ශ්‍රියානි විජේසිංහ –
උපයන විට බද්ද වහාම සංශෝධනය කරන මෙන් ඉල්ලා අද උදෑසන 9.00ට දියත උයන අභියසදී විරෝධතාවයක් අරඹා තිබේ. වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මේ වන විටත් එම විරෝධතාවයේ නිරත් වී සිටියි.
මෙම සාමාකාමී විරෝධතාවයට වෘත්තියවේදී සංගම් 47ක නියෝජිතයින් සහභාගි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ආණ්ඩුව බලාපොරොත්ත් වුන බදු එකතුකිරීමේ සීමාවන් ඉක්මවා ගොස් තිබෙන බවත් මෙය වහාම සංශෝධනය විය යුතු බවත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කළේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
ආණ්ඩුව මේ වසර තුළදී බිලියන 100ක් එකතු කර ගැනීමේ ඉලක්කය වුවද නොවැම්බර් මාසය වන විට රුපියල් බිලිය 120ක් උපයා ගෙන ඇතැයිද මේ වසර අවසන් වන විට රුපියල් 160ක ඉලක්කයකට ගොස් ඇතැයි ද පවසන එම සංගමය මෙම අසාධාරණ බදු එකතුකිරිම මේ රටේ වෘත්තියවේදීන්, විද්වතුන් හා බුද්ධිමතුන්ගේ ගෙල සිර කර ඇති බවක් පැහැදිලිව පෙනෙන්නේ යැයිද වෛද්‍ය චමිල් පවසා සිටියි.







