අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

බත් ගස යකාට ගිය රටේ ගස් යට කුණුවෙන කොස් පලදාවෙන් ඩොලර් ගේන්න හදන මිනිස්සු !

by editor
දෙසැම්බර් 4, 2022
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

බත් ගස තවමත් ජාතිය වෙනුවෙන් පල දරන්නේය. එහෙත් ඒ පල බරින් පෝෂණය වන්නට තරම් නිස්කාංසුවක් නැති විකාරයක් වූ ජන සමාජයක් මේ මොහොතේත් බඩගින්නේය.

ගමට යන ලෙස ඇරයුම් කරමි. තවමත් ගස් යට කුණුවෙමින් යන කොස් පලදාව ඔබට දකින්නට ලැබෙනු ඇත. අතේ කොහොල්ලෑ ගාගන්නට නුහුරු  ගමේ ගොඩේ ඉපදුන 80 දශකයෙන් මෙපිට අම්මලාට බඩගින්නේ හිටියත් කොස් මදුලක් තම්බා ගන්නට  ඇති ජීවිත පුරුද්ද හීනය.

මේ කතාව ඇසෙන්නෙ ඒ අතරය. ඔවුහු ගස් යට වැටි කුණුවන කොස්   විදේශ විනියම උපයන සම්පතක් බවට පත් කරගැනීමේ ව්‍යවසායකයෙක් නිර්මාණය කරමින් සිටිති.

අප මේ සටහන තබන්නේ ඔවුන්  මේ බඩගිනෙන් මොර දෙන සමාජයට අලුත් පණිවිඩයක් දෙමින් ඔවුන් අලුත් අපනයන අවකාශයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බැවිනි. Subhavi Nutri Products පිළිබඳ මෙම සටහන තබන්නට නිමිති සපයන්නේ එයය.

කිසිම වසක් විසක් කෘතිම කල් තබා ගැනීමක්  නෑ…

රටක් ලෙස ආර්ථිකව පිරිහෙන විට මුලින්ම විනාශ වන්නේ ආහාර සංස්කෘතියේ අගයන් සහ වටිනාකම්ය. එවැනි ජන ප්‍රජාවකට ඕනෑම විසක් කැවිය හැකිය. බත්පතේ ගුණාත්මකබවට වගනොකියන ජාතියකට ඕනෑම ව්‍යසනයක් සිදුවිය හැකිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවැනි පරිසරයක අපට ඇසෙන්නේ අතිශයින්ම අවම මැදිහත්වීමක් සහිතව ගුණාත්මක බවට හානියක් වන කිසිම කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකර, ස්වභාවධර්මයේ මූලික සිද්ධාන්ත අනුදැන සිදුකරන ආහාර කර්මාන්තයකි.  ව්‍යාපාරයේ  වාර්ෂික ලාභයෙන් 10% භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව නංවාලීම ඔවුන්ගේ ඊලඟ ඉලක්කය ය.

මේ නිශ්පාදන ක්‍රියාවලියේ ස්වරූපය පිළිබඳ කෙටි පිළිසඳරක්  සඳහා අප  හා සම්බන්ධ වන්නේ Subhavi Nutri Products ආයතනයේ අලෙවි සහ මිලදී ගැනීමේ කළමනාකරු , හිටපු කීර්තිමත් යුද හමුදා නායකයෙක් වූ ලුතිනන් කර්නල් චන්ද්‍රනාත් බණ්ඩාරය.

කොස් නිශ්පාදන….

සිය සන්නාමය යටතේ  නිශ්පාදන 24ක් අන්තර්ජාතික වෙළඳපලට හදුන්වා දීමේ අභිලාෂය සහිතව කටයුතු කරන Subhavi Nutri Products මේ වනවිට සිය නිශ්පාදන මෙහෙයුමේ වැඩිම කොටස ආවරණය කරන කොස් සම්බන්ධ නිශ්පාදන ක්‍රියාවලිය  පිළිබඳවය.

කොස් කට්ටවත් ඉවත දාන්නෙ නෑ…

“ අපි දන්නවා අපේ අතීතය. අපේ සංස්කෘතිය ඇතුලෙ කොස් කියන්නෙ දැවැන්ත වටිනාකමක් හිමි වෙච්චි ආහාරයක්.  ගහක් යට කොස් ගෙඩියක් වැටිලා විනාස වෙන්න දුන්නෙ නෑ අපේ සීයලා ආච්චිලා. වැඩිපුර කොස් අටුකොස් කළා. කොස් ඇට වැලිකොස්ඇට විදිහට කල් තබා ගත්තා. කොස් අවාරෙදිත් අපි  බත්වල අඩුව   කොස් වලින් පුරවා ගත්තා.“

“ අද අපේ තාක්ෂණය දියුණුයි. ඉතාම සරල තාක්ෂණික ක්‍රමවේදයක් පාවිච්චි කරලා  කිසිම බාහිර එකතු කිරීමකින් තොරව, විජලනය කිරීමකින් තොරව නැවුම්  කොස් මාස හයක් කල් තබා ගන්න හැකි ක්‍රමවේදයක් අපේ තාක්ෂණික කණ්ඩායම හඳුනා ගත්තා. “

“ කොස් මදුලු වෙන්කරලා පිරිසිදුකරලා කපලා ඉතාම පවිත්‍රව පැකට් කරලා කරන නිශ්පාදනය ග්‍රෑම් 400 රුපියල් 350ක වගේ මිලකට  කොළඹ සුපිරි වෙළෙඳසල් ජාලය වෙත මුදා හරින අතරම අපනයනය වෙළෙඳපල සඳහා නිශ්පාදනය කරනවා.“   .

නිශ්පාදන ක්‍රියාවලිය….

ලංකාව වසර පුරාම කොස් පලදාව හටගන්නා රටකි. ලංකාවේ ප්‍රදේශ තුනක් ආවරණය කරන විට වසර පුරාම කොස් පලදාව සොයා ගත හැකිය. මේ වනවිට බස්නාහිව සහ වයඹ පළාත්වල කොස් පලදාව හැදෙමින් ඇති කාලය ය. දකුණේ කොස්  පල දරා ඇත.  කෝතමලේ පැත්තේ පලදාව වරණ කාලය ඇවිත් තිබේ.  Subhavi Nutri Products ආයතනය ගස් යට වැටෙන කොස් සොයාගෙන මේ පළාත්වලට යයි. ගැමියන්ටත් සාධාරණ මිලක් දී කොස් මිලදි ගනී.

“ සාමාන්‍යයෙන් කිලෝ 06ක කොස් ගෙඩියකින් කොස් මදුළු ගන්න පුලුවන් ග්‍රෑම් 900ක් විතරයි. එහෙත් අපි මේ කොස් ගෙඩියෙ සියලුම දේ ප්‍රයෝජනයට ගන්නවා. කොස් මදුළු ගලවලා කපලා මූලික නිශ්පාදනය ලෙස සකස් කරනවා. කොස් ඇට වලින් විශේෂ පිටි වර්ගයක් නිශ්පාදනය කරනවා. කොස් ඉරි වලින් ඉතාම රසවත් බයිට් එකක් හඳුන්වා දෙන්න අපේ තාක්ෂණික අංශ කටයුතු කළා. කොස් කටු සහ කොස්ගෙඩියෙ වහල්ල සත්ත්ව ගොවිපලවලට සහ කොම්පොස්ට් පොහොර නිශ්පාදනයට  අපි නොමිලේ බෙදා දෙනවා.“ චන්ද්‍රනාත් බණ්ඩාර අපට කියන්නේය.

මේ වනවිට ඔවුහු සිය මූලික අදියරේ දී කොස් කිලෝ 250ක් පමණ දිනපතා වෙළෙඳපලට නිකුත් කරති. පර්යේෂණ කරමින් නිශ්පාදන ධාරිතාවේ ප්‍රමාණය සහ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටිති.

නිශ්පාදන 24ක් විදේශ වෙළඳපලට….

දැනට ආයතන තුළ  පූර්ණ කාලීනව රැකියාවේ නියුතු පිරිස 15කි.    ඉලක්ක අපනයන වෙළෙඳපලේ ඇනවුම් මත නිශ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීමේ සැලසුමක් ඔවුන් සතුය. ලංකාව තුළ වෙළඳපල තහවුරු වන ආකාරය සම්බන්ධව පූර්ව අධීක්ෂණයක සිටින ඔස්ට්‍රේලියාවේ,  මැදපෙරදිග සහ යුරෝපීය රටවල ගැනුම්කරුවන් තිදෙනෙක් ලබන වසරේ මුල වනවිට ඇනවුම් ලබා දීමේ එකඟතාවයට පැමිණ සිටිති.

“ අපි ඉතාම ඉහළ ආහාර විවිධත්වයක් සහිත රටක ජීවත් වෙන්නෙ. මේ පොළොවෙ හැදෙන කොස් ගෙඩියට, පොලොස් ගෙඩියට, දෙල් ගෙඩියට අලුත් වටිනාකමක් අපනයන වෙළෙඳපලෙන් ලබා ගන්න අපි මේ උත්සාහ කරන්නේ. ඊට අමතරව කිතුල්, ලෝකයේ හොඳම කුරුඳු ලෙස හඳුන්වා දෙන ලංකාවේ කුරුඳු, කුළු බඩු, පැරණි දේශීය වට්ටෝරුවකට අනුව හැදුව කුළුබඩු වර්ග 32ක් සංයෝජනය කළ විශේෂ කුළුබඩු කුඩු මිශ්‍රණය, ඇතුළු නිශ්පාදන 24ක් අපි විදේශීය වෙළෙඳපලට අරන් යන්න සූදානම් කරනවා.“

“මේ ගමන යන්න අවශ්‍ය අවංක කම. නිශ්පාදන ක්‍රියාවලියට අපි කරන ව්‍යාපාරයට ව්‍යාපාරික අරමුණුවලට අපි අවංක වෙන්න ඕන. ව්‍යාපාරයක අරමුණ ලාභය වුනාට ව්‍යාපාරයක් කියන්නෙ ලාභයම නෙමෙයි. ඊට එහා ගිය විශාල මානව ධර්ම රැසක් ව්‍යාපාරයක් තුළ තියනවා. අපි බොහෝ දෙනෙකුට වරදින්න ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාරකරණයේ දි  මේ සදාචාර නියාමයන් අමතක කිරීම. අපට ලෝකයේ වෙළෙඳපල අහිමි වී තිබෙන්නෙත් ඒ නිසා. ඒ සම්බන්ධව අපට හොඳ අධ්‍යයනයක් තියනවා.

දශක දෙකකට වැඩි යුද හමුදා සේවය ඇතුළෙ මා ලබපු ශික්ෂණයක් තියනවා. මේ රට වෙනුවෙන් වගකීමක් සහ වගවීමක් මට තියනවා.    රටේ නම යටතේ එන නිශ්පාදනයක් කියන්නෙ රට සම්බන්ධව වගකීමේ ප්‍රකාශනයක් බව අපි දන්නවා. ඒ අවබෝධය මතයි මේ ව්‍යාපාරය පටන් ගන්නේ. ඒ නිසාම තමයි අපට අපි ගැන විශ්වාසයක් තියෙන්නෙ. “  ලුතිනන් කර්නල් චන්ද්‍රනාත් බණ්ඩාර අපට කීවේය.

Subhavi Nutri Products  සඳහා එක් වී සිටින්නේ විවිධ ක්ෂේත්‍රවල සිය අනන්‍යතාවය සනිටුහන් කළ ලංකාවේ සිටින කෘතහස්ථ වෘත්තිකයින් පිරිසකි. අලෙවි සහ මිලදී ගැනීමේ කළමනාකරු ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ධාරියෙක් මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් යුධ නායකයෙක් වූ ලුතිනන් කර්නල් චන්ද්‍රනාත් බණ්ඩාරය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරන්නේ සම්පත් බැංකුවේ කීර්තිමත් බැංකුකරුවෙක් වූ අරුණ රණසිංහය. නිශ්පාදන කළමනාකරු අන්ර්ජාතික අත්දැකීම් සහිත වෘත්තිකයෙක් වූ මන්ජු සෝලංගආරච්චිය. තත්ත්ව පාලනය සහ පර්යේෂණ සංවර්ධන කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳවත්, මානව පෝෂණ විද්‍යාව පිළිබඳවත් ශාස්ත්‍රීය දැනුමක් සහිත විද්වතෙකි.  සන්නාම කළමනාකරු නූතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විද්පත් පරිචයක් ලද විද්වතෙක් වූ අමිල චන්ද්‍රසිරිය. මේ විද්වත් වෘත්තික පිරිස යහපත් දැක්මක් සහිතව මහා ඝන අන්ධකාරයක සැඩ සුළං මැද පහනක් දල්වමින් සිටිති. එය නොනිවී දැල්විය හැකි බව විශ්වාස කරති

දුගී දීනකම ජය ගෙන අභිමානයෙන් යුතුව නැගී සිටීමේ ප්‍රවේශය ඇත්තේ   සිතිවිල්ලක දුරිනි. ඔවුහු අපට ඒ පාඩම කියා දෙමින් සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මහලේකම් ගෙනා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශන කමිටුව ප්‍රතික්ෂේප කරයි…

Next Post

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ සිද්ධාන්තමය වැරැද්දක්…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.