බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

by editor
මැයි 14, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

 

බලාපොරොත්තු නැති මොහොතක කොරෝනා වසංගතය අප ගෙන ගොස් ඇත්තේ බලාපොරොත්තු රහිත අනාගතයකටය. මේ තත්ත්වය තුළ  අපේ අතිශය පෞද්ගලික බලාපොරොත්තුවේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල වැනි ලෝකයම එක්ව බලාපොරොත්තු වූ ජාත්‍යන්තර මට්ටමේ ඉසව් පවා වෙනත් ඉමකට රැගෙන ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ අපට තවදුරටත් බලාපොරොත්තුවක්   නොමැතිව සිටින්නට සිදුවේද?

එහෙත් මේ අර්බුදය අස්සේ අපට සුබවාදී වූ ධනාත්මක බලාපොරොත්තුද මෝදු වන බව පසක් වන්නේ අපේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබ ඵලද මේ කොරෝනාව පසුපස පැමිණ ඇති  බව පෙ‍නෙන විටය. පසුගියදා ඇඩ්වෝකාටා ආයතනය කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රි ලංකාවේ අපනයනයට ඇති වන බලපෑම පිළිබදව අන්තර්ජාල මාර්ගයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීය. මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ ඇතැම් ක්ෂේත්‍රවල විද්වතුන් සඳහන් කළේ අපට හිතකර අවස්ථාද මෙම අර්බුදය තුළ පහළ වී ඇති බවය.

මෙම සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ අපේ අපනයන පිළිබඳව ය.එය අතිශයින් වැදගත් වන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන බලකණු ශක්තිමත් වීමට අපෙන් සිදුවන අපනයන අතිශයින්ම තීරණාත්මක නිසාය. අපේ රටට විදේශ විනිමය ගෙන දෙන ආනයන පාදක කර ගත් කර්මාන්ත සැලකීමේදී ඔවුන් ට කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වන බාධා වැට කඩුළු  රටේ ආර්ථිකය කෙරෙහි දරුණු ලෙස බලපායි.  රටට පිටරටවලින් එන අදායම නතතිකලෙක මෙරට අභ්‍යන්තර මුදල් සංසරණයේද වියවුල් නිර්මානය වෙයි. එය සමස්ත ආර්ථිකයේම කඩා වැටීමකට බලපායි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාසයේදී මෙම ගෝලීය වසංගතයේ මුල් කාලයේදී කළ පුරෝකථනට අනුව අපේ රට 2020 තුළ ඉලක්ක ගත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 18.5 ආදායම ඩොලර් බිලියන 10.5 දක්වා ඩොලර් බිලියන 7.5කින් පහත දමා ඇත.  අපේ රටේ සමස්ත අපනයන සම්බන්ධයෙන් තත්ත්වය අසුබදායක වුවද මේ කළු වළාවේ රිදී  රේඛා පෙන්වන ක්ෂෙත්‍ර කිහිපයක් පිළිබඳවද එහිදි අවධානය යොමු විය. එහිදී හෙළි වූ ආකාරයට නිසැකවම තේ, පොල්, රබර් යන අපේ සාම්ප්‍රදායික අපනයන බෝගවල අනාගතය ඇත්තේ හොඳ පසුබිමකය. එසේම අපේ මත්ස්‍ය සම්පතද විදේශ විනිමය ගෙන දෙන වැදගත් අංශයක් බව එහිදී අවධාරණය කෙරුණි.

තේ රසයේ ඩොලර් සුවය

මෙම අන්තර්ජාල සමුළුවේදී තේ කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ඩිල්හාන් ප්‍රනාන්දු මහතාය. ඔහු මෙරට තේ පිළිබඳව ප්‍රධාන ගෝලීය සන්නාමය වන ඩිල්මා සමාගමේ වර්තමාන අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියා ය. ඔහු  පවසන්නේ ගෝලීය වසංගතය නිසා ලෝකයම වැසුණු තත්ත්වය තුළ පවා මෙරට තේ ඉල්ලුම ඉතා හොඳ මට්ටමක පැවැති බවය.

ඊට හේතුව ලෙස ඔහු දකින්නේ පසුගියදා මෙරට තේ ඉතිහාසයේ මුල් වරට අන්තර්ජාලය ඔස්සේ පැවැති පැවැත්වූ තේ වෙන්දේසියේදී ද ශ්‍රි ලංකා තේ සඳහා හොඳ ඉල්ලුමක් පැවති බවය. අර්බුදයට ඔඩු දුවන්නට පෙර තේ තොග රැස් කිරීමේ අරමුණින් දැඩි උද්‍යෝගයකින් තේ මිල දී ගත් මේ තත්ත්වය තුළ මෙරට තේ ඉල්ලුමේ ඉලක්කම් දෙකේ ප්‍රගතියක් පැවැති බවත් ඩිල්හාන් ප්‍රනාන්දු මහතා එම ඉ- සමුළුවේදී පැවසීය. ඩිල්හාන් ප්‍රනාන්දු මහතා විශ්වාස කරන්නේ තේ අපනයන මෙම අර්බුදය හමුවේ අඩුම බලපෑමකට ලක්වන ක්ෂේත්‍රයක් විය හැකි බවය. එකක් ඉදිරි ශීත කාලය සඳහා තේ තොග රැස් කිරීමක් සිදුවීමත් ආර්ථික සාධක හමුවේ තේ යනු කාටත් දැරිය හැකි මිලක් සහිත පාරිභෝගික ද්‍රව්‍යයක් ද වන නිසා තේ ඉල්ලුම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වන්නේ නැත.

පසුගිය වසංගත කාලය තුළ ලෝකයේ අන්තර්ජාලය හරහා මිලදී ගන්නා ප්‍රමාණයද සාපේක්ෂව වැඩි වි ඇත. මෙතෙක් කලක් අන්තර්ජාලයෙන් මිලදී නොගෙන වෙළෙඳසැල්වලින් මිලදී ගත් වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ප්‍රජාවද මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ භාන්ඩ මිලදී ගැනිමට පෙලඹ ඇත. එයට බොහෝ විට බලපා ඇත්තේ නිවසින් පිටත යාම සීමා කිරීමය. මෙයද තේ අලෙවිය කෙරේ සුබදායී ලෙස බලපා ඇති බව දිල්හාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මේ වනවිට ලෝකයම තම ශරීරය බාහිර රෝග කාරකවලට එරෙිහ සිරුර තුළ සටන් කිරීමේ ශක්තිය එනම් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම පිළිබඳව උනන්දුවීමේ ප්‍රවණතාවක් ඇත. අපේ තේ මෙම ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සමත් වන්නේ කවර ආතාරනේද යන්න පිළිබඳව මේ වනවිටත් පර්යේෂණ සිදුවන අතර දේශීය  වෛද්‍ය දැනුම තුළ ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවන චේහිය ශාකසාර ඖෂධ සමඟ අගය වැඩි කොට ලබා දිය හැකිය. පෞද්ලකි අංශයත් රාජ්‍ය පර්යේසණාත්මක ආයතන හෝ විශ්ව විද්‍යාල එක්ව මෙම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දු විය යුතු කාලයක් පැමිණ ඇත.

‍තේ කර්මාන්තයට පමණක් නොව මෙරට රබර් නිෂ්පාදන කර්මාන්තයටද ලොකු බලපෑමක් නොමැති බව පෙන්වා දුන්නේ රබර් නිෂ්පාදන සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනකරුවකු මෙන්ම ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාද වන ප්‍රභාෂ් සුබසිංහ මහතාය. ඔහු පැවසූයේ රබර් ආශ්‍රිතව මෙරට තුළ දී සිදු කෙරෙන නිෂ්පාදන වන ටයර්, අත්වැසුම් ආදියේ විශාල ඉල්ලුමක් නිර්මාණය වන බවය.

ටයර් සහ ග්ලවුස් නිසා රබර්වලට සුපර් මිලක්

ලෝකයේ විශාලතම ඝන ටයර් නිෂ්පාදකයා වන්නේ ශ්‍රි ලංකාවය. මෙරට නිෂ්පාදන කටයුතු සිදු කරන ටයර් සමාගම් බොහොමයකම හිමිකාරිත්වය විදේශීය මහා පරිමාණ සමාගම්ය. මෙම ඝන ටයර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල භාවිත වන ටයර් මෙරට නිෂ්පාදනය කරන අතර කොරෝනා අර්බුදයෙන් පසුව ලෝකයේ සෑම රටකම කෘෂි ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති වර්ධනය තුළ මෙම ටයර් ඉල්ලුම වැඩි වනු මිස අඩු වීමක් ගැන පුරෝකථනය  කළ නොහැකිය. පසුගිය ඇඳිරි නීති කාල සීමාව තුළද මෙම රබර් නිෂ්පාදන අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කොට එම කර්මාන්ත ශාලා අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම ටයර් නිෂ්පාදනවලට අමතරව  රබර් අත්වැසුම් ද මෙම ගෝලීය වසංගතයත් සමඟ විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇත. මේ වනවිට අදාළ කර්මාන්ත ශාලා එම ඉල්ලුම සපුරාලනු වස් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඉදිකිරීම් ක්ෂේත්‍රයට රජයයන්වලින් මෙම අර්බුදය හමුවේ ණය සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. එම වැඩිපිළිවෙල අනුව ඉදිකිරීම් කර්මාන්තය යළි සක්‍රිය වීමේ විභවයක් ඇත. ඒ අනුව මෙම ටයර් සඳහා ද ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බවට ප්‍රභාෂ් සුබසිංහ මහතා අනාවැකි පළ කරයි.

ඩොලර් මලු ගේන මාලු

අපනයන මණ්ඩල සභාපතිවරයා ධීවර නිෂ්පාදන අපනයනයේ ද අත්දැකීම් ඇත්තෙකි.වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් අප රටට ගෙන දෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයන ව්‍යාපාරය ද මෙම අර්බුද හමුවේ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමේ ලොකු ඉඩක් සහිත ව්‍යාපාරයක් ලෙස ඔහු දකී. ඔහුට අනුව මේ වනවිටත් මත්ස්‍ය අපනයන සඳහා බොහෝ රටවලින් ඉල්ලුමක් ඇත. විශේෂයෙන් අපේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගන්නා යුරෝපය, ජපානය සහ ඇමෙරිකාව වැනි රටවලට එම නිෂ්පාදන යැවෙන අතර ටූනා මත්ස්‍යයින් ඉස්සන් සහ පොකිරිස්සන් සඳහා විශාල ඉල්ලුමක් ඇත.

“ ශ්‍රි ලංකාවෙන් ගෙන යන මත්ස්‍යයින් නැවුම් මාලු ලෙස සහ අධි ශීත කළ මාලු ලෙස ගෙන යනවා. වැඩි ඉල්ලුමක් තිබෙන්නේ නැවුම් තත්ත්වයේ මාලුවලට මෙම මත්ස්‍ය නිෂ්පාදන ගවන් මඟින් ගෙන යා යුතුයි. ඒවාට හොඳ මිලකුත් හිමිවෙනවා. සාමාන්‍යයෙන් නැවුම් තතත්ත්වයේ ටූනා මාලු කිලෝ එකක් ඩොලර් 15ක් පමණ මිල වෙනවා. එය ඉතා හොඳ මිලක්. මේ වනවිට ලෝකයේ ගුවන් සේවා සීමා වී ඇති නිසා අපට ප්‍රවාහන දුෂ්කරතා තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනය සඳහා සාපෙක්ෂව වැඩි මුදලකුත් ගෙවීමට සිදුව තිබෙනවා. දැනට නගර වසා දැමීම හේතුවෙන් නිර්මාණය වි ඇති බලපෑම නොවන්නට අපට ඉදිරියේදී හොඳ ඉල්ලුමක් යළිත් ඇති වේ යයි දිගු කලීනව බලාපොරොත්තු තැබිය හැකිය.

විශේෂයෙන් අපේ රටින් අපනයනය කෙරුණු අත්‍යවහ්‍ය නොවන නිෂ්පාදන අපනයනය සඳහා පවතින ඉල්ලුම අඩු විය හැකි වුවද විශේෂයෙන් කෘෂි නිෂ්පාදන සඳහා සැලකිය යුතු ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බව අපනයන විශේෂඥයන්ගේ මතයයි. විශේෂයෙන් එළවලු පලතුරු සහ අගය වැඩි කරන ලද සැලසූ ආහාර, පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදියෙහි වර්ධනයක් අපේක්ෂා කළ හැකි වන බව මෙම විශේෂඥයන්ගේ මතයයි.

එසේම සේවා අංශය පිළිබඳව සැලකීමේදී තොරතුරු තාක්ෂණ භාවිතය පෙරදාට වඩා වැඩි භාවිතාවක් පවතින තත්ත්වයක් ඇත. තමන්ට අවශ්‍ය එදිනෙදා භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ සිට සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදී සියලු කටයුතුවලදී බොහෝ විට තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජංගම දුරකථන ඇප් ආදිය යොදා ගැනෙයි. එලෙස වර්ධනය වන එම ක්ෂේත්‍රෙය් මෘදුකාංග සහ සේවා සම්පාදනය නිරීමේදී ශ්‍රි ලංකාව ඉන්දියාව වැනි රටවල් ලොකු දායකත්වයක් ලබා දෙයි. ඒ අනුව අපට මෙම ක්ෂේත්‍රෙය්ද  නව බලාපොරොත්තු දැල්විය හැකිය.

 

 

Share69Tweet43
Previous Post

කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න

Next Post

රට පැටලවූ රුපියල් 5000 කොරෝනා සහනධාරය

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.