අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අප දවන ආර්ථික වේදනවේ දරුණුම කොටස දැන් අප ඉදිරියේ …!

by editor
සැප්තැම්බර් 27, 2022
in ව්‍යාපාර, සමාජ
Share on FacebookShare on Twitter
  • අයි.එම් .එෆ් සහනය එන්නේ ණය හිමියන්ගේ එකතාවන්ට අනුමැතිය හිමිවුණොත් පමණයි !

  • අයි.එම් එෆ් කොළ එළිය වැටෙන තෙක් ණය දෙන අයඇහැක් ඇර බලන්නේ නෑ

  •  ගෙවන්න තිබෙන ණය කන්ද ඩොලර් බිලියන 80ක්

පවතින දැවැන්ත මූල්‍ය අර්බුදය හමුවේ රටේ විදේශ සංචිත පෝෂණය කිරීම සඳහා ලැබෙන කවර ආකාරයේ මූල්‍ය සහනයක් සඳහාත් තවත් මාස 3ත් 4ත් පමණ ප්‍රමාණයක් ගත විය හැකි බව ශ්‍රි ලංකාවේ මූල්‍ය බලධාරීන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

එයට හේතුව පසුගිය සිකුරාදා ආරම්භ වූ ශ්‍රි ලංකාවේ ණය හිමියන් සමග පවත්වන ණය ප්‍රතිව්‍යූගතකරණ යෝජනා සහ ක්‍රියාත්මක වැඩපිළිවෙළ සඳහා ණය හිමියන් දක්වන ප්‍රතිචාරය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කොළ එලිය දැල්වීමට දෙසැම්බර් මස මැද සිට ජනවාරි මාසයේ මැද දක්වා වන කාලය තෙක් අපට ඉවසිය යුතුය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව ණය ආධාරය මූලිකව එකඟ වූ ආකාරයට ලබා දීමටසූදානම් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව වෙනත් මූල්‍ය ආයතනලින්ද ණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති බවටත් ශ්‍රි ලංකාවේ මූල්‍ය බලධාරීහු විශ්වාසය පළ කරති.

ණය ගැන ණය දුන් රටවල් සමග සංවාදය –

පසුගිය සිකුරාදා ශ්‍රි ලංකාවට ණය ප්‍රදානය කළ පැරිස් සමාජයට අයත් රටවල් සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් සමඟ අනෝන්‍ය අදහස් හුවමාරු කිරීම සහ ණය සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග ආරම්භ විය. මේ සඳහා ලසාර්ට් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන උපදේශන සමාගම් දෙක ශ්‍රි ලංකාව වෙනුවෙන් කටයුතු කරන අතර ඔවුන් සමඟ ශ්‍රි ලංකාව පසුගිය සිකුරාදා ණය හිමියන් හමුවූහ එහිදි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බහුවිධ අර්බුදයේ පළල සහ ගැඹුර, IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම වෙත ගෙන ඇති ප්‍රතිසංස්කරණ මාවත සහ විශේෂයෙන් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යාවත්කාලීන කිරීම ගැන පුලුල්ව ණය හිමියන් දැනුවත් කිරීම් සිදුව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 80 කින් පමණ කඩා වැටීමෙන් පසු මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති දෙකම දැඩි කිරීමත් සමඟ එදිනෙදා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම මධ්‍යයේ ඇටකටු මිරිකන ශ්‍රී ලාංකීය ජනතාව දිනපතා අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින බවද ණය හිමියන් වෙත දැනුවත් කිරීමක් ලබා දි ඇත.

ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් ණය හිමියන් අමතා ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ සහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේ මහින්ද සිරිවර්ධනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය මෙම වැඩසටහන අනුමත කිරීමට පෙර රාජ්‍ය හා පෞද්ගලික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික නොවැම්බර් මැද වනවිට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුහු එහිදි ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විධායක මණඩලය ශ්‍රී ලංකාව සඳහා යෝජිත ණය වැඩසටහන මෙම වසරේ දසැම්බර් මැද සහ 2023 ජනවාරි මැද කාලය තුළ අනුමැතිය ලබා දෙනු ඇති බවය. මේ අනුමැතිය ලබා දුන්  විට ශ්‍රී  ලංකාවට යම් හෝ මූල්‍ය සහනයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අත දිගු කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ලංකාසරට වාර්තා වන පරිදි ආසියානු සංවර්ධන බැංකු, ලෝක බැංකුව වැනි ආයතන පවා ශ්‍රී ලංකාව සම්බන්ධ සිය ඉදිරි සැලසුම් මේ වනවිට ලක ලෑස්ති කරමින් සිටින අතර ඔවුන් සිය මූල්‍ය ශක්තිය ශ්‍රී ලංකාව වෙත මුදා හරින්නේ මෙම මූලික එකඟතාව ට පැමිණීමෙන් පසුවය.

ලංකාවේ ණය හිමියෝ

එබැවින් මෙම ඉදිරි කාල රාමුව තුළ සියලුම ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. එහි දී ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද කළ ණය ගිවිසුම් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට පෙර ලබන වසරේ දෙවන කාර්තුව දක්වා සාකච්ඡා දිගටම කරගෙන යනු ඇත.

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර කාණ්ඩ දෙකක් ඇත. එකක් පැරිස් සමාජයට අයත් රටවල්ය. පැරිස් සමාජයේ සාමාජිකයන් ලෙසින් හඳුන්වන්නේ ණය දෙන රටවල් කණ්ඩායම් ඔවුන් ණය ලබා දුන් රටවල් වලට ඒවා ගෙවීම දුෂ්කර වු අවස්ථාවලදී එය සහනශිලී ලෙස ගෙවීමට අදාළ යෝජනා ආදිය සලකා බැලෙන රටවල නියෝජිතයන් එම රටවල බැංකු නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සමූහයකි. 1956 දී ආජන්ටිනාවට ණය ලබා දුන් රටවල් කිහිපයක් එකතුවෙන් මෙම සමූහය පිහිටුවා ගැනුණු අතර එයට අයත් රටවල් ගණනාවක් තිබේ. විශේෂයෙන් යුරෝපය නියෝජනය කරන රටවල් සහ ජපානය ඇතුලු ණය දෙන රටවල් මේ පැරිස් සමාජයේ සාමාජිකයෝ වෙති.

එයට අමතරව මෙම සමාජයට අයත් නොවන ණය දෙන රටවල් ද තිබේ. විශේෂයෙන් චීනය මෙම පැරිස් සමාජයේ සාමාජිකයෙක් නොවේ. ඉන්දියාවද එහි සාමාජිකත්වය දරන්නේ නැත. දැනට රජයේ සහතික කළ රාජ්‍ය ව්‍යවසාය ණය ද ඇතුළුව ශ්‍රි ලංකාව දරන සමස්ත ද්වීපාර්ශ්වික ණය වලින් සියයට 52.0 ක් දරන්නේ පැරිස් සමාජයට අයත් රටවල්ය. එම සමාජයට අයත් නොවන රටවල් එම ණයවලින් සියයට 12.0 ක් දරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් නියෝජනය කරන මේ සියලු රටවල තානාපතිවරුන් හමුවී කඩිනම් මූල්‍ය සහතික කිරීම් අපේක්ෂා කළේය.

හිඟ රාජ්‍ය ණය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ඩොලර් බිලියන 80ක පමණ හිඟ ණයක් උරුම කරගෙන සිටී. එයින් ඩොලර් බිලියන 46.6 ක විදේශ මුදල් ණයක් ද, දේශීය මුදල් ණයවලට සමාන ඩොලර් බිලියන 34.0 ක් ද නියෝජය වෙයි.

කොච්චර ණය ද?

2022 වසරේ ජූනි මස අවසාන වනවිට මෙම සමස්ත ණය කන්ද රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 122 ක ප්‍රතිශතයකි.

පෞද්ගලික විදේශ විනිමය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8 ක් වූ අතර, ඉන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇතුළු බැඳුම්කර ජූනි මස අවසන් වන විට ඩොලර් බිලියන 14.5 ක් ලෙස වාර්තා වේ.

මේ වනවිට ශ්‍රි ලංකාව ස්වයං ව ප්‍රකාශිත වී ඇත්තේ මෙම ණය ගෙවීම පැහැර හරින බංකොලොත් රටක් ලෙසය. මේ රටට කවුරුත්ම මේ මොහොතේ ණය දෙනන්ට එන්නේ නැත. දුක බලා ලැබෙන ආධාරයක් හැරෙන්නට ණයක් ලැබෙන්නට නම් අපට මුලින්ම දැනට පවතින ණය හිමියන් කැමැති වන ප්‍රතිව්‍යුහගත කරණයකට යා යුතුය. ඒ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබිය යුතුය.

අප මේ ගත කරන්නේ මේ එකාවන් බලාපොරාත්තු වන තීරණාත්මක මෙන්ම වේදනාත්මක කාලයකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෑලියගොඩින් කසල සීනි තොගයක් අත්අඩංගුවට…

Next Post

ගොඨාගේ රජය කළ තකතිරුකම සිහිකර ජනපති ජපානයට “සොරි “ කියයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.