බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

හදිසියේම මාත්‍රා කෝටි 1400ක් ඕනෑ වෙන අදිසි කොරෝනා එන්නත 

by editor
මැයි 14, 2020 - Updated on මැයි 17, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

 

මුළු ලෝකයම බලාසිටින්නේ කොරෝනාවට එරෙහි සාර්ථකම  ඖෂධය සොයාගැනීමේ තරගයේ මුල්ම ජයග්‍රාහකයා එනතුරු ය. මන්ද යත් වරෙක සාර්ථක වෙමින් ද අවසාන කඩුල්ල පැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මුළුමනින්ම අසාර්ථක වෙමින් ද කොරෝනාවට එරෙහි බෙහෙතක් පිළිබඳව ද ඇතිවී නැතිවී යන බලාපොරොත්තුවලට අප මුහුණපා තිබීම හේතුවෙනි.

ලොව රටවල් ගණනාවක් මේ වන විට 200කට අධික එන්නත් හා ඖෂධ අත්හදා බලමින් ඇත. ඉන් පර්යේෂණ කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් අත්හදා බලනුයේ එන්නත් ය. ඔවුන් මේ වනවිට පර්යේෂණාගාර හා සායනික මට්ටමින් එන්නත් 108ක් පමණ අත්හදාබලමින් සිටී.  එහි ඉදිරියට පැමිණි ජය කණුව පෙනෙන ව්‍යාපෘති 10 ක් පමණ මේ දිනවල දැකගත හැකිය. ඉන් සායනික අත්හදාබැලීම සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 8කට පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මානව අත්හදා බැලීම වෙනුවෙන් මෙම පර්යේෂණ ආරම්භ වූයේ මාර්තු 16 වැනිදා සිටය. කෙසේවෙතත් මේ මොහොත වනවිටත් නව කොරෝනා වෛරසය වැළැක්වීම උදෙසා කිසිදු ඖෂධයක් නිශ්චිත ලෙස සොයාගැනීමට හැකිවී නැත.

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහස වන්නේ සාමාන්‍යයෙන් එන්නතක් වැඩිදියුණු කිරීම සහ සාර්ථක ප්‍රතිඵල අත්හදා බැලීම වෙනුවෙන් දශකයක පමණ කාලයක් ගතවන බවයි. නමුත් නව කොරෝනා වසංගතය පැතිරීමට පටන් ගත් පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා කාලය තුළ එනම් මාස කිහිපයක් පුරා එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය තුළ පෙර නොවූ විරූ වේගයකින් පර්යේෂණ, නියාමන, වියදම් සහ පරිත්‍යාග ආදී කරුණු  සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනස්කම් දක්නට ලැබේ.

RelatedPosts

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

මේ සම්බන්ධයෙන් වඩාත්ම සුභවාදී අදහස් දරන විශේෂඥයින් විශ්වාස කරන්නේ මේ වසරේ භාවිතයට ගත හැකි කොරෝනා වෛරස එන්නතක් තිබිය හැකි බවයි. ඒ හැරෙන්නට  බහුතර විශේෂඥයන්ගේ අදහස  වඩාත් අශුභවාදී බව පෙනෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, වෙල්කම් ට්‍රස්ට්, ගේට්ස් පදනම, ඒ ඒ රටවල රජයන් සහ ඔවුන්ගේ නියෝජිත ආයතන සහ විවිධ ඖෂධ කර්මාන්ත ආදිය මෙම එන්නත් තරගය තුළ සාර්ථක ප්‍රතිඵල මෙන්ම ඉක්මන් ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා අපේක්ෂිත කණ්ඩායමේ පෙර ගමන්කරුවෝ මෙන්ම සහාය දක්වන්නෝ ද වී සිටිති.  ලෝකයට අවශ්‍ය විය හැකි එන්නත් ප්‍රමාණය ලෙස දැනට ගණනය කර ඇත්තේ එන්නත් මාත්‍රා බිලියන 14ක්වත් විය හැකි බවයි. මේ බව පවසා තිබුණේ ලොව ප්‍රමුඛ ධනවතා මෙන්ම ව්‍යවසායකයා වූ බිල් ගේට්ස් ය. “අපිට ඉක්මණින්ම සාර්ථක එන්නතක්, බිලියන ගණනක මාත්‍රා සහ එම ඖෂධ ලොව සෑම කොනකටම යැවීමට අවශ්‍යයි” ඔහු පවසා තිබුණේ එසේය. එන්නත මූලික අවස්ථාවේ නිෂ්පාදනය මාත්‍රා බිලියන 7ක් අවශ්‍ය මුත් එය අවස්ථා කිහිපයකට ලබාදෙන එන්නතක් වුවහොත් බිලියන 14ක් අවශ්‍ය බව ඔහු පවසා ඇත්තේ ලෝක ජනගහනයෙන් නව කොරෝනා වසංගතය දැනට ගිලදැමූ ජනගහනය පිළිබද සංඛ්‍යාත්මක ගණනයකිනි.

ඇතැම් විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙම ඖෂධ සොයායාමේ තරඟයේදී,  නොදැනුවත්ව අපට ඔට්ටු ඇල්ලිය හැකි නමුත් පෙර නොවූ විරූ, කඩිනම් ව්‍යාපෘති ප්‍රතිඵල ලෙස එන්නත් බිහිකිරීම මගින්  අවදානම් විශ්ලේෂණය ද එලෙසම ඉක්මනින් ආරම්භ කළ යුත්තක් බවය. එහිදී  එන්නත ඒ ඒ පර්‍යේෂකයන් විසින් විවිධ තලවලදී විවිධාංගීකරණය හෝ එන්නත අපේක්ෂකයින් සියලු දෙනාම එකම අවදානම බෙදා නොගන්නා බවට වග බලාගත යුතු බවයි. යම්හෙයකින් අප හට මධ්‍යස්ථව ප්‍රතිඵලදායක බව පිළිගත් එන්නත් කීපයක් ඇතැයි සිතමු, සෑම එකක්ම වැඩ කිරීමට සියයට 10 ක ඉඩක් ඇත. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් හේතු නිසා අසමත් වීමට ද ඉඩක් ඇත.  අප එන්නත් 20 ක් අත්හදා බැලීම් කළහොත්, අවම වශයෙන් එක් සාර්ථකත්වයක් සඳහා 90% කට ආසන්න අවස්ථාවක් තිබේ. විශිෂ්ට එන්නත් අපේක්ෂකයින් සමූහයක් සමඟ මෙය සන්සන්දනය කර බැලුවොත් සෑම එන්නතක්ම වැඩ කිරීමට 40% ක අවස්ථාවක් ඇති නමුත් සියල්ලන්ම එකම හේතුව නිසා අසමත් වීමට ද ඉඩ ඇත. මෙහිදී අප කොපමණ උත්සාහ කළද අසාර්ථක වීමේ 60% ක අවස්ථාවක් සමඟ අපි හිර වී සිටින බව සිහිපත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

වැදගත් පණිවුඩය නම්, එකම රෝගයක් සඳහා එන්නත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සිටින විට, එනම් වර්තමානයේ අප මුහුණ දී ඇති තත්ත්වය මෙන් එන්නතක් සාර්ථක වී ඇතැයි යනුවෙන් පවසමින් “ජයග්‍රාහකයෙකු” එකතු කිරීමට වඩා වැදගත් වන්නේ ප්‍රතිඵල අතරතුර  සහසම්බන්ධතා තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීම බව ද බහුතර මතය වී තිබේ. කොවිඩ් -19 එරෙහි එන්නත් අත්හදා බලන ඉදිරිපස ධාවකයන් දෙස බැලුවහොත්,විශේෂඥ මතය වී ඇත්තේ තනි ව්‍යාපෘති අඩු ආකර්ශනීය බවක් පෙනුනත් මෙය ගෝලීය වසංගතයක් ලෙස පැතිර ඇති බැවින් විවිධත්වය මෙහිදී අවශ්‍යම බවයි. තවත් ප්‍රධාන කරුණක් වන්නේ එන්නත්වලට ඇති මහජන බියයි. ආරක්ෂිත ගැටළු පිළිබඳ සාවධානව සොයා බැලිය හැකි කාලය අවම වීම හේතුවෙන් නොසිතූ විරූ ආකාරයේ  පසුකාලීන අවදානම්වලට මුහුණදීමේ ඉඩකඩ ද නැතිවාම නොවේ.

පවතින තත්ත්වය මත ඉදිරියේදී සිදුවිය හැකි දේ තුන් ආකාරයකින් වර්ගීකරණය කළ හැකිය. එකක් නම්, ප්‍රජාවන් රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම ය. දෙවැන්න වන්නේ රෝගය පාලනය කිරීම සඳහා ඖෂධයක් සොයාගැනීම ය. තෙවැන්න නම් කෙසේහෝ එන්නතක් ලබාගැනීම ය. නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිපදවීමට අපි මාස 12-18 ක් බලාසිටියහොත් සිදුවන්නේ  වසංගතයේ අනෙක් පැත්තෙන් අපට ඉස්මතු වියහැකි තත්ත්වයට මුහුණ දීමට බලා සිටීම ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයකු වන වෛද්‍ය ඩේවිඩ් නැබාරෝ පෙන්වා දී ඇත්තේ ගෝලීය වශයෙන් පැතිරුණු ඇතැම් වෛරස සඳහා අප අදටත් එන්නත් සොයාගෙන නොමැති බවයි. කිසියම් එන්නතක් අප මේ සඳහා සොයාගත්තද එය සියලු දෙනාටම එකසේ ප්‍රතිඵලදායක වනු ඇති බවට කිසිසේත් පැවසිය නොහැකි බවද හෙතෙම අවධාරණය කර තිබේ. නමුත් එන්නතෙකට වඩා මෙම වෛරසයට එරෙහිව යම් යම් ප්‍රතිකාර පිළිබඳ විශ්වාස තැබිය හැකි බවද ඔහු කියා සිටී. අර්බුදය වී ඇත්තේ ලෝකය, වාර්ෂිකව කොරෝනා  වෛරස පැතිරීම, පොකුරු  මරණ, නගර සීමාකිරීම සහ කලින් කලට ශක්තිමත් වීම සහ අඩපණවීම්වලට මුහුණදෙමින් සිටින බැවින් මෙවැනි ස්ථිර එන්නතක් මෙම වෛරසය වෙනුවෙන්ම සොයාගැනීම අසීරු බවයි. “අප ගනුදෙනු කරන්නේ ජීව විද්‍යාත්මක පද්ධති සමග මිස යාන්ත්‍රික පද්ධති සමග නොවේ. එන්නතක සාර්ථකත්වය රදා පවතින්නේ ශරීරය  එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවයි. එන්නත අපේ ප්ලෑන් ඒ නම්, අපිට ප්ලෑන් බී එකකුත් අවශ්‍යයි. ඒ නිසා ඔබට ලොකු බලාපොරොත්තු තබාගත හැකි නමුත් ඒ වේගයෙන්ම ඒවා කඩා වැටෙනු ඇති බවත් මා ඔබට සිහිපත් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

Tags: කොවිඩ්-19
Share69Tweet43
Previous Post

මුඛය පිරිසිදු කරන්න නොඉදුල් පොල් තෙල් 

Next Post

කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.