අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

by Lanka Sara Editor
ජූලි 6, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සංචාරක කර්මාන්තයට සෘජුවම සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන සමඟ සම්බන්ධ වී සිටින සේවකයින්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා පහත සඳහන් සහන ක්‍රියාමාර්ග, ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් සමඟ රජය අනුමත කර ඇති බවබසංචාරකසංවර්ධන අධිකාරිය නිවේචනය කරයි.

1. ඒ අනුව අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති නවාතැන් සපයන්නන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වල (DMCs) සේවකයින්ගේ වෑටුප් ගෙවීම සදහා 4% ක සහන පොලී අනුපාතයකට රජයේ පශ්චාත් COVID-19 සහන යටතේ ඇප රහිතව ලංකා බැංකුව (BoC) හරහා ණය පහසුකම් ලබා දීමයට කටයුතු කර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ලංකා බැංකුව විසින් සෘජුවම රු.20,000 ක උපරිමයනට යටත්වූ මුදලක් එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා ලබා දීමට නියමිතය.

2. අවන්හල්, සංචාරක හිතකාමී ආහාර ගන්නා ස්ථාන, ස්පා සහ සුවතා මධ්‍යස්ථාන, කුළුබඩු උද්‍යාන, සංචාරක සාප්පු සහ ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ආයතන 851 ක සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා සමාන ණය පහසුකමක් ලබා දෙනු ඇති අතර ලංකා බැංකුව විසින් සෘජුවම උපරිම වශයෙන් රු.15,000 ක මුදලක් මසකට එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ.

3. සංචාර පදනමක් මත (tour basis) සේවයේ යොදවා ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා හිමිකම් නොකියන බැවින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයින්ට රු .20,000 ක් සහ රියදුරන්ට රු .15,000 බැගින් ගෙවනු ලැබේ.මෙම ගෙවීම් අධිකාරිය විසින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

4. 2020 මාර්තු 1 සිට අගෝස්තු 31 දක්වා කාල සීමාව සඳහා අධිකාරියේ ලියාපදිංචි නවාතැන් සපයන්නන්ගෙන් අයවිය යුතු මුදල් ප්‍රමාද කිරීම සහ සමුච්චිත බිල්පත් පියවීම සඳහා මාස 12 ක වාරික සැලැස්මක් ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දීම.

මෙම කාල සීමාව තුළ විදුලිය සහ/හෝ ජල බිල්පත් ගෙවා ඇත්නම්, මාස 12 ක සහන කාලයක් සහතික කිරීම සඳහා අමතර ණය කාලයක් ලබා දීම.

5. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව සහ සහන කාලය තුළ පැහැර හැරීමේ ගාස්තු රහිතව සංචාරක කටයුතු සඳහා බදු දී ඇති වාහන සඳහා ලබා දී ඇති මාස හයේ සහන කාලය මාස දොළහක් දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලට චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

ඉහත 1 සහ 2 සඳහා සුදුසුකම් සහ කොන්දේසි පහත දැක්වේ.

  • 2019 වන විට අධිකාරිය සමග ලියාපදිංචි සියලුම ආයතන සුදුසුකම් ලබයි (විදේශ ආයෝජන ඇතුළුව)

  • TDL (සංචාරක සංවර්ධන බද්ද) ගෙවා ඇති ආයතනවලට පළමු ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.

  • සියළුම ණය බෙදාහැරීම් 2019 දී සේවක ඊපීඑෆ් ගෙවීම් කළ සේවා යෝජකයන්ට වේ

  • සියලුම බෙදාහැරීම් ලංකා බැංකුව හරහා සිදු කෙරේ.

  • බෙදාහැරීම් ආයතනික ඇපකරයකට හෝ ලංකා බැංකුවට පිළිගත හැකි පුද්ගලික හෝ ස්වාධීන ඇපකරුවෙකුට යටත් වේ.

  • ණය කාලය තුළ සහ සම්පූර්ණ ගෙවීම තෙක්; ණය ගැනුම්කරු SLTDA සමඟ ලියාපදිංචි විය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම ගිවිසුම කඩ කිරීමක් ලෙස සැලකේ.

  • සියලුම ණය බෙදාහැරීම් මාසිකව සේවක බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.

  • 2020 අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී මෘදු කාරක ප්‍රාග්ධන ණය ලබාගෙන ඇති ලියාපදිංචි ආයතන ද සුදුසුකම් ලබයි.

ඉහත 1 සහ 2 සඳහා ආපසු ගෙවීම: අදාළ වන පොලී අනුපාතය වාර්ෂිකව 4% ක් වන අතර මෙය බෙදාහැරීමේ දිනයේ සිට වසර දෙකක සහන කාලයක් සහිත අවුරුදු පහක (5) ණයක් වන බවද සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

Tags: නවතම
Share79Tweet43
Previous Post

“ඇවන්ට්ගාඩ්ලා අන්තවාදීන්ට අවිපුහුණුව දුන්නාදැයි සොයන්න”  

Next Post

සල්ලි කෝටි  600ක් බිලිගන්න බහිරවයන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ යළිත් වැඩ

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.