බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිකුණාමල දිසා අධිකරණයේ නඩු ගොනුවක් සොරකම් කළ කළමනාකරණ සහකාර සහ සහකාරිය රක්ෂිත බන්ධනාගාරයට!

by editor
ජූනි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය සමන් මල්ලවආරච්චි – 

ත්‍රිකුණාමල දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළ නඩු ලිපිගොනුවක් සොරකම් කළ එම දිසා අධිකරණයේ සේවයේ නියුතු කළමනාකරණ සහකාරවරයෙකු සහ එයට ආධාර අනුබල දුන් සහකාර කළමනාකාරවරියක ලබන ජුනි පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්.අන්ෆාර් නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාරගත කෙරුණු සැකකරු සහ සැකකාරිය ත්‍රිකුණාමල දිසා අධිකරණයේ සේවය කරන, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් කාමරයේ තිබූ මෙම නඩු ලිපිගොනුව සැකකරුගේ ඉල්ලීම පරිදි සැකකාරිය විසින් සොරකම් කර සැකකරුට ලබා දී ඇතැයි වරාය පොලිසිය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම නඩු ලිපිගොනුව සොරකම් කිරීම සම්බන්ධයෙන් දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් රායප්පු ජෝමේල් රෝයි කෲස් විසින් ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ කින්නියා හි පිහිටි නිවසේ තිබී සොරකම් කරන ලද නඩු ලිපිගොනුව සොයා ගැනීමට හැකි වී තිබේ. පසුව මේ සඳහා ආධාර අනුබල දුන් සැකකාරිය ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වරාය පොලිසියට භාර දී ඇත.

දිසා අධිකරණයේ සේවයේ නියුතු දෙදෙනකු විසින් මෙම නඩු ලිපිගොනුව සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස ත්‍රිකුණාමලය දිසා විනිසුරු කරුපයියා ජීවරාණි, දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහියංගන – දිඹුලාගල මාර්ගයේදී වෑන් රථයක් වන අලියෙකුගේ ගැටෙයි: කාන්තාවක මියගොස් 16කට තුවාල!

Next Post

යාපනය රෝහලේ වෙසක් අක්ෂි දන්සලක්.. රෝගීන් 312කට පෙනීම: බහුතරය උතුරු මැද සිංහල වැසියන්!

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.