fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

“බලපත්‍රලාභී මූල්‍ය ආයතන ගැන අනියත බියක් එපා- මහ බැංකුව වග කියනවා”

අධිපති මහාචාර්ය ලක්ෂ්මන් කියයි

වසර 2ක් ago
in ව්‍යාපාර
442 4
0
Share on FacebookShare on Twitter

 

රටේ මහජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන දෙවර්ගයෙහි ම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ම පියවර අඛණ්ඩ ව ගන්නා බව විහේෂ ප්‍රකාශයක් නිතුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සඳහන් කරයි.

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රෙය් දැඩි අර්පබුචයක් ලපවතින බවත් මෙම තත්ත්වඉතුළ එම සමාගම්වල තැන්පතු දැමීම අවදානම් බවටත් වූ ප්‍රචාරඉතිසිදු දනමකින් තොර අසත්‍ය ඒවා බවත් සඳහන් කරන මහ බැංකු අධිපතිවරයා පසුගියදා මහ බැංකුව විසින්  බලපත්‍රය අවලංගු කරන ලද ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගත් පියර මත මේ පදනම් විරහිත ප්‍රචාර ඉහළ ගොස් ඇතැයිද සඳහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සම්පූර්ණ කළ යුතු මූල්‍ය නිර්ණායක සියල්ලබොහෝ මූල්‍ය ආයතන විසින් සපුරා ඇත. ඒ අනුව සියයට 16ට වඩා ඉහළ මට්ටමක පවතින සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 130ට වඩා ඉහළ මට්ටමක පවතින ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, සියයට 175ට වඩා ඉහළ මට්ටමක පවතින ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියයට 32ට වඩා ඉහළ මට්ටමක පවතින ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සමඟ බැංකු පද්ධතිය ශක්තිමත් ව පවතී. 2020 පළමු කාර්තුව තුළ අක්‍රීය ණය අනුපාතය යම් තරමක පහළ යෑමක් වාර්තා කර ඇති අතර වෙන් කිරීම් ආවරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. නව බදු ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ලබමින් 2020 පළමු කාර්තුව සඳහා බැංකු අංශයේ බදු පසු ලාභය, පෙර වසරේ පළමු කාර්තුව හා සැසඳීමේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මෙම කාර්යසාධන දර්ශක සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයෙන් සියයට 62ක් වන බැංකු පද්ධතියේ වත්මන් ස්ථායිතාව පිළිබඳ ව අමතර සහතිකයක් කිසිවෙකුටත් අවශ්‍ය වේ යැයි මම නො සිතමි.

අපි දැන් බැංකු නො වන මූල්‍ය ආයතන වෙත, විශේෂයෙන් ම, බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය වෙත අවධානය යොමු කරමු. ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් හිමි කාණ්ඩවල විවිධ ගුණත්වයෙන් යුතු ණය අවශ්‍යතා සපුරාලමින් මෙම ආයතන රටේ මූල්‍ය අංශය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෝටර් රථ ආනයනය සීමා කිරීම වැනි සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මගින් මූල්‍ය සමාගම් කෙරෙහි යම් අසමතුලිත බලපෑමක් ඇති කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීමේ අරමුණේ කොටසක් ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අවශ්‍ය ද්‍රවශීලතා සහාය ලබා දී ඇති අතර ම හදිසි අවස්ථාවල දී මූල්‍ය පද්ධතිය සඳහා සහාය සැපයීමට ද සූදානම් ව සිටී.

මෑතක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමත් සමඟ මෙම ප්‍රකාශය ආරම්භයේ දී මා දක්වන ලද පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීම සහ මෑතකාලීන ව තවත් මුදල් සමාගම් කිහිපයකට එරෙහි ව නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා බව මා විසින් අවධාරණය කළ යුතු වේ. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු එහි තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක් එනම් තැන්පත්කරුවන් 135,100ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා පූර්ණ වන්දි ලබා දීමට අපට දැන් හැකියාවක් ඇත.

ඉතිරි තැන්පත්කරුවන් 10,072ට මූලික වශයෙන් එක් තැන්පතු හිමියෙකුට රු. 600,000ක් දක්වා වන්දි මුදලක් ලැබෙනු ඇත. මීට පෙර දී ද මේ හා සමාන ව ම සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්හි බලපත්‍ර අවලංගු කිරීමට අදාළ ව එම සමාගම්වල තැන්පත්කරුවන්ගෙන් සියයට 95ක් සඳහා මේ වන විටත් පූර්ණ වන්දි ලබා දී ඇත.

අධිකරණ කටයුතු හේතුවෙන් ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්හි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රමාද වී මේ වන තෙක් සියයට 26කට සීමා වී තිබුණු නමුත් මහ බැංකුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති අතර මෙම සමාගමේ සියලු ම තැන්පත්කරුවන් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. මුදල් සමාගමේ දිගු කාලයක් පුරාවට පැවති එයටම ආවේණික ගැටලු හේතුවෙන් තැන්පත්කරුවන්ගේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා එම ආයතනය සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව මහජනතාව තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නිවැරදි කිරීමේ නියාමන ක්‍රියාමාර්ග මගින් සමස්ත බැංකු නො වන මූල්‍ය ආයතන අංශය ම අසාර්ථක වී ඇති බවක් අදහස් නො වේ. ඇතැම් බලපත්‍රලාභී මුදල් සමාගම් කුඩා හෝ මධ්‍ය පරිමාණයේ බැංකු ආයතන හා සම මට්ටමක පවතින බව අප විසින් සැබවින් ම නිරීක්ෂණය කර ඇත.

එ බැවින්, අපගේ බැංකු නො වන මූල්‍ය ආයතන අංශයේ තත්ත්වය පිළිබඳ සැකයට හේතු වන පදනම් විරහිත අදහස් සහ ද්වේශ සහගත අනුමානයන් මගින් වැරදි අවබෝධයන් ඇති කර නො ගන්නා ලෙස මම මහජනතාවගෙන් දැඩි ව ඉල්ලා සිටිමි.

ඉහත කරුණු දැක්වීමට අමතරව මහ බැංකුව අතීතයේ දී දැඩි ව අවධාරණය කරන ලද බැංකු සහ මූල්‍ය ව්‍යාපාරවල වැදගත් පොදු කරුණක් නැවත අවධාරණය කිරීමට මට ඉඩ ලබාදෙන්න.

විවිධ මූල්‍ය ආයතන මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී නියාමනය හා අධීක්ෂණය කරනු ලැබුව ද, එම ආයතනවල සියලු මෙහෙයුම් කටයුතු මහ බැංකුව විසින් දෛනික ව කළමනාකරණය කරනු ලබන බව එයින් අදහස් නො වේ.

මෙම ආයතනවල ව්‍යාපාර ආකෘතීන් එකිනෙකට වෙනස් වන අතර ඉහළ ප්‍රතිලාභ උපයන ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිලාභ තුළින් තැන්පත්කරුවන්ට විවිධ මට්ටමේ පොලී දීමනා ලබා දීමට ඔවුන්ට හැකි වේ. එ බැවින්, තැන්පතු සඳහා ලබා දෙන ඉහළ පොලී අනුපාතික මගින් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ අදාළ ආයතන වඩාත් අවදානම් සහගත ව්‍යාපාරවල නිරත වන බව පොදු මහජනතාව සැලකිල්ලට ගත යුතු ය.

අවසාන වශයෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු මෙවලම් මහ බැංකුව විසින් භාවිත කරනු ඇති බවට මම දැඩි ව අවධාරණය කිරීමට කැමැත්තෙමි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී.

තව ද, බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇති ව ව්‍යාජ හෝ නො මග යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නො වන බව ද සඳහන් කළ යුතු ය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

Next Post

මේ මැතිවරණයේ දී ටී.එන්.ඒ එකට යන එන මං නෑ… ශිවාජිලිංගම් කියයි

Related Posts

මහ බැංකු අධිපතිකම මට එපා ! ඩොක්ටර් නන්දලාල් හොඳයි ! ආචාර්ය කුමාරස්වාමි කියයි…

මැයි 26, 2022
Samantha Kumarasinghe

සබන් අඩුවට ඕන නම් බහුජාතික අයට දෙන බදු සහන දේශීය අපටත් දෙන්න!

අප්‍රේල් 29, 2022
Gautam Adani

ආදානි ලොකුම සල්ලිකාරයන්ගෙ පස්වෙනි තැනට

අප්‍රේල් 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    210 shares
    Share 84 Tweet 53

Highlights

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

by editor
මැයි 29, 2022
0

ලලිත් චාමින්ද - මෙවර  අ.පො.ස සාපෙළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist