බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

  ඉරානයට එරෙහිව දියත් කළ  යුද්ධයේ මිල ඩොලර් බිලියන 25 ඉක්මවන බව පෙන්ටගනය කියයි: මැතිවරණය හමුවේ ට්‍රම්ප් පාලනය දැඩි අර්බුදයක!

by editor
අප්‍රේල් 30, 2026
in සමාජ
HORMUZ

ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ග්‍රැෆික් නිර්මාණයක් සහිත දැන්වීම් පුවරුවක්

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල – 

ඉරානය සමඟ පවතින යුද ගැටුම් සඳහා මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 25ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බදාදා (29)  ප්‍රකාශ කළේය. ගැටුම ආරම්භ වූ දා සිට මේ දක්වා යුද කටයුතු වෙනුවෙන් වැය වූ මුදල සම්බන්ධයෙන් එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

එළඹෙන අතුරු මැතිවරණයට තවත් මාස හයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී මෙම වාර්තාව නිකුත් වීම විශේෂත්වයකි. එහිදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය රැකගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනුමාන කෙරෙන බව “රොයිටර්” වාර්තා කරයි.

මේ අතර, ජනමත සමීක්ෂණවලින් ඉදිරියෙන් සිටින ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති මෙම ඉරාන යුද්ධය සහ රටේ පවතින ආර්ථික දුෂ්කරතා අතර සෘජු සම්බන්ධයක් පවතින බව පෙන්වා දෙමින් ජනතා අවධානය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටිති.

  • වැඩිම පිරිවැය පතොරොම්  සහ යුද උපකරණ වලට…

පෙන්ටගනයේ පාලක (Comptroller) ධුරයේ රාජකාරි ආවරණය කරන ජූල්ස් හර්ස්ට් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ, අදාළ මුදලින් වැඩි ප්‍රමාණයක් පතොරම් සහ යුද උපකරණ වෙනුවෙන් වැය කර ඇති බවය. කෙසේ වෙතත්, මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ කුමන නිර්ණායක පදනම් කරගෙනද යන්න හෝ ගැටුම් හේතුවෙන් මැද පෙරදිග කලාපයේ හානියට පත් හමුදා කඳවුරු සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා වැය වන ඇස්තමේන්තුගත මුදල් මෙයට ඇතුළත් ද යන්න පිළිබඳව හර්ස්ට් කරුණු පැහැදිලි කළේ නැත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් නියෝජිත ඇඩම් ස්මිත්, හර්ස්ට්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය:

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඔබ මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම ගැන මම සතුටු වෙනවා. මොකද අපි සෑහෙන කාලයක ඉඳන් මේ ගැන විමසීම් කළත්, කිසිවෙක් මේ දක්වා නිශ්චිත ඉලක්කම් අපට ලබා දුන්නේ නැහැ.”

මෙම ඩොලර් බිලියන 25ක වියදම, නාසා (NASA) ආයතනයේ මෙවර සමස්ත වාර්ෂික අයවැයට සමාන අගයකි. කෙසේ වෙතත්, පෙන්ටගනය මෙම බිලියන 25ක අගය ගණනය කළ ආකාරය පිළිබඳව තවමත් පවතින්නේ අවිශ්වාසයකි. මීට හේතුව වන්නේ, යුද්ධය ආරම්භ වී පළමු දින හය තුළ පමණක් අවම වශයෙන් ඩොලර් බිලියන 11.3ක මුදලක් වැය වූ බවට ට්‍රම්ප් පරිපාලනය ඇස්තමේන්තු කර ඇති බව පසුගිය මාසයේදී රොයිටර් පුවත් සේවය වෙත වාර්තා වී තිබීමයි.

iran-emerica-war
ටෙහෙරානයේ සුන් බුන් අතරින්…
  • “ඔබ ගෙවීමට සූදානම් මිල කොපමණද?” හෙග්සෙත් අසයි

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටියේ ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර නොගන්නා බවට සහතික වීම අමෙරිකාවේ අරමුණ වන බැවින් මෙම වියදම සාධාරණීකරණය කළ හැකි බවයි.

“ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම වැළැක්වීම වෙනුවෙන් ඔබ ගෙවීමට සූදානම් මිල කොපමණද? ඔබ කොපමණ මුදලක් ගෙවනවාද?” යනුවෙන් හෙග්සෙත් එහිදී ප්‍රශ්න කළේය.

මෙහිදී හෙග්සෙත් ඉරාන යුද්ධය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අතර, මෙම තත්ත්වය මඩගොහොරුවක් (Quagmire) නොවන බව පවසමින් විරුද්ධ පක්ෂයට දැඩි වාචික ප්‍රහාරයක් එල්ල කළේය. මෙම යුද්ධය විවේචනය කරන  කොන්ග්‍රස් මණ්ඩලයේ සිටින ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්  “නොසැලකිලිමත්, දුර්වල සහ පරාජිතවාදීන්” ලෙසද ඔහු දැඩි ලෙස විවේචනය කළේය.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සිය ගුවන් ප්‍රහාර ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදාය. මේ වන විට දෙපාර්ශවය අතර බිඳෙනසුලු සටන් විරාමයක් පවතින නමුත්, පෙන්ටගනය විසින් දස දහස් ගණනක අතිරේක හමුදා භට පිරිසක් මැද පෙරදිග කලාපයට යොමු කර ඇත. මීට අමතරව අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා (Aircraft Carriers) තුනක් ද එම කලාපයේ රැඳවීමට පියවර ගෙන තිබේ. මෙම ගැටුම්වලදී මේ වන විට අමෙරිකානු හමුදා භටයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇත.

  • මැතිවරණ බලපෑම සහ ආර්ථිකය

අමෙරිකානු ඡන්දදායකයින්ට මිල ඉහළ යාමේ ගැටලුව තරම් තදින් දැනෙන වෙනත් කිසිදු කරුණක් නොමැති තරම්ය. මෑතකදී ඇති වූ උද්ධමනකාරී තත්ත්වය රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තර සාමාජිකයින්ගේ ද කනස්සල්ලට හේතු වී තිබේ. එළඹෙන නොවැම්බර් මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සමහර විට සෙනෙට් මණ්ඩලයේ ද පාලනය තීරණය වන බැවින්, පක්ෂයේ ජයග්‍රාහී බලාපොරොත්තු පිළිබඳව ඔවුන් පසුවන්නේ අවිනිශ්චිත තාවයකිනි.

යුද්ධය ආරම්භ වූ දා සිට තෙල් සහ ස්වභාවික වායූ ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් අමෙරිකාවේ ගැසොලින් මිල මෙන්ම පොහොර වැනි කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA) දත්තවලට අනුව, අඟහරුවාදා වන විට එරට සාමාන්‍ය ගැසොලින් මිල පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයට ළඟා වී තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළ තැන් සිට ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය ද ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. රොයිටර්/ඉප්සොස් (Reuters/Ipsos) ආයතනය මගින් සිදු කරන ලද මෑතකාලීන ජනමත සමීක්ෂණයකට අනුව, ඉරානය සමඟ පවතින මෙම ගැටුම අනුමත කරන්නේ අමෙරිකානුවන්ගෙන් 34%ක් පමණි. මෙය මාර්තු මැද භාගයේදී 38%ක් ලෙසත්, අප්‍රේල් මැද භාගයේදී 36%ක් ලෙසත් පැවති අතර, ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ලෝක ආර්ථිකයට සිදුවන හානිය.

  • බොරතෙල් මිල

ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම සම්බන්ධ කිසිසේත්ම සුළුපටු නැත. විශේෂයෙන්ම ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

අද වන විට ප්‍රධාන ගෝලීය මිණුම්දණ්ඩක් ලෙස සැලකෙන ‘බ්‍රෙන්ට්’ (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 ක සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ වනවට එහි තාවකාලික ඉහළ අගය ඩොලර් 122කි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලක මිල මේ වනවිට සිදුවන ලෝකයේ ප්‍රධාන මිලදී ගැනීම් අතර  ඩොලර් 125 දක්වා ද උච්ඡාවනය  වෙමින් ඇත.

මැද පෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් ව්‍යාප්ත වුවහොත් සැපයුම් ජාලයන් සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් මෙලෙස තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, මෙය යුද්ධයට පෙර පැවති මිල ගණන් වලට වඩා දෙගුණයකට ආසන්න අගයකි.

  • ගෝලීය ආර්ථිකයේ අවනතිය

අමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය කේන්ද්‍ර කරගනිමින් 2026 වසරේ වර්ධනය වූ යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට සිදුව ඇති සමස්ත හානිය මෙතෙක් නිශ්චිත තනි අගයකින් ප්‍රකාශ කිරීමට අපහසු වී ඇත්තේ එය තවමත් ක්‍රියාත්මක වන යුද්ධයක් බැවිනි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) වැනි ආයතන සත්‍යාපනය කරන ලද දත්තවලට අනුව, ලෝක ආර්ථිකයේ මර්මස්ථාන රැසක් මේ වන විටත් බරපතල කඩා වැටීමකට ලක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාවලට අනුව, යුද්ධයට පෙර 3.4%ක් ලෙස අපේක්ෂා කළ ගෝලීය ආර්ථික වර්ධන වේගය මේ වන විට 3.1% දක්වා පහත වැටී ඇත. තෙල් සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා තවදුරටත් දිගු වුවහොත්, මෙම අගය 2% දක්වා හෝ ඊටත් වඩා පහත වැටිය හැකි බවට අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක් යනු ලෝක ආර්ථිකය මන්දගාමීත්වයකට (Recession) හෝ දැඩි ආර්ථික විෂාදයකට සමාන තත්ත්වයකට තල්ලු වීමකි. මෙම පසුබෑම හේතුවෙන් ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත ජනතාවකගේ පෞද්ගලික ආදායම් මාර්ගවලට සෘජු බලපෑම් එල්ල වී ඇත.

කලාපීය වශයෙන් බලන කල, අරාබි රටවලට සිදුව ඇති දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 120ත් 194ත් අතර අගයක් ගනී. මෙය එම කලාපය පසුගිය වසර පුරා අත්පත් කරගත් සියලු ආර්ථික වර්ධනයන් මුළුමනින්ම අහිමි වී යාමකි. ආසියා-පැසිෆික් කලාපයට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඩොලර් බිලියන 97ත් 299ත් අතර පාඩුවක් සමඟ එම කලාපයේ මිලියන 8.8ක ජනතාවක් අලුතින් දරිද්‍රතාවයට ගොදුරු වීමේ අවදානමක් මතුව ඇත.

  • හෝමුස් වසා දැමීමෙන් වන හානිය

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විධායක නිලධාරීන් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන ප්‍රවාහන බාධා හේතුවෙන් බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 600ත් 700ත් අතර ප්‍රමාණයකින් (සමහර විට එය බිලියනයක් දක්වා) අඩාල වී ඇති බවය. ගල්ෆ් (GCC) කලාපයේ රටවලට පමණක් දිනකට ඩොලර් මිලියන 700ක පමණ තෙල් ආදායමක් අහිමි වෙමින් පවතී.

මෙම බලශක්ති අර්බුදය ලෝක වෙළඳපොළේ ආහාර මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට සෘජුවම දායක වී ඇති අතර, ගෝලීය වශයෙන් උද්ධමනය යළිත් පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ තිබේ. නාවික සහ වාණිජ කටයුතු අඩාල වීමෙන් ලෝක සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම හමුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා දැඩි අරගලයක නිරත වන තත්ත්වයක් 2026 අප්‍රේල් අග වන විට නිර්මාණය වී ඇත.

. විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි වැදගත් වෙළඳ මාර්ග හරහා සිදුවන තෙල් හා ගෑස් සැපයුමට බාධා එල්ල වීම හේතුවෙන් බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර, ප්‍රවාහන සහ කාර්මික භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් දිළිඳු රටවල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

කොවිඩ් වසංගතයෙන් පසු ලෝක ආර්ථිකය ලබා තිබූ ප්‍රගතිය මෙම යුද්ධය නිසා අඩාල වී ඇති අතර, ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා බැංකු පොලී අනුපාත ඉහළ නැංවීමට සිදුව ඇත.  ඒ තත්ත්වය තුළ  නිවාස, වාහන සහ ව්‍යාපාරික ණය පිරිවැය ද ඉහළ ගොස් ඇත.

මීට අමතරව රතු මුහුදේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් නාවික ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ලෝක වෙළඳාමට දැඩි බාධාවක් වී ඇත. සංචාරක කර්මාන්තය බිඳ වැටීම, කර්මාන්තශාලා නිෂ්පාදන ප්‍රමාද වීම සහ ආයෝජන අවිනිශ්චිත වීම හේතුවෙන් ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය ගිලිහී යමින් පවතී.

කෙටියෙන් පවසතොත් උමතු මහල්ලන්  දෙදෙනෙකුගේ බල උමතුව මානව ශිෂ්ඨාචාරයක්  එක්ව අත්පත් කරගැනීමට තිබූ  ආර්ථික සෞභාග්‍යය සහ ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම විනාශ කර  ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් කමිටුවේ විරෝධය පිළිගෙන භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද මුදල් කමිටුව හමුවට !

Next Post

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුව: ඤාණසාර හිමියන්ට මහාධිකරණයෙන් අධිචෝදනා!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.