බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය අරමුණු කරගත් GLX Garage වැඩසටහන ඇරඹෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

තිරසාර ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන Good Life X (GLX) ආයතනය, තම නවතම ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ‘GLX Garage’ නමින් පසුගියදා හඳුන්වා දෙන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම කෙටි කාලීන හා දිගුකාලීන ඉලක්ක සකසා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම, මෙම වැඩසටහනේ ඉලක්කය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර තුළ නව වෙනසක් නිර්මාණය කරගැනීමට මෙන්ම, දෙස් විදෙස් වෙළෙඳපොළ වර්ධනය කරගැනීමට ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවස්ථාව හිමිවනු ඇත.

GLX යනු, ආහාර හා කෘෂිකර්මාන්තය, සුවතාව, සංචාරක, නිර්මාණ සැලසුම් ආදී ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් සමඟ සමීපව කටයුතු කරන ආයතනයකි. එමගින් මෙරට තිරසාර සංවර්ධනය පෙරටු කරගත් ව්‍යවසායකයින්ට සැලසෙන ප්‍රතිලාභ ද රැසකි. උදාහරණ ලෙස, ව්‍යාපාර ප්‍රවීණතාව, නව්‍ය තාක්ෂණික විසඳුම්, අලුත් ක්‍රමෝපාය සංවර්ධනය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ බුද්ධි තොරතුරු ආදී ප්‍රතිලාභ නව ව්‍යවසායකයින් වෙත ගලායන අතර, එම ව්‍යාපාරවල සංවර්ධනය හා නව හැකියාවන් අත්පත් කරගැනීමට ඉන් අවස්ථාව උදා වේ.

වර්තමානයේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ක්‍රියාත්මක වන්නේ ඉතාම අභියෝගකාරී ව්‍යාපාර පරිසරයක ය. ඔවුන්ට තම ව්‍යාපාරවල පැවැත්ම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීම වෙනුවෙන් අලුතින් සිතීමටත්, නවෝත්පාදන සිදුකිරීමට හා ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති නිර්මාණය කිරීමටත් සිදුව තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විශේෂයෙන් ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා ජන ජීවිත විශාල වෙනසකට ලක්ව ඇත. එබැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීම ඇතුළු බොහෝ අභියෝග කල්පනාකාරීව ජයගැනීමට, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවේ.

මේ අතර GLX සතු ගෝලීය සහකරුවන් ජාලය ද, නව ව්‍යාපාර සඳහා ම ගැලපෙන සැලසුම් හඳුන්වා දීමට උපකාරී වේ.

“GLX Garage වැඩසටහන හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට අපි ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට හැකිවෙනවා. විශේෂයෙන් ම ගෝලීය වසංගතයේ උච්චතම අවස්ථාවක ඔවුන්ට ශක්තිමත්ව නැඟීසිටීමට සහාය වීම ඉතා වැදගත්. අපේ ඉලක්කය වන්නේ, මෙම ව්‍යාපාර ආයතනවලට අලුත් හැරවුමක් සහ දියුණු වාණිජ බලයක් ලබාදෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීම සඳහා උපකාර කිරීමයි. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනයටත් මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යැයි GoodLife X අධ්‍යක්ෂිකා රන්දුලා ද සිල්වා පැවසුවාය.

GLX Garage පළමු නියමු ව්‍යාපෘතිය සඳහා Target Agriculture, House of Lonali, Worga Naturals, Serendipol හා Ceylon Exports and Trading යන තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන සම්බන්ධ වේ.

මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණි. ඒ අතුරින් පළමු ව්‍යාපෘතිය සඳහා සුදුස්සන් තෝරාගනු ලැබුවේ, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය හා හොංකොං යන රටවලින් සම්බන්ධ වූ ගෝලීය විශේෂඥයින් පිරිසකගේ දායකත්වයෙනි. එය ඉතාම විධිමත් තේරීම් ක්‍රියාවලියක් විය.

“අලුත් ආර්ථික හා ව්‍යාපාරික පරිසරය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සඳහා මෙම වැඩසටහනෙන් විසඳුම් ලබාදෙනවා. ඊට අමතරව නව අවස්ථා පදනම් කරගනිමින් ව්‍යාපාර වේගවත්ව ඉදිරියට ගෙනයාමටත් සහාය වෙනවා. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, සෑම ව්‍යාපාර ආයතනයකටම ඔවුන්ටම ගැලපෙන සැලසුම් හා ඉලක්ක සැපයීම යි. එතුළින් ව්‍යාපාර නැවත දියුණු වීම, ජාත්‍යන්තර විශේෂඥයින් හා හවුල්කරුවන් කරා ප්‍රවේශ වීම, පාරිභෝගික ආකර්ෂණය වැඩිවීම හා ඉලක්කගත වෙළෙඳපොළවල් හා සම්බන්ධ වීම ආදී බොහෝ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවෙනවා” යනුවෙන් ‍මේ පිළිබඳ අදහස් දක්වමින් GLX Garage වැඩසටහන් අධ්‍යක්ෂ නියෝ ලියනගේ පැවසීය.

මෙම වැඩසටහන හරහා තමන්ට සුදුසු ව්‍යාපාර හවුල්කරුවන් හඳුනාගැනීමටත්, දෙස් විදෙස් ව්‍යවසායකයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් ලැබෙන්නේ විශාල පිටිවහලකි. අනාගතයේදී විශේෂ ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් මෙම ව්‍යාපාර ආයතන ගෝලීය වශයෙන් වර්ග කිරීමට ද GLX Garage අපේක්ෂා කරයි.

GLX Garage වැඩසටහන යනු ජර්මනියේ Noah පදනම විසින්, ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යංශයේ සහයෝගයෙන්, කොවිඩ් වසංගතයට ප්‍රතිචාර වශයෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙලකි.

Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතයන් 09ක්… වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ…

Next Post

සත්ව ඝාතනය නැවැත්වීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.