අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොරෝනා නිසා ලංකාවේ තේවලට ඕස්ට්‍රේලියාවේදී ලොකු ඉල්ලුමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ.

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන “අන්තර්ජාලය ඔස්සේ පැවති ලංකා තේ සන්ධ්‍යාව” නමින් නම් කර තිබුණි.

මෙහිදී දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පානයක් වන තේ, පානය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

“අන්තර්ජාලය ඔස්සේ පැවති ලංකා තේ සන්ධ්‍යාව, ” කොවිඩ්-19 වසංගත කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ “ලංකා තේ” ප්‍රවර්ධනය කිරීම සඳහා නවතම ප්‍රවේශයක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙබ් අඩවි මත පදනම්ව සිදුකරන ලද මෙම වැඩසටහනට සහභාගි වූ හතළිහකට අධික පිරිස අතරේ, ඕස්ට්‍රේලියාවේ ‌‌‌ෆෙඩරල් පාර්ලිමේන්තුවේත්, වික්ටෝරියා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේත්, ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලයේත්, ඕස්-ලංකා ව්‍යාපාරික කවුන්සිලයේත්, ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා කවුන්සිලයේත්, වික්ටෝරියාහි කොන්සියුලර් ප්‍රජාවේ සාමාජිකයෝත් ඇතුළු මෙල්බර්න්හි හෝටල්කරුවෝද වූහ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, ජයන්ත මොල්ලිගොඩ මහතා කොළඹ සිට මීට සහභාගි වෙමින් ලංකා තේවලට දිගින් දිගටම කැමැත්තක් දැක්වීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ තේ පාරිභෝගිකයන්ට සිය ප්‍රශංසාව පුද කළේය.

2021 දී ආරම්භ වන “ලංකා තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන” මඟින් ලංකා තේවලට ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයන් සමීප කිරීම සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ආවරණය කරනු ඇත.

ඩිල්මා ලංකා තේ හි ප්‍රධාන විධායක නිලධාරි ඩිල්හාන් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවේ විවිධ පළාත්වල වැවෙන ලංකා තේ වල රස බැලීම සහ නිවැරදි ලෙස තේ කෝප්පයක් සෑදීම ප්‍රදර්ශනය කළේය.

ඕස්ට්‍රේලියාවේ “ටී මාස්ටර්ස් ” ආරම්භකයා සහ එහි ප්‍රධාන විධායක නිලධාරි ෂර්යාන් ජොන්ස්ටන් මහතා ලංකා තේ සදහා කැමැත්තක් දක්වන මනුයෙලා අර්බි මහතා සහ “ෆුඩ් බෑන්ක් වික්ටෝරියා ෆුඩ් ප්‍රොකියුමන්ට්” හි කළමනාකරණ සුනිල් ලක්ෂමනාසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිට සහභාගි වූ පිරිස අතර වෙති.

ලංකා තේවල උසස් ගුණාත්මකභාවය, විශේෂයෙන් මෙම වසංගත සමයේ තේ පානයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි, ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට තේවල ඇති හැකියාව, ඔක්සිහාරක ගුණය හා දේහයේ ආතතියට තුඩු දෙන කෝටිසෝල් හෝමෝනය අඩුකිරීමට ඇති හැකියාව මෙම පිරිස අවධාරණය කරන ලදී.

මෙම වසරේ මුල් භාගයේදී, ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල ඇති වූ ගින්නේ වින්දිතයන් සදහා ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමාගෙන් ත්‍යාගයක් වශයෙන් ලද ලංකා තේ තොගය “ෆුඩ් බෑන්ක් වික්ටෝරියා” විසින් බෙදා හැර තිබේ.

ඕස්ට්‍රේලියාව ලංකා තේ සඳහා වැදගත් වෙළඳපොළකි. 2018 වසරේදී ඕස්ට්‍රේලියාවට තේ අපනයනය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය හිමිකරගත් අතර අපනයනය කළ තේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2391කි.

එම වසරේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට සිදු කළ අපනයනවලින් එය 12% ක් විය. 2019 වසරේදී ඇ.ඩො.මිලියන 25කට අධික වටිනාකමින් යුතු තේ ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව අපනයනය කර ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ලංකා තේ වෙළඳපොළ සදහා අමතර වාසිදායක තත්ත්වයක් පවති.

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය හා යහපැවැත්ම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වීම, ඕස්ට්‍රේලියාවේ ලංකා තේ වෙළඳපොළ සඳහා අමතර වාසිදායක තත්ත්වයක් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් ගණන 10 000 ඉක්මවයි…

Next Post

අඹන්පොල ආසාදිත මාළු වෙළෙන්දන්ගේ ආශ්‍රිතයන් 35කින් 10කට කොරෝනා

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.