහෝ මූල්‍ය ආයතන විසින් සපුරා ඇත. ඒ අනුව සියයට 16ට වඩා ඉහළ මට්ටමක පවතින සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 130ට වඩා ඉහළ මට්ටමක පවතින ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, සියයට 175ට වඩා ඉහළ මට්ටමක පවතින ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියයට 32ට වඩා ඉහළ මට්ටමක පවතින ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සමඟ බැංකු පද්ධතිය ශක්තිමත් ව පවතී. 2020 පළමු කාර්තුව තුළ අක්‍රීය ණය අනුපාතය යම් තරමක පහළ යෑමක් වාර්තා කර ඇති අතර වෙන් කිරීම් ආවරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. නව බදු ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ලබමින් 2020 පළමු කාර්තුව සඳහා බැංකු අංශයේ බදු පසු ලාභය, පෙර වසරේ පළමු කාර්තුව හා සැසඳීමේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම කාර්යසාධන දර්ශක සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයෙන් සියයට 62ක් වන බැංකු පද්ධතියේ වත්මන් ස්ථායිතාව පිළිබඳ ව අමතර සහතිකයක් කිසිවෙකුටත් අවශ්‍ය වේ යැයි මම නො සිතමි.

අපි දැන් බැංකු නො වන මූල්‍ය ආයතන වෙත, විශේෂයෙන් ම, බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය වෙත අවධානය යොමු කරමු. ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් හිමි කාණ්ඩවල විවිධ ගුණත්වයෙන් යුතු ණය අවශ්‍යතා සපුරාලමින් මෙම ආයතන රටේ මූල්‍ය අංශය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෝටර් රථ ආනයනය සීමා කිරීම වැනි සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මගින් මූල්‍ය සමාගම් කෙරෙහි යම් අසමතුලිත බලපෑමක් ඇති කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීමේ අරමුණේ කොටසක් ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අවශ්‍ය ද්‍රවශීලතා සහාය ලබා දී ඇති අතර ම හදිසි අවස්ථාවල දී මූල්‍ය පද්ධතිය සඳහා සහාය සැපයීමට ද සූදානම් ව සිටී.

මෑතක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමත් සමඟ මෙම ප්‍රකාශය ආරම්භයේ දී මා දක්වන ලද පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීම සහ මෑතකාලීන ව තවත් මුදල් සමාගම් කිහිපයකට එරෙහි ව නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා බව මා විසින් අවධාරණය කළ යුතු වේ. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු එහි තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක් එනම් තැන්පත්කරුවන් 135,100ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා පූර්ණ වන්දි ලබා දීමට අපට දැන් හැකියාවක් ඇත.

ඉතිරි තැන්පත්කරුවන් 10,072ට මූලික වශයෙන් එක් තැන්පතු හිමියෙකුට රු. 600,000ක් දක්වා වන්දි මුදලක් ලැබෙනු ඇත. මීට පෙර දී ද මේ හා සමාන ව ම සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්හි බලපත්‍ර අවලංගු කිරීමට අදාළ ව එම සමාගම්වල තැන්පත්කරුවන්ගෙන් සියයට 95ක් සඳහා මේ වන විටත් පූර්ණ වන්දි ලබා දී ඇත.

අධිකරණ කටයුතු හේතුවෙන් ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්හි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රමාද වී මේ වන තෙක් සියයට 26කට සීමා වී තිබුණු නමුත් මහ බැංකුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති අතර මෙම සමාගමේ සියලු ම තැන්පත්කරුවන් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. මුදල් සමාගමේ දිගු කාලයක් පුරාවට පැවති එයටම ආවේණික ගැටලු හේතුවෙන් තැන්පත්කරුවන්ගේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා එම ආයතනය සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව මහජනතාව තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නිවැරදි කිරීමේ නියාමන ක්‍රියාමාර්ග මගින් සමස්ත බැංකු නො වන මූල්‍ය ආයතන අංශය ම අසාර්ථක වී ඇති බවක් අදහස් නො වේ. ඇතැම් බලපත්‍රලාභී මුදල් සමාගම් කුඩා හෝ මධ්‍ය පරිමාණයේ බැංකු ආයතන හා සම මට්ටමක පවතින බව අප විසින් සැබවින් ම නිරීක්ෂණය කර ඇත.

එ බැවින්, අපගේ බැංකු නො වන මූල්‍ය ආයතන අංශයේ තත්ත්වය පිළිබඳ සැකයට හේතු වන පදනම් විරහිත අදහස් සහ ද්වේශ සහගත අනුමානයන් මගින් වැරදි අවබෝධයන් ඇති කර නො ගන්නා ලෙස මම මහජනතාවගෙන් දැඩි ව ඉල්ලා සිටිමි.

ඉහත කරුණු දැක්වීමට අමතරව මහ බැංකුව අතීතයේ දී දැඩි ව අවධාරණය කරන ලද බැංකු සහ මූල්‍ය ව්‍යාපාරවල වැදගත් පොදු කරුණක් නැවත අවධාරණය කිරීමට මට ඉඩ ලබාදෙන්න.

විවිධ මූල්‍ය ආයතන මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී නියාමනය හා අධීක්ෂණය කරනු ලැබුව ද, එම ආයතනවල සියලු මෙහෙයුම් කටයුතු මහ බැංකුව විසින් දෛනික ව කළමනාකරණය කරනු ලබන බව එයින් අදහස් නො වේ.

මෙම ආයතනවල ව්‍යාපාර ආකෘතීන් එකිනෙකට වෙනස් වන අතර ඉහළ ප්‍රතිලාභ උපයන ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිලාභ තුළින් තැන්පත්කරුවන්ට විවිධ මට්ටමේ පොලී දීමනා ලබා දීමට ඔවුන්ට හැකි වේ. එ බැවින්, තැන්පතු සඳහා ලබා දෙන ඉහළ පොලී අනුපාතික මගින් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ අදාළ ආයතන වඩාත් අවදානම් සහගත ව්‍යාපාරවල නිරත වන බව පොදු මහජනතාව සැලකිල්ලට ගත යුතු ය.

අවසාන වශයෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු මෙවලම් මහ බැංකුව විසින් භාවිත කරනු ඇති බවට මම දැඩි ව අවධාරණය කිරීමට කැමැත්තෙමි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී.

තව ද, බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇති ව ව්‍යාජ හෝ නො මග යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නො වන බව ද සඳහන් කළ යුතු ය.

Tags: නවතම
Share82Tweet43
Previous Post

රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

Next Post

මේ මැතිවරණයේ දී ටී.එන්.ඒ එකට යන එන මං නෑ… ශිවාජිලිංගම් කියයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.