බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් කමිටුවේ විරෝධය පිළිගෙන භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද මුදල් කමිටුව හමුවට !

by editor
අප්‍රේල් 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මුදල් කමිටුව ඉදිරියේ පෙනී සිටීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව  අද (30) මුදල් කමිටු රැස්වීමට ඔහු සහභාගීවනු ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ඔහු මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ  මෙම තත්ත්වය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී සිදුකරන විශේෂ පැහැදිලි කිරීමකින් පසු  මැයි මස 05 දා ට පසු දිනයක් මුදල් කමිටුව ඉදිරියේ පෙනී සිටීමට ලබා දෙන ලෙස පමණක් බව ද එම ආරංචි මාර්ග කියයි.  මුදල් කමිටුව භාණ්ඩාගාර ලේකම්වරයාගේ ඉල්ලීමට එකඟ නොවූ තත්ත්වයක් තුළ ඔහු අද එම කමිටුව ඉදිරියේ පෙනී සිටීමට තීරණය කර ඇත.

ඊයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්  මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා කීවේ  මහා භාණ්ඩාගාර ලේකම්වරයා අද (30) දින මුදල් කමිටුව ඉදිරියට පැමිණීමට නොහැකි බවත් එළඹෙන 05 වැනිදාට පසු   දිනයක් ලබා දෙන ලෙසත් කළ ඉල්ලීම දැඩිව විවේචනයකරමින් ප්‍රකාශ කළේ  ඔහු මේ ආකාරයට පැන යන හේතුව බරපතල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කර ඇති බවය.

ජනමාධ්‍යයට විවෘත නොවූ මෙම කමිටු රැස්වීම මුදල් කමිටුවේ සාමාජිකයින් සහ නිලධාරීන් අතර පමණක් පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් බැවින් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැති බවත් මෙතෙක් සිටි කිසිම මහා භාණ්ඩාගාර ලේකම්වරයෙක් මේ ආකාරයෙන් මුදල් කමිටුව මග හැර නොමැති බවත්ය.

ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් වී සිටින බැවින් වෙන කිසිම ලේකම්වරයෙකුට නැති වගවීමක් පාර්ලිමේන්තුවේම කොටසක් වූ මුදල් කමිටුවේ බලයට ගරු කර  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වත්මන් භාණ්ඩාගාර ලේකම්  හර්ෂණ සූරියප්පේරුමට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මුදල් කමිටුවට ඉදිරියට නොපැමිණීම හරහා නැති ප්‍රශ්නයක් හර්ෂණ සූරියප්පෙරුම භාණ්ඩාගාර ලේකම්වරයා ඇති කර තිබෙන බව හර්ෂ ද සිල්වා පැවසුවේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ආරංචි මාර්ග පවසන්නේ මුදල් කමිටුව මතුකරන විරෝධයට හිස නමා  භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) මුදල් කමිටුව ඉදිරියට පැමිණ අදාල පැහැදිලි කිරීම කිරීමට සූදානම් බවය. මැයි 05 වැනිදා මේ තත්ත්වය සම්බන්ධව නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුටින් සහ ට්‍රම්ප් අතර පැයකට වැඩි දුරකථන සංවාදයක්: ඉරාන සහ යුක්රේන ගැටුම් ගැන දීර්ඝව සාකච්ඡා කරයි

Next Post

  ඉරානයට එරෙහිව දියත් කළ  යුද්ධයේ මිල ඩොලර් බිලියන 25 ඉක්මවන බව පෙන්ටගනය කියයි: මැතිවරණය හමුවේ ට්‍රම්ප් පාලනය දැඩි අර්බුදයක!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.