fbpx
බදාදා, පෙබරවාරි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

by Lanka Sara Editor
ජූලි 10, 2020
in ව්‍යාපාර
443 5
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම ඊයේ (09) සිදුවිය.

මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී මෙම සහයෝගීතාවයට එළඹිනි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය.

මෙම එකඟතාවයට අනුව මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 5,000කට ආසන්න සංඛ්‍යාවක් සවිබලගැන්වීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ සහයෝගය ලබා දෙන අතර, ඔවුන් වෙත අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයමින් එකී ව්‍යාපාරයන්ගේ තිරසරභාවය ඇතිකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ඇත.

ආනයන ආදේශන, අපනයන අභිමුඛ, දේශීය අගය එකතුකළ නිෂ්පාදන හා වෘත්තීය අවස්ථා නිර්මාණය කළ හැකි ව්‍යාපාර ක්ෂේත්‍රයන් සංවර්ධනය සඳහා දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

RelatedPosts

බාහිර රොගී අංශ, සායන, රෝගී ප්‍රතිකාර සේවා, මුලුමනින් ඇණහිටී… නොසලකා හිටියොත් ප්‍රතිඵල වේදනාකාරී වෙයි… GMOA අනතුරු අඟවයි…

ඉන්දියාව සහ ඇමරිකාව එක්ව ජෙට් එන්ජින් නිපදවීමට සැරසෙයි

ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

මෙම ව්‍යාපෘතියෙහි මුල්‍ය සවිබලය ලබාදීම මහජන බැංකුව විසින් සිදුකරන අතර, එක් එක් ව්‍යාපාරය සඳහා සුවිශේෂී ගැලපෙන ආකාරයට මුල්‍ය පහසුකම් සැපයීමේ මහජන බැංකුව සතු අත්දැකීම් ඊට විශාල ශක්තියක් වනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කටයුතු කරමින් කළමනාකාරීත්ව, තාක්ෂණික හා වෙළෙඳපොල ප්‍රවේශය යන අංශයන්ගෙන් විශිෂ්ටත්වයන් පෙන්නුම් කරන ලද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අවශ්‍ය මුල්‍ය සහයෝගය ලබාගැනීමට මහජන බැංකුව වෙත යොමුකිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යභාරයකි.

අවශ්‍යතාවය මත අදාළ ණය මුදල තීරණය කරනු ලබන අතර, මුල්‍ය ශක්‍යතාවය හා ව්‍යාපෘති මෙහෙයුම් ශක්‍යතාවය ද එහිදී සලකා බැලෙන අනිවාර්ය කරුණු වේ.

අදාළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පහසුකම් දක්වා තිබෙන කොන්දේසිවලට යටත්ව මෙම ණය පහසුකම් ලබාදීම පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන අතර, මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාදුන් මුල්‍ය පහසුකම් පිළිබඳ පසු විපරම් කටයුතු සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයෙහි ඉතිහාසය තුළ රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා මුලපුරමින් ව්‍යවසායකත්ව සංවර්ධනය හරහා රටේ ආර්ථික ක්‍රියාවලිය ඉහළ නැංවීමට අත්වැල් බැඳගත් මෙම අවස්ථාව සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීමෙන් පසු පුළුල් පරාසයක පැතිරුණු පුහුණුවක් ලබාගනිමින් ප්‍රායෝගික ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කරන ගනුදෙනුකරුවන්ට ඉන් පසු මහජන බැංකුවේ ශාඛා කළමනාකාරවරයෙක් හමුවී තම ව්‍යාපාරික සැලසුම ඉදිරිපත් කළ හැකිය.

ඉන්පසු බැංකු ශාඛා කළමනාකාරවරයා විසින් ගනුදෙනුකරු විසින් ඉදිරිපත් කළ අදාළ ව්‍යාපාර යෝජනාව ඇගයීමට ලක්කරනු ඇති අතර, එහි ව්‍යවසාය සංවර්ධන ශක්‍යතාවයක් තිබේ නම් ඊට වඩාත් ගැලපෙන මුල්‍ය පහසුකමක් ලබාදීමට කටයුතු කරනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලයල සිය ප්‍රාදේශීය මධ්‍යස්ථාන ජාලය හරහා රටපුරා විසිර සිටින ව්‍යවසායකත්ව හැකියාවන් සහිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් සවිබලගැන්වීමට කටයුතු කරයි.

මේ සඳහා ඉතා පළපුරුදු හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් කාර්මික සංවර්ධන මණ්ඩලය සතු ය.

මහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකකයන් විසින් තමන් වෙත ලැබෙන ව්‍යවසාය යෝජනා ඇගයීමට ලක්කෙරෙන අතර, ශ්‍රී ලංකාව පුරාම පැතිර පවතින සිය ශාඛා ජාලය හරහා ගනුදෙනුකාර සබඳතාවයන් ඉහළ නංවාගැනීමටද කටයුතු කෙරේ.

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. එල්. යූ. රත්නමලල, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ කේ. එම්. එස්. ජී. බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිශානි නාරංගොඩ ඇතුළු මහජන බැංකුවේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරිහු මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

Share71Tweet44
Previous Post

සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා

Next Post

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

Related Posts

පුවත්

23 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

පෙබරවාරි 7, 2023
ව්‍යාපාර

අපි තවමත් අනතුරින් මිදී නෑ… රට ලොකු ආර්ථික අර්බුදයක… මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

ජනවාරි 18, 2023
පුවත්

තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

දෙසැම්බර් 31, 2022
Next Post

"ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්"

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

බාහිර රොගී අංශ, සායන, රෝගී ප්‍රතිකාර සේවා, මුලුමනින් ඇණහිටී… නොසලකා හිටියොත් ප්‍රතිඵල වේදනාකාරී වෙයි… GMOA අනතුරු අඟවයි…

by editor
පෙබරවාරි 8, 2023
0

India USA Relations

ඉන්දියාව සහ ඇමරිකාව එක්ව ජෙට් එන්ජින් නිපදවීමට සැරසෙයි

by Lankasara News
පෙබරවාරි 8, 2023
0

Indian economy

ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

by Lankasara News
පෙබරවාරි 8, 2023
0

උතුරේ සිට නැගෙනහිර විරෝධතාවයට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට ප්‍රහාරයක්!

by editor
පෙබරවාරි 8, 2023
0

13ට එරෙහි භික්ෂු පා ගමනට පොලිසියෙන් දැඩි බාධා කිරීම්… පොල්දූව මංසන්ධිය උණුසුම් වේ.

by editor
පෙබරවාරි 8, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • බාහිර රොගී අංශ, සායන, රෝගී ප්‍රතිකාර සේවා, මුලුමනින් ඇණහිටී… නොසලකා හිටියොත් ප්‍රතිඵල වේදනාකාරී වෙයි… GMOA අනතුරු අඟවයි…
  • ඉන්දියාව සහ ඇමරිකාව එක්ව ජෙට් එන්ජින් නිපදවීමට සැරසෙයි
  • ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist