මේ සතියේ දී කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් තීරණ අද කැබිනට් මාධය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් ඉදිිරිපත් කරනු ලැබුවේය. එම තීරණ මෙසේය.
01.පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව වක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම
2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් හා පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රම වේදය විධිමත් කරමින් පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස 2025- 09-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2025-09-09 දිනැතිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 27/2025 නිකුත් කරනු ලැබ තිබේ. එම වක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බැවින්, එකී ගැටලු වලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
02.ශ්‍රී ලංකා දේශගුණික සහ සොඛා දහම – ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල පිහිටු වීම
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2025-2030 කාල වකවානුව සඳහා ශ්‍රී ලංකා දේශගුණික මූල්‍ය උපාය මාර්ගය 2025-10-24 දින එළිදක්වා තිබේ. ‘දිට්වා ‘ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනකාරී බලපෑමෙන් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් ඒකරාශි කරමින් එම ප්‍රදේශ වල සිදු වන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම පිණිස නෛතිකව බලගැන්වු අධිකාරියක් සහිතව නව ඒකාබද්ධ රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එමෙන්ම, දේශගුණික බලපෑම් අවම කිරීමේ, අනුවර්තනය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ක්‍රියාකාරකම් ඇතුළත් වන ආයෝජන සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් අරමුදල් රැස් කිරීමට හැකි වන පරිදි ජාතික දේශගුණික සහ සොබා දහම – ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල (Climate and Nature Positive Investment Fund-CANOPI Fund) නමින් අරමුදලක් ද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ විධිවිධාන අනුව යෝජික අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කරනු ලබන ව්‍යවස්ථාපිත අරමුදලක් විය යුතුය. ඒ අනුව, මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිතඅධිකාරිය සහ ජාතික දේශගුණික සහ සොබා දහම් ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගුරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම
මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන ලෝහ අවශ්‍යතාවයෙන් කොටසක් දේශීයව ලබා ගන්නා අබලි ලෝහ මඟින් සහ ඉතිරිය ආනයනය කරනු ලබන ලෝහ කුට්ටි මඟින් සපයා ගනු ලබයි. දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම පිණිස 2020-11-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් තීරණයක් පරිදි යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ විනවවට වී යන ලෝහවල අඛලී ලෝහ මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය අත්හිටවනු ලැබ තිබේ. එසේ වුවද, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ සංයෝජිත වර්ගී කරණ සංඛ්‍යාංක (HS Code) යටතේ වෙනස් ආකාරයෙන් අර්ථ කථනය කරමින් ලෝහ ආශ්‍රිත ව්‍යාජ නිෂ්පාදන සහ අඛලි ලෝහා අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා දේශීයව සපයාගත හැකි ලෝහ ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගේ හිඟයක් නිර්මාණය වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, දේශීය කර්මාන්ත සඳහා අගතියක් සිදු වන අයුරින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
- ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම්
2025 අයවැය යෝජනාවක් අනුව, ‘ආයතනගතව සිට සමාජගත වන අඩු ආදායම්ලාහී යුවල් සඳහා නිවාස පහසුකම් සපයා ගැනීමට මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහයා’ ක්‍රියාත්මක කිරීම සඳහා 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 2026 අයවැය යෝජනා මඟින් එකී වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් තම ජීවිතයේ ඕනෑම අවධියකට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ජීවත් වී සමාජගත වූවන්ට සහ අවදානමට ලක් වී ඇති දරුවන්ගේ පවුල්වලට ඉඩමක් මිල දී ගැනීමට, ඉඩමක් මිල දී ගෙන නිවසක් ඉදි කිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදි කිරීමට, නිවසක් මිල දී ගැනීමට හෝ පවතින නිවාසයක් ප්‍රතිසංස්කරණය කිරීමට එක් ප්‍රතිලාභියෙකුට රුපියල් මිලියන 02ක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා රුපියල් මිලිය්‍යා 2,000ක් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති නිර්ණායක සහ අදාළ මූල්‍යාධාර ලබා දීමේ ක්‍රම වේදය මත පදනම්ව පහත දැක්වෙන ප්‍රතිලාභි කණ්ඩායම් වෙත එකී මූල්‍යාධාරය ලබා දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය තුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත හෝ ඊට පෙර ආයතනික රැකවරණයෙන් ඉවත් වූ, පදිංචිය සඳහා ස්ථාවර, ආරක්ෂිතනිවසක් නොමැති සහ වයස අවුරුදු 45ට අඩු පුද්ගලයින්.
- නිසි පවුල් පසුබිමක් හෝ ස්ථිර ජීවනෝපාය මාර්ගයක් නොමැතිකම නිසා ජීවත් වීමට සුදුසු නිවසක් නොමැති වීමෙන් හෝ දැනට පදිංචි නිවස ජීවත් වීමට ප්‍රමාණවත් අයුරින් ආරක්ෂිතනොවීම නිසා අනාරක්ෂිත තත්ත්වයට හා අවදානමට ලක් වූ දරුවන් සිටින පවුල්.
- ආයතන රැකවරණයේ සිටින වයස අවුරුදු 16 – 18ත් අතර ළමයින් සහ සමාජගත වීමට නොහැකිව වයස අවුරුදු 18 ඉක්මවු ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල තවදුරටත් රැඳී සිටින තරුණ තරුණියන්.
05.ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමයින් සහ අවදානමට ලක්ව ඇති ළමයින් ‘අර්ථ ‘ වැඩසටහනට ඇතුළත් කිරීම
ආයතනික රැකවරණ හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5,000/-ක මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීම අරමුණු කර ගනිමින් ‘ අර්ථ’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ‘ අර්ථ ‘ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් දැනට ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින ළමයින්ට අමතරව, පහත සඳහන් කණ්ඩායම් වලට අයත් වන ළමයින්ද එම වැඩසටහනෙහි ප්‍රතිලාභීන් ලෙස ඇතුළත් කරමින් අර්ථ ‘ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
- ‘දිට්වා ‘ සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් මව සහ පියා යන දෙදෙනාම අහිමි වූ හෝ මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අහිමි වූ ළමයින්.
- ආර්ථීකමය හා සමාජීය දරිද්‍රතාවය, බිඳුණු පවුල් සහ වෙනත් සමාජමය හේතූන් මත ජීවත් වීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් නොමැති වීම මත අනාරක්ෂිත තත්ත්වයට හා අවදානමට ලක්ව ඇති බවට පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ළමයින්.
06.රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක විසා නිකුක් කිරීම
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 06 ක කාල සීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-07-21 දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගාමික හා විගාමික පනතේ විධිවිධාන අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- රාජ්‍ය වෙසක් මහෝත්සවය – 2026 ( ශ්‍රී බුද්ධ වර්ෂ 2570)
අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි 2026 වර්ෂයේ ( ශ්‍රී බුද්ධ වර්ෂ 2570) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ සාශන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීම සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත. මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘ අභිත්ථරෙථ කල්‍යාණෙ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව, මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලව පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමටත්, 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාලසීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධාන කර රට පුරා ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා, සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- යෝජිත මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
පුනර්ජනනීය සම්පත් මඟින් උත්පාදනය වන අතිරික්ත බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාලක පරිමාණ බලශක්ති ගබඩා විසඳුමක් ලෙස මහ ඔය පොම්ප කළ ජල ගබඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. ඉල්ලුම අඩු කාල සීමා වලදී බල ශක්තිය ගබඩා කර තබා ගැනීමටත්, ඉල්ලුම ඉහළ කාල සීමා වලදී එලෙස ගබඩා කර ගත් බල ශක්තිය විදුලි පද්ධතිය වෙත සැපයීමටත් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂා කෙරේ. මුළු පිරිවැය ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 243,09 ක් වන මෙම ව්‍යාපෘතිය, සංවර්ධන දියර සහ ඉදිකිරීමේ අදියර වශයෙන් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, බල ශක්ති ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනා කරණ පනතේ විධිවිධාන වලට අනුගතව අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ‘ ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව’ ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ යටතේ ජාතික ප්‍රතිපත්ති රාමුවට සහ සවි බල ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන දැක්මට අනුකූලව රාජ්‍ය අංශය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි මෙවලම් ද ඇතුළත් ඩිජිටල් සන්නිවේදන හා සහයෝගිතා වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, සියලුම රජයේ සේවකයින් සඳහා සන්නිවේදනය සහ සහයෝගීතාවය සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 626 ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ ‘ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
10.කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ දූෂණය අවම කිරීම සහ සමස්ත ගංගා ජලයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි කැලණි ගංගා ද්‍රෝණිය සඳහා සවිස්තරාත්මක ජලාධාර සැලැස්මක් සකස් කිරීම පිණිස උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා 2025-06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී උපදේශන සේවාවේ ප්‍රසම්පාදනය කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. ඒ සඳහා ඉදිරිපත්ව ඇති අභිලාෂ ප්‍රකාශ කිරීම 07ක් අතරින් කෙටි ලැයිස්තු ගත කරනු ලැබූ ආයතන 04ක් වෙත යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කර ඇත. ඒ අනුව, ලැබී ඇති යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සීමාසහිත Resources Development Consultants (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 206.65 ක මුදලකට (බදු සහිත) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාක්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
11.උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වගා ඉඩම් අහිමි වුවන් වෙත වන්දි මුදල් ලබා දීම
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් වගා ඉඩම් අහිමි වූ හාලි ඇළ, වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි පවුල් 276 ක් සඳහා උමා ඔය පහළ නිම්නයෙන් කෘෂිකාර්මික ඉඩම් ලබා දීමට 2012-06-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එලෙස හදුනාගෙන තිබූ ඉඩම් වැඩි ප්‍රමාණයක් අනවසරකරුවන් විසින් අල්ලා ගැනීම, දැඩි වන ගහණය, වන අලි තර්ජනය, මුල් පදිංචි ප්‍රදේශ වලින් දුරස්ථව පිහිටීම සහ වෙනත් පරිසර හා සමාජ විෂමතාවන්ට හැඩ ගැසීමේ දුෂ්කරතා පැවතීම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වී නොමැත. එබැවින්, උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව, එකී ගොවි පවුල් 276 සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ 12 බැගින් වූ තක්සේරුගක වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, ඉඩම් සහ වාරි මාර්ග ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
12.ගං වතුර අවම කිරීම පිණිස කළුගඟ ද්‍රෝණියේ වියළි වෙලි (Dry Dams) තුනක් ඉදිකිරීම පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
වර්ග කිලෝ මීටර 2,839 ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විත කළුගඟ ද්‍රෝණිය නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වයන් සහ ගංවතුර ආශ්‍රිතව සිදුවන හානි හේතුවෙන් මෙරට ගංවතුරට ගොදුරු වීමේ වැඩීම අවදානම සහිත ගංගා ද්‍රෝණිය ලෙස සැලකේ. එබැවින්, කළු ගඟ ද්‍රෝණියේ පදිංචිකරුවන් සහ යටිතල පහසුකම් ගංවතුර හානි වලින් ආරක්ෂා කිරීම සඳහා උපායමාර්ග හඳුනා ගැනීම පිණිස පුර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබ ඇත. එකී ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව, ද්‍රෝණිය තුළ සිදු කළ හැකි ගංවතුර ආරක්ෂණ ක්‍රියා මාර්ග පිළිබඳව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අතරින් මල්වල, දෑල II සහ දෑල III යන ස්ථානවල ගං වතුර රඳවා ගැනීමේ වියළි වේලි තුනක් ඉදිකිරීම් සඳහා වන නිර්දේශය සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ යෝග්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එකී වියළි වේලි තුන ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට සැලසුම් කර ඇත. එකී ශක්‍යතා අධ්‍යයනයේ උපදේශන සේවා කොන්ත්‍රාන්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- කොළඹ – ගාල්ල – හම්බන්තොට – වැල්ලවාය මාර්ගය (A 002) වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය
කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ (A 002) කළුතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර 9.91 ක් වූ මාර්ග කොටස් 04 ක් වැඩි දියුණු කිරීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s NEM Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 1,228.25 ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාන්‍යතුමා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින සම්බා සහ කිරි සම්බා සහල් සිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීම
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල් වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයත්නය සහ ජාතික පසු අස්වනු කළමනා කරණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත්කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙන්වා දී ඇති. ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කිරි සම්බාවලට වෙළෙඳ පොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ග වලට සමාන සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව තිබේ. ඒ අනුව, සම්බා සහ කිරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශක සේ සලකනු ලබන හා සංයෝජිත වර්ගී කරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කිරි / පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවකු විසින් 2026-04-01 දින සිට 2026-04-30 දින දක්වා කාලසීමාව තුළ ආනයනය කිරීමටත්, එම සහල් තොග 2026-05-31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත්, එකී සහල් වර්ග ආනයනය කරන ආනයන කරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතකා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
15.මෙගාවොට 10/මොගාවොට් පැය 40 තනි බැටරි බල ශක්ති ගබඩා පද්ධති 25 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
මෑත කාලය තුළ පුනර්ජනනීය බල ශක්තියේ ධාරිකාව, විශේෂයෙන් සූර්ය බල ශක්ති ස්ථාපනය කිරීම් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට පැවතෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එකී තත්ත්වය යටතේ ජනනය වන සූර්ය බල ශක්ති ධාරිතාව, 2023 – 2042 දිගු කාලීන විදුලි ජනන සැලසුම් රාමුව තුළ වූ සූර්ය බල ශක්ති ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතා ද අභිබවා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, පුනර්ජනනීය බල ශක්ති ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම පිණිස පසු භාවිතය සඳහා බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන පරිදි මෙගාවොට 10/ මෙගාවොට් පැය 40 තනි බැටරි බල ශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, වසර 15ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත එකී බැටරි බල ශක්ති ගබඩා පද්ධති 25 ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- මොගාවොට 50 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ඉදිකිරීම
මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවෙහි වේගවත් වර්ධනයක් සිදු වී තිඛ්‍යා බව නිරීක්ෂණය කරනු ලැබ ඇති නමුත්, අනුමක දිගු කාලීන විදුලි ජනන සැලැස්ම තුළින් අපේක්ෂා කළ ආකාරයට වඩා ආසන්න වශයෙන් වසර 02 කට පෙරාතුවදීම රාත්‍රී කාලයේ ඇති වන උපරිම ඉල්ලුමෙහි වර්ධනයක් සිදු වෙමින් ඇති බව වත්මන් පද්ධති නිරීක්ෂණ මඟින් හඳුනා ගනු ලැබ තිබේ. විදුලි බල පද්ධතියේ නම්‍යශීලී භාවය වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම සඳහා දිගුකාලීන විදුලි ජන්න සැලැස්ම යටතේ 2031-2032 කාලසීමාව තුළ මූලිකව සැලසුම් කර තිබූ මෙගා වොට් 300ක බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව ක්‍රියාත්මක කිරීම 2028-2029 කාලසීමාව තුළදී සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එලෙස අනුමත මෙගාවොට් 300 බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවෙන්, මෙගාවොට් 250 ක් ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම වෝල්ටීයතා බෙදාහැරීගම් ජාලයට සෘජුවම සම්බන්ධිතමෙගාවොට් 10/ මෙගාවොට පැය 40 තනි බැටරි බල ශක්ති ගබඩා පද්ධති ස්ථාපිතකිරීමේ ව්‍යාපෘති 25 ක් හරහා ප්‍රසම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඉකිරි මෙගාවොට් 50 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව, තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් හරහා දැනට ක්‍රියාත්මක භුමිය මත ඉදිකරනු ලැබ ඇති සූර්ය විදුලිබලාගාර සමඟ බැටරි බල ශක්ති ගබඩා පද්ධති සම්බන්ධ කරනු ලැබීම හරහා ප්‍රසම්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ පුනර්ජනනීය බලශක්ති සම්පාදන සහ කාර්යය අධීක්ෂණ අංශය හරහා යෝජිතමෙගා වොට් 50 බැටරි බල ශක්ති ගබඩා පද්ධති ධාරිතාව සපයා ගැනීම සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- නිවාස ඒකක 120කින් සමන්විත දෙල්කඳ සුබෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
නිවාස, ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කොටස් ප්‍රාග්ධනයෙන් ස්ථාපිත කරනු ලැබ ඇති ඕෂන් විව් ඩිවලොප්මන්ට කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට අයත් පර්වර්ට්ස් 100කින් යුත් දෙල්කඳ පිහිටි ඉඩම් කොටසක සුඛෝපභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2022-01-31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම කාලවකවානුවේ රට තුළ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොමැත. යෝජිත නිවාස ව්‍යාපෘතිය නිවාස 70 සිට නිවාස 120ක් දක්වා වැඩි කර, ක්‍රියාත්මක කිරීම පිණිස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සමාගමේ අභ්‍යන්තර අරමුදල්, නිවාස ඒකක පෙර විකිණීම් මඟින් සහ බැංකු ණය මුදලක් මඟින් සලසා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, කරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත් සමාගමක් තෝරා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ – අදියර 11හි බෙදා හැරීමේ ප්‍රධාන නළ එලීම සහ සේවා සම්බන්ධතා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස් දිගිලිය, රඹෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 164 ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධතියක් ඉදිකිරීම මඟින් ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ ජල සම්පාදන ආවරණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය-II අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේදී ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත් කරුවෙකු තෝරා ගෙන තිබුණ ද, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් අරමුදල් නිදහස් කිරීම අත්හිටු වීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව පිරිනැමීමට හැකිවී නොමැත. මේ වන විට අදාළ ණය මුදල නැවත සක්‍රිය කර ඇති අතර, මිල මට්ටම්වල වෙනස් කම්වලට ගැලපෙන පරිදි මිල ඉහළ නැංවීමේ වගන්ති අදාළ කර ගනිමින් තෝරා ගත් කොන්ත්‍රාත්කරු වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Ccylex Engineering (Pvt) Ltd. esto Jayanthi Super Construction (Pvt) Ltd. ඒකාබද්ධ ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 763.75 කට සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.44ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය කුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන (Chartered Institute of Media Professionals of Sri Lanka) පනත් කෙටුම්පත
වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් විද්වත් මාධ්‍ය වෘත්තීය වේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2025 -04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කානය ලැබී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැඩි වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සහ පුර වැසියන් එවැනි ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා දැනට ක්‍රියාත්මක නිශ්චිත නීතිවල අඩුපාඩු පවතින බව සහ පවතින සාමාන්‍ය නීති ප්‍රමාණවත් නොවන බව හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පදනම් කර ගැනීමට හැකි වන පරිදි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පතමත පදනම්ව, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනතකෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය තුමා; සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරනු ලැබූ ඒකාබද්ධ යෝජනාට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
21.2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ සාදනු ලබන නියෝග
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට බලය ලබා දෙන ලද කාරණා පිළිබඳව අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව විමසා නියෝග සාදනු ලැබිය හැකි බව එම පනතේ 156 (1) වගන්තියේ සඳහන් කර තිබේ. එමෙන්ම, එම පනතේ 82 (1) වගන්තියට අනුව එම කොටස අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ. දූෂණ විරෝධී පනත මඟින් නියම කරනු ලැබ ඇති පරිදි වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කිරීමට හැකි වන අයුරින් විධි විධාන ඇතුළත් කර ‘2026 දුෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කරනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ) නියෝග’ සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාත්‍යන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවකට ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංගය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැනටමත් හඳුන්වා දී ඇති බහුවිධ ප්‍රවාහනය, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය, ප්‍රාදේශීය සහ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනාකරණය, ප්‍රවාහන සුරක්ෂිතකාව වැනි සංකල්ප සහ කළමනා කරණ ක්‍රමවේද සඳහා අදාළ නව දැනුම ලබා ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් හැකි වන බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යකුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
23.2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පන්ති සංශෝධනය කිරීම
2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත මගින් විදුලි සංදේශ බදු පැනවීම සදහා විධිවිධාන සලසා ඇත. 2026 අයවැය මගින් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කලට සිදුකරන ලද වෙනස්කම් ඇතුළත් කරමින් එම පනත සඳහා සංශෝධන හදුන්වා දීමට යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, දැනට පවතින විදුලි සංදේශ බදු අනුප්‍රමාණයන් සහ 2014 වසරේ සිට අදාළ වූ සියලුම බදු අනුප්‍රමාණයන් පිළිබිඹු වීම, අය නොකළ ආදායම් (බොල් ණය) මත බදු අදාළ වීම සහ එම පනතේ විධිවිධාන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ට අදාළ වන පරිදි පුළුල් කිරීම පිණිස වන විධිවිධාන ඇතුළත් කරමින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා සාර්ලිමේන්තුව චෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
24.බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළව්‍යාකරණය කිරීම
මැද පෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ආර්ථිකයට ඇති වන බලපෑම සමනය කිරීමට රජය විසින් මේ වන විට විවිධ කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත. ඊට සමගාමීව අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම කහවුරු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් කළමනා කරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම සහ බදාදා දින අත්‍යවශ්‍ය නොවන සේවා සලසනු ලබන රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව ගෙවීම නැවත දැනුම දෙන තුරු 2026-03-01 දින පැවති ඉන්ධන මිල මත පදනම්ව සිදු කිරීමටත්, ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා ද 2026-03-01 දින පැවති ඉන්ධන මිල මත පදනම්ව සිදු කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීම
මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනා කරණය කර ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/- ක් දක්වා සහ ඔටෝ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 100/- ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙතගෙවීම මහින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







