බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න

කොවිඩ් 19 කාර්ය සාධක බලකා සාමාජික  කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය වරුණ ගුණතිලක පැහැදිලි කරයි. 

by editor
මැයි 14, 2020 - Updated on මැයි 17, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

මාස දෙකකට ආසන්න කාලයක් පැවැති ‍කොවිඩ් 19 නව කොරෝනා වසංගතයේ උච්ඡතම අවදිය අප මේ වනවිට පසු කර ඇති අතර කොවිඩ් 19 වසංගතයෙන් පසු “නව සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජික කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහා පවසයි. ඔහුට අනුව මේ වනවිට එය ඇත්තේ අපට පාලනය කර ගත හැකි මට්ටමකය.ප්‍රජාව අතර පැතිරීම මුළුමනින්ම පාහේ පාලනය කොට ඇති අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපාන්නේ දැනට හඳුනා ගත් රෝගී පොකුරු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ නිසාය.  අවාසනාවන්ත ලෙස නාවික හමුදා සාමාජිකයන් පිරිසක් මෙම රෝගයට ගොදුරු විම හැරෙන්නට වෙනත් සැක සහිත අය පසුගිය දින කිහිපය කුළ දැකිය හැකි වූයේ නැත. එසේම හඳුනා නොගත් අය අතරින් හදිසියේ  රෝග ආසාදිත බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ද නැත.  එයින් පෙනෙන්නේ අප රට තුළ මෙය පාලනය වී ඇති බවය.

දැන් අපට පියවර ගත යුත්තේ කෙමෙන් යළි අප පශ්චාත් කොවිඩ් කාලයට කෙසේ පිය නැගිය යුතුද යන්නය. මේ වනවිටත් රජය ආරක්ෂාකාරී පියවරක් ලෙස සෙමින් රට විවෘත කරමින් සිටී. ඊළඟට අප එලඹෙමින් සිටින්නේ නව සාමාන්‍ය තත්ත්වයටය. එය හුදෙක් සාමාන්‍ය තත්ත්වයම නොවේ. ලෝකය පුරා පැතිරී ගිය ලෝකයම අන්දමන්ද කළ මේ වෛරස වසංගතයෙන් පසුව උදාවන නව සාමාන්‍ය තත්ත්වයයි. එය කොවිඩ් වසංගතයට පෙර තිබූ සාමාන්‍ය තත්ත්වයම නොවේ. එබැවින් සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ නව සාමාන්‍ය තත්ත්වයක් ලෙසය.

රෝගය යළිත් පැතිරීම වැළැක්විමට නම්.. 

අපට රෝගය අභ්‍යන්තරිකව ව්‍යාප්ත විම මේ පවතින තත්ත්වය තුළ පහසුවෙන් පාලනය කළ හැකිය. එහෙත් යළි මතුවිය හැකිය. මෙම වසංගතය සමාජය තුළ යම් නිද්‍රාගත තත්ත්වයක සිට  යළිත් සක්‍රිය විමේ අවදානමක් ඇත. ඉතිහාසය පුරා ඇතැම් සහතික ආදියට අමතරව කොවිඩ්වලින් ‍ෙරස මේ ආකාරයෙන් හැසිරී ඇත. එබැවින් අප මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතු ව ක්‍රියා කළ යුතුය. මේ වන විට නව කොරෝනා  වෛරසය අභ්‍යන්තරික ව පැතිරීම පාලනය කොට ඇත. එහෙත් යළිත් ගුවන් තොටුපළ, වරාය වැනි රටට ඇතුළු වන ස්ථාන යම් පාලනයකින් යුතුව  පවත්වා ගත යුතුය. රටට වසංගතය එනවා නම් මෙම ස්ථාන එයටද නිසැකවම දොරටුවක් වන්නේය. මේ සඳහා ලෝකයේ සෑම රටක්ම තමන්ට අනන්‍ය වූ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම්වලට අනුව හෝ නව වැඩපිළිවෙළ සකසනු ඇත. ශ්‍රි ලංකාවද රටට ඇතුළු වීම සහ පිටවීම සම්බන්ධයෙන්දැඩි නිති රීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි උත්සුක විය යුතු වේ.  නුදුරු අනාගතයේ ලෝකයේ එක් තොටුපළකින් තවත් තොටුපළකට යාම සහා දැනට අවශ්‍ය කරන පාස්පෝට් , ඇතැම් ‍වෛද්‍ය සහතිකවලට අමතරව  කොවිඩ්වලින් තොර බවට සහතික අවශ්‍ය වනු ඇත. ශ්‍රි ලංකාව වැනි සංචාරක ව්‍යාපාරය මත වැඩි බරක් දරන රටකට සංචාරකයන් සම්බන්ධයෙන් යම් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවේ. ශ්‍රි ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට බොහෝ විට නිහ්කාශනය කිරීමේදී දැනට පවතින ෆෝරම පිරවීමේ ක්‍රමවේදයට වඩා එහා ගියා දැඩි සෝදිසිකාරී සහ පාරදෘෂ්‍ය වැඩපිලිවළක් ආරම්භ කළ යුතු වෙයි.

RelatedPosts

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

වසංගතයේ තවත් රැල්ලක් අපට එයිද? 

ශ්‍රි ලංකාවට මෙලෙස කොවිඩ් 19 දෙවන හෝ තෙවන වසංගත රැල්ලක් එන්න් නම්  ඊට බොහෝ දුරට බලපාන්නේ යම් හෙකින් අපේ රට තුළ නිද්‍රාගත මට්ටමින් පැවැති යළිත් සක්‍රිය විමකින් හෝ විදේශයක සිට පැමිණි පුද්ගලයකු හෝ කාණ්ඩයකින් පැමිණියහොත්ය. එසේම මෙම නව කොරෝනා වෛරසය ආර්.එන්.ඒ වෛරසයක් වන අතර වෛරසවේදීන් සහ ජාන පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇති ආකාරයට එහිද වෛරස ආකාර කිහිපයක් හඳුනාගත හැකිය. අනෙක් කරුණ වන්නේ ආර්. එන්.ඒ වෛරස වේගයෙන් තම ජාන සැකැස්ම වෙනස් කර ගැනීමය. ඇතැම් වෛරස ආසාදිතයාට ඇති කරන බලපෑම දරුණු වන අතර සමහර වෛරස තම ප්‍රචණ්ඩත්වය අඩු කර ගැනීමද සිදුවෙයි.  දැනට ඇමෙරිකාව ශ්‍රි ලංකාවට බලපාන්නේ එකම වෛරස ආකාරය වුවද දෙරටේ එය විසින් ඇති කරන ලද බලපෑම වෙනස්ය. එසේම මෙම වෛරසයේ ජාන සැකැස්ම සහ ප්‍රචණ්ඩත්වය කාලයත් සමඟද වෙනස් විය හැකිය. ඊළඟ වසංගත රැල්ලක් පිලිබඳව කතා කිරීමේදි මේ පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. අප රටක් ලෙස මෙම වසංගතයෙන් පසු නව සාමාන්‍ය ත්ත්තවයට පත්වී‍මේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

දරුවාගෙන් ගෙදරට එන තර්ජනය 

දැනට පවතින වෛද්‍ය විදයාත්මක සාධක අනුව නම් සෙසු වයස් කාණ්ඩවලට සාපෙක්ෂව පාසල් යන වයසේ දරුවන්ට මෙම වෛරසයට එරෙහිව හොඳ ප්‍රතිශක්තියක් ඇත. එසේ  වුවද රෝග ලක්ෂණ නොපෙන්වුවද  මෙම වෛරසය ආසාදනය වීමේ  ඉඩක් ඇත. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් වැඩිම අවධානයක් යොමු කරන ප්‍රශ්නයක් වී ඇත්තේ පාසල් යන දරුවන් නිහඬ වාහකයකු වේද යන්නය. බොහෝ විට පාසල් යන වයදෙරුවන් නිවසේී වැඩි ඇසුරක් ආච්චි සහ සියා සමඟ ඇත. එවැනි සමාජමය පසුබිමක් තුළ වැඩිහිටියන් මෙවැනි රෝගයකින් මුදවා ගැනීමේ අනන්‍ය වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වන්නේය.

වෛද්‍යවරුන් පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු කරුණු 

මෙම වෛරසයේ පරිණාමික ස්වබාවය විවිදා කාරයේ වෙනස් විය හැකිය. කොරෝනා වර්ගයේ වෛරස මඟින් ඇතිවන වෙනත් ඉන්ෆ්ලුවෙන්සා රෝගවලදී බොහෝ විට සිදුවන්නේ ශ්වසන ද්ධතියේ ඉහළ කොටස ආසාදනය වීම වුවත් කොවිඩ් 19 වෛරස ශ්වසන පද්ධතියේ ඉහළ පහළ දෙකොටසටම බලපෑම් ඇති කරයි. එහෙත් මෙම බලපෑම ඇමෙරිකාව හෝ යුරෝපයට සාපෙක්ෂව ආවේ අඩුවෙනි. ඊට හේතු සෙවීම වැදගත්ය.ශ්‍රි ලංකාවේ රෝගීන්ට වෙනත් රටවල ්‍රකාශඉනොවුණු රෝග ලක්සන අත් දැක ඇත. හකුරු සමඟ තේ බොන විට පැණි රස නොදැනීම, උගුරේ කටු අනිනවා වැනි හැඟීමක්  නම්  අයුරින් මේ ැන තවදුරවැනි රෝග ලක්සන අපේ රෝගින්ට පහළ වී ඇත. එවැනි පසුබිමක් තුල මෙය අපේ සංර්බය තුල පර්යේෂකයන්ගේ අවදානය යොමු විය යුතුය.එසේම මෙම රෝග ලක්සණ සමඟ ගත යුතු පියවරමොනවාද යන්න පිළිබඳව අපේ රටේ සාමාන්‍ය වෛද්‍යවරුන්ටවෛ

පසුගියදා ඇමෙරිකාවේ සිදු කළ පර්යේෂණයකින් කියවුණේ කුඩා දරුවන් කිහිප දෙනකුට කොරෝනා සමඟ යම්සබඳතාවක් ඇති රෝග ආසාදනයකට ගොදුරු වී ඇති බවය. ‍ෙ ගිලන්බාරේ සින්ඩ්‍රෝමය නම් ස්නායු රෝගය, කවසාකි රෝගය සහ ඩෙංගගු රෝගය සමඟ යම් සබඳතාවක් දක්වන බව අනාවරණය වි ඇත.ඒ පිළිබඳවද නවප පර්යේෂණ අවශ්‍ය වෙයි.

අපට මෙම වෛරසයට එරෙහිව ස්වාභාවික ප්‍රතිශක්තියක් අත්පත් කර ගත නොහැකිද? 

බොහෝ රෝග වසංගතවලදී සිදුවන්නේ එය එක්තරා උපරිම මට්ටමකට ගොස් පසව කෙමෙන් අඩු වී සමාජයෙන් ඈත් වි යාමය. ඒ සමඟ ජනතාව තුළ ප්‍රතිශක්තියක් ඇති විමය. නමුත් මෙම වෛරසයේදී එසේ වුනේ නැත. යුරෝපයේ ඇතැම් රටවල් සහ ඇමෙරිකාවේ වෛද්‍ය වෘත්තිකයන්ද මුලින්ම බලාපොරොත්තු වූයේ මෙම රෝගය ආසාදනය වූවන් හරහා රෝගයට  එරෙහිව සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තියක් ඇති වේය යන්නය. බොහෝ විට මෙවැනි වෛරස වසංගත රටක හෝ පුජාවක ජනගහණයෙන් සියයට 70කට පමණ ලක් වුවහොත් ඔවුන් තුළ ස්වාභාවික ප්‍රතිශක්තියක් ගොඩ නැගෙයි. එහෙත් අසියාකරයෙන් පිබිදුණු මෙම වෛරසය එවැනි සාම්ප්‍රදායික ලක්ෂණයන්ගන් තොරය. එහි පවතින වේගවත් ව්‍යාප්තිය සහ මරණවලට ගොදුරු විමේ වේගය අනුව සමුහ ප්‍රතිශක්තියක් මිනිස් සිරුර තුළ ඇති වෙන තෙක් බලා සිටීමෙන් විශාල ජිවිත හානියක් සිදුවිය හැකිය.

නමුත් පෙරදිග රටවල් මෙම ක්‍රමයට වඩා වැඩි විශ්වාසයක් ඇති කළේ ශාරීරික සහ සමාජ දුරස්ථබාවය රැක ගැනීම මත පදනම් වූ රෝග මර්දන වැඩපිළිවෙළකි. චිනය, කොරියාව වැනි රටවල් එරට වැසියන්ගේ පෞද්ලිකත්වයේ සීමා පවා ඉක්මවමින් මෙම මර්දන කටයුතු සිදු කළ නිසා ඔවුන්ට රෝගය සමාජය තුළ පැතිරීම පාලනය කර ගත හැකි විය. එබැවින් ස්වාභාවික ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන තුරු සමාජ දුරස්ථභාවය වැනි දැනටට සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති පියවර අනුගමනය කළ යුතුය.

කොවිඩ් ගෙනා නව සාමාන්‍ය ලෝකයේ හැඩරුව

අපට නව සාමාන්‍ය ලෝකයේ වැඩ යළි අරඹන්නට සිදුවන්නේ යළි වසංගතය හිස ඔසවන ඉඩ වළක්වමිනි. මෙහිදී අපට මුව ආවරණ සහ ශාරිරික හා සමාජමය දුරස්ථභාවය අත්‍යවශ්‍යම දෙයක් වනු ඇත. මේ වනට බටහිර රටවල වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ රෙදිවලින් මසන ලද මුව ආවරණ රෝගයෙන් වැලැක්වීමේදී හොඳටම ප්‍රමාණවත් විය හැකි බවය.  එන් 95 හෝ ශල්‍ය මුව ආවරණ (Surgical Masks) සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පරිහරණය සඳහා පැවතිය යුතුය. මෙම අවදියේදී මද්‍යසාර සහිත අත්සේදුම්කාරක වෙනුවට සබන් පමණක් ප්‍රමාණවත් ය. තොරතුරු තාක්ෂණය හරහා බොහෝ වැඩ කටයුත සිදු කිරීම, එමඟින් ගමන් බිමන් වල සිමා ඇතිවීම හොඳ ප්‍රවණතාවකි. අධ්‍යාපන පද්ධතිය රෝහල්වල සේවා බොහෝමයක් තොරතුරු තාක්ෂණය හරහා සිදු කර ගැනීම වැනි සාධනීය පියවර තවදුරටත් වර්ධනය කළ යුතුය.දුම්රියේ බස් රියේ ආසන සංඛ්‍යාවට මඟීන් ගෙන යාම හොඳ ප්‍රවණතාවකි. අප කොවිඩ් උදා කළ මේ නව සාමාන්‍ය තත්ත්යේ සුබවාදී ඵළ දෙස ඒ අයුරින්ද බැලීම මානසික සෞඛ්‍යයටද සුවදායකය.

Tags: කොවිඩ්-19
Share69Tweet43
Previous Post

හදිසියේම මාත්‍රා කෝටි 1400ක් ඕනෑ වෙන අදිසි කොරෝනා එන්නත 

Next Post

ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.